Beauty
නිවෙසේ දී කරන මේ ප්‍රතිකාරයෙන් සැබෑම ලස්සනක්
ලස්සන වෙන්න, නිරෝගී වෙන්න අපි කවුරුත් කැමැතියි. මාසෙකට මේ සඳහා වැය වන මුදල හා කාලය ගණනය කළොත්..? දහස් ගණන් මුදල් හා පැය ගණන් කාලය ඔබට කොතරම් නම් අහිමි වී ඇතිද? ඒත් ඇතැම් විට ඔබගේ රූපලාවණ්‍ය ගැටලු, සෞඛ්‍ය ගැටලු සඳහා ඔබට ලැබුණේ තාවකාලික විසඳුම් විය හැකියි.
ලස්සන වෙන්නත් නිරෝගී වෙන්නත් හැකියාව ඇති දෙයක් අද අපි ඔබට හඳුන්වා දීමට සූදානම්. රූපලාවණ්‍ය ගැටලු සඳහා සිදු කරන ප්‍රතිකාර හා ප්‍රතිකර්ම බාහිර හා අභ්‍යන්තර වශයෙන් දෙයාකාර වේ. අපි වර්තමානයේ පුරුදු වී සිටින ෆෙෂල්, පැක් වැනි දේ අයත් වන්නේ බාහිර ප්‍රතිකාර සඳහායි. බොහෝ දෙනා ලස්සන වීම සඳහා මෙවැනි ප්‍රතිකර්ම පමණක් සිදු කිරීමට පෙලඹී සිටිති. එහෙත් තමාට ඇති රූපලාවණ්‍ය ගැටලුව නැතිකර ගැනීමට නම් අනිවාර්යයෙන් ම අභ්‍යන්තර ප්‍රතිකාර සිදු කළ යුතුයි. එසේ වන්නේ අපිට පෙනෙන ඇතැම් බාහිර රෝග ලක්ෂණවලට හේතුව සිරුර අභ්‍යන්තරයේ තිඛෙන්නට හැකියාව ඇති නිසයි.
බොහෝ දෙනකු සිතන්නේ අභ්‍යන්තර ප්‍රතිකාර සිදු කරන්නේ රෝග සඳහා පමණක් බවයි. ඒත් රූපලාවණ්‍ය සඳහාත් වඩා වැදගත් වන්නේ අභ්‍යන්තර ප්‍රතිකාර ක්‍රමයයි. අභ්‍යන්තර ප්‍රතිකාරවල දී ආයුර්වේදයේ ශෝධන ක්‍රමයක් ලෙස බඩ විරේකය නැතිනම් විරේචනය යොදා ගනී. මෙය ආයුර්වේදයේ එන පංචකර්මයෙන් එකකි.
මෙහිදී සිදුවන්නේ ශරීර අභ්‍යන්තරය පිරිසුදු කිරීමයි. අපි මල ලෙස හඳුන්වන්නේ ශරීරයෙන් පිටවිය යුතු අපද්‍රව්‍යයකි. මල නිසි ලෙස පිටනොවීම නිසා රුවට හානි සිදු වේ. නොයෙකුත් රෝගාබාධවලට හේතු වේ. සමේ පැහැපත් බව අඩු වී අඳුරු ස්වභාවයක් ගනී. ඇස් වටා කළු පැහැ වේ. කුරුලෑ අධිකව ඇති වේ. මුළු සිරුර ම ඉදිමුණු ස්වභාවක් ගනී. මුඛයෙන් දුගඳක් හමයි. දහදිය දුගඳ අධික වේ. මෙවැනි ඇතැම් කරුණු රූපලාවණ්‍යයට පමණක් නොව, පුද්ගල පෞරුෂයට ද හානිදායක අයුරින් බලපෑම් සිදු කරයි.
එහෙත් මේ සියලු ගැටලුවලට බඩ විරේකයෙන් සාර්ථක විසඳුම් ලබා ගත හැකිය. මෙම ගැටලු බඩ විරේක කිරේමෙන් විසඳා ගත හැකි නම් අනවශ්‍ය ලෙස මුදල් වැය කරන්නේ කුමකට ද?
බඩ විරේක කිරීමෙන් ඔබට ආහාර අරුචිය නැති වේ. ආහාර හොඳින් ජීර්ණය වේ. ආහාර හොඳින් ජීර්ණය වෙනවා යැයි කියන්නේ ආහාරයේ ඇති සාරවත් කොටස් සිරුරට හොඳින් අවශෝෂණය කරගැනීමයි. අපි විටමින් ඇති ආහාර කොතෙක් ආහාරයට ගත්තත් ජීර්ණ ක්‍රියාවලිය හොඳින් සිදු නොවේ නම් ඉන් ප්‍රයෝජනයක් ලබා ගත නොහැකිය. එය සමේ පැහැපත් බවට ද බලපෑම් කරයි.
කුසගිනි අති වීම, ගැස්ට්‍රයිටීස් හා බඩ පුරවා දැමීම, බඩේ දැවිල්ල නැති කිරීම ද බඩ විරේක කිරීමෙන් ඇති වන වාසි සහගත තත්ත්වයන් ය. ශරීරයේ මල පල්වීම නිසා අම්ලයක් නිපද වේ. ඒ හේතුව නිසා සිදුවන අධික ලෙස හිසකෙස් ගැලවී යාම හා අකලට හිසකෙස් පැසීම ද වළක්වා ගැනීමට ද මේ ප්රතිකර්මය නිසා ඔබට හැකිය.
කෘෂ (අධික සිහින්) අයට, ශරීර ශක්තිය දුර්වල අයට, කුඩා දරුවන්ට හා ගර්භ” මවුවරුන්ට බඩ විරේක කිරීම සුදුසු නැත.
බොහෝ දෙනා බඩ විරේක කිරීමට අකැමැති වන්නේ බඩේ කැක්කුමක් ඇති වී සිරුරට වේදනාවක් ඇති වේ යැයි සිතන නිසයි. එහෙත් ඔබට සාමාන්‍යයෙන් මල පහ කිරීමට යන ආකාරයට වැඩි වාර ගණනක් පමණක් මෙය සිදු වේ. වෙනත් කිසිදු අපහසුතාවක් ඇති නොවේ.
ඔබට නිවෙසේ දීම සිදු කළ හැකි සරල විරේකයක් පහතින් දැක් වේ.
අරළු කලං 6 ක් හා සූකිරි කලං 6 ක් ගෙන හොඳින් කුඩුකර තැඹිලි ගෙඩියක ඇස්ස කපා ඉන් වතුර ස්වල්පයක් ඉවත් කරන්න. ඉන්පසු මේ කුඩු, තැඹිලි ගෙඩිය තුළට දමා ඇස්ස වසා රැයක් පින්නේ තබන්න. ( සතුන් කට නොගසන පරිදි) උදෑසන එම තැඹිලි වතුර පෙරා හිස් බඩම පානය කරන්න. මඳ වේලාවකින් ඔබට විරේක වීම සිදුවේ.
මෙහිදී මතක තබා ගත යුතු කරුණක් වන්නේ ඇල් ජලය, ශීතකරණයේ දැමූ ශීත ආහාර පාන, කිරි තේ ආදිය පානය නොකළ යුතු බවයි. එසේ කළ විට බඩ විරේක වීම නැවතීම නිසා විරේකය අසාර්ථක වේ. කිරි නොදැමූ තේ පානය කිරීම සුදුසුයි. එදින ඔබගේ ආහාර පාන සඳහා අධික තෙල්, ලුණු, ඇඹුල්, මිරිස් ඇතුළත් නොකළ යුතු අතර පිටි කෑම ද සුදුසු නොවේ. කිරට සැකසූ එළවළු සම`ග බත් කෑම සුදුසුයි.
තමාගේ ශක්ති ප්‍රමාණය අනුව තවත් විරේක විය යුතු යැයි ඔබට සිතෙන්නේ නම් සීනි දැමූ තේ එකක් පානය කරන්න. බඩ විරේක වූවා ඇති යැයි සිතෙන්නේ නම් වතුර, කෝපි, තැඹිලි වතුර, තැඹිලි ගෙඩියේ කහකඩ කොටස ආදිය ගැනීමෙන් එය නවත්වා ගත හැකියි.
පළමුවෙන් ම සහල් කැඳ ආදිය ආහාරයට ගෙන පසුව සෙමෙන් සෙමෙන් ඝන ආහාර ලබා ගන්න. මස්, මාළු ඊට පසු දින සිට ආහාරයට ගන්න. බඩ විරේකය සිදු කළ දිනයේ ස්නානය කිරීම සුදුසු නැත.
මෙයට අමතරව බඩ විරේකය සඳහා ඔබට විරේක පෙති හෝ අරළු පෙති වුවද භාවිතයට ගත හැකියි. බඩ විරේක කිරීමෙන් පසුව ශරීරය සැහැල්ලු වූ බවක් ඔබට හැෙ`ග්වි.
වාහනයක් සාමාන්‍යයෙන් කිලෝමීටර ගණනක් පැද වූ පසුව සර්විස් කිරීමෙන් එහි තත්ත්වය නැවතත් යථා තත්ත්වයට පත් වන බව ඔබ අත්දැකීමෙන් දන්නවා ඇති. විරේකයක් යනු අපේ සිරුර ද සුද්ධ පවිත්‍ර කොට යථා තත්ත්වයට පත් කිරීමකි. ඒ නිසා මාස තුනෙන් තුනටවත් බඩ විරේකයක් සිදු කිරීම ඔබේ රුවට මෙන්ම සිරුරේ නිරෝගී බවට ද වැදගත් වේ.
පණු ඛෙහෙත්වලින් සිදුවන කාර්ය බඩ විරේකයෙන් සිදු වන කාර්ය හා සමාන නොවන නිසා මේ දෙක දෙකක් බව ඔබ සිහි තබා ගත යුතුයි. සාමාන්‍යයෙන් ආයුර්වේද ප්‍රතිකාර ලබා දීමේ දී පළමුව බඩ විරේකයක් සිදු කිරීමෙන් ලබා දෙන ඖෂධ ශරීරයට මනා ලෙස උරා ගැනීම හා රෝගියා පිරිසුදු කිරීම අපේක්ෂා කරයි.
මල බද්ධය ඇති අයකුට කළ හැකි සරල ම ප්රතිකර්මය වන්නේ ත්‍රිපලා ගුලි දෙකක් රෑ නින්දට යාමට පළමුවෙන් මඳ උණුසුම් ජලය සම`ග බීමයි. නැතිනම් ත්‍රිපලා චූර්ණ උණු වතුරට තේ හැඳි භාගයක් දමා තැම්ඛෙන්නට හැර කෝපි මෙන් වත්කර රාත්‍රී නින්දට පෙර බොන්න. මෙය දිනපතා භාවිත කිරීමට ද සුදුසුයි.
ගස් ලබු, ඛෙලි වැනි පලතුරු වැඩියෙන් ආහාරයට ගැනීම ම`ගින් ද මල බද්ධය වළක්වා ගත හැකියි.
ත්රිපලාවල අඩංගු වන්නේ අරළු, බුළු, නෙල්ලි බැවින් මල බද්ධය නොමැති අයකුට වුවද ත්‍රිපලා දිනපතා භාවිත කිරීම සුදුසුය. නිරෝගී බවටත්, අලංකාර රුවකටත් හිමිකම් කීමට මෙම`ගින් ඔබට හැකියාව ලැබේවි.
(under the courtesy of goodhousekeeping.lk web)