Life
නිවැරදිව කිහිලි වල රෝම ඉවත් කරගන්න
අනවශ්‍ය රෝම ඉවත් කිරීම කාන්තාවන් මෙන්ම පිරිමි අයත් සිදු කරනවා.
අත යට රෝම ඉවත් කිරීමේදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක්ම තිබෙනවා.
වෙලඳ දැන්වීම් වල පෙන්වන ආකාරයට කිසි විටෙක කිහිළි ප්‍රදේශයේ Deodrant තවරන්න යන්න එපා. මොකද කිහිලි ප්‍රදේශයේ තිබෙන්නේ සියුම් සමක්. මේ මත කෘත්‍රිම ආලේපන තැවරීම මගින් එය පිළිකා කාරක වීමට ඉඩ තිබෙනවා.
කිහිලි වල රෝම ඉවත් කිරීමට රේසරය භාවිතා කිරීම හැකි පමණ අවම කරන්න. මෙමගින් කිහිළි ප්‍රදේශයේ සියුම් සම සීරීමෙන් අවපැහැ ගැන්වීම වේගවත් වනවා. රෝම ඉවත් කිරීමට Trimmer එකක් පාවිච්චි කරනවා නම් වඩා හොඳයි.
රේසරය භාවිතා කරන්නේ නම් අනිවාර්යයෙන්ම Shaving cream හොඳින් තැවරීමෙන් පසුව තද කිරීමෙන් තොරව ඉතාම මෘදුව සැහැල්ලූවෙන් රෝම වැවී ඇති දිශාවටම පමණක්, රේසරය ගෙන යන්න.
කිසි විටක සබන් භාවිතයෙන් වලකින්න.
එකම තැන දෙපාරක් රේසරය ඇතිල්ලීමෙන් වලකින්න. සේදීමෙන් පසුව දැවිල්ලක් ඇති වේ නම් සමට හානි වී ඇත. සතියකට දෙවතාවකට Raser කිරීමෙන් වලකින්න. සෑම මසකටම වරක් අලූත් රේසරයක් භාවිතා කරන්න.
මේ මගින් ඔබේ කිහිලි ප්‍රදේශයේ රෝම ඉවත් කිරීම වඩා සෞඛ්‍ය සම්පන්නව කරගත හැකි වේවි.
Wmqgd .ekSu taIshka