Life
නිවුන් ගර්භණි තත්වයක අවදානම
නිවුන් දරුවන් පිළිසිඳ ගැනීමක් සිදු වුනොත් ඔබ පරෙස්සම් වෙන්න ඕනේ කොහොමද කියලා අපි මිට පෙර ලිපියකින් ඔබව දැනුවත් කළා.
නිවුන් දරු උපතක් ඇතිවෙන්නේ කොහොමද?
නිවුන් ගර්භනී අවස්ථාවක් ස්වභාවික ලෙස ඇති වෙන්නට පුළුවන්. එසේත් නැති නම් මදසරුභාවයට දිඹ මේරීමට කරන ප්‍රතිකාර වල ප්‍රතිඵලයක් ලෙස ඇති වෙන්නටත් පුළුවන්.
නිවුන් ගර්භණී තත්ත්වයක් ඇති වීමට බලපාන මව හා සම්බන්ධ කරුණු කිහිපයක් තිබෙනවා.
මවගේ වයස අවුරුදු 35 ට වඩා වැඩි නම් නිවුන් දරු උපතක් ඇති වීමේ ඉඩක් තිබෙනවා.
පවුලේ ඥාතියකුට නිවුන් දරු උපත් සිදුවී තිබීමත් ඔබට නිවුන් දරුවකු ඇති වෙන්නට ඉඩ ඇති බව දන්වනවා. (විශේෂයෙන් මවු පාර්ශවයේ)
මීට පෙර නිවුන් ගර්භනී අවස්ථාවක් ඇති වී තිබෙනවා නම් නැවත ඔබට නිවුන් දරු උපතක් ඇති වෙන්නට පුළුවන්.
නිවුන් දරුවන ගැබ් ගැනීමක් කියන්නේ ඔබ ඉන්නේ සාමාන්‍ය ගැබ් ගැනීමකට වඩා අවදානම් තත්වයක. මේ නිසා නිවුන් ගර්භනී අවස්ථාවක් නිසා සිදුවිය හැකි අවදානම් තත්ත්වයන් ගැන දැනුවත් වී සිටීම වැදගත් වනවා.
අඩු බර හෝ නොමේරූ ළදරුවන් බිහිවීම.
මන්ද මානසික දරුවන් බිහිවීම.
මළ දරු උපත් ඇතිවීම.
අංගවිකල දරුවන් බිහිවීම.
නමුත් මෙහිදී ඔබට විශේෂයෙන් කිව යුතු කරුණ වන්නේ අපි පෙර සඳහන් කල පරිදි ප්‍රවේසම් වුවහොත් ඔබට දරුවාගේ මෙන්ම ඔබෙත් ඇති විය හැකි අවදානම් තත්ත්ව පහසුවෙන් මග හරවා ගන්නට පුළුවන් බවයි. මේ නිසා ඒ ගැන එතරම් බිය විය යුතු නැහැ. අවදානයෙන් සිටියාම ඇති.
නිවුන් ගර්භනී අවස්ථාවක් හඳුනා ගැනීම නම් අල්ට්රා සවුන්ඩි ස්කෑන් පරීක්ෂණයක් මගින් තහවුරු කල යුතුයි.
නිවුන් ගර්භණී තත්වයකදී සාමාන්‍ය ගැබ් ගැනිමක ඇති වන ලක්ෂණ වලට වඩා වෙනස් ලක්ෂණ ඔබට අථිඋ වෙන්නට පුළුවන්.
මුල් මාස 3 ඇතුළත සාමාන්‍ය තත්වයට වඩා අධික ලෙස වමනය යාම සිදු විය හැකියි.
ගර්භාශයේ ප්‍රමාණය නියමිත ගණනට වඩා වැඩි වීම සිදු වේවි. මොකද දරුවෝ දෙන්නෙක් නේ.
එවිට මවගේ බර වැඩිවීම නියමිත ප්‍රමාණයට වඩා අනිවාර්යෙන් වැඩි වෙනවා. මෙය බිය විය යුතු තත්වයක් නොවෙයි. එයින් කියවෙන්නේ ඔබේ දරුවන් දෙදෙනාම හොඳින් වැඩෙන බවයි.
එසේ නොවුවහොත් යම් වර්ධනයේ ගැටළුවක් තිබෙනවා විය හැකියි. මේ ගැන විශේෂයෙන් ඔබේ වෛද්‍යවරයාගෙන් අසා දැනගන්න.
Wmqgd .ekSu u