Life
නිවැරදි ආයුර්වේද ප්රතිකාරවලින් දියවැඩියාව සුවකළ හැකියි
රෝග නිට්ටාවටම සුව කිරීම සඳහාම නිර්මාණය වූ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය නිවැරැදිව භාවිතා කළ විට සුවකළ නොහැකි යයි වර්තමානයේ සම්මතව පවතින දියවැඩියාව ඇතුළු බොහොමයක් රෝග නිට්ටාවටම සුවකළ හැකියි.
දියවැඩියාව සුවකළ හැකි රෝගයක් බව පැවසූ විට ඇස් උඩ තියාගෙන විමතියෙන් බලන්නේත්, එය කිසිසේත්ම සුවකළ නොහැකි යෑයි තර්ක විතර්ක ඉදිරිපත් කරන්නේත්, සුව කරන ක්‍රමවේදය හඳුනාගෙන නොමැති නිසායි. යම් විදියකින් දියවැඩියා රෝගය වැළඳී ලේ වල ග්ලූකෝස් මට්ටම ඉහළ ගිය විට ඒ පිළිබඳව පමණක් සලකා බලා ලේවල ග්ලූකෝස් මට්ටම පහත හෙළීමට ඖෂධ යොදා රෝගය පාලනය කරමින් සිටීම ජයග්‍රහණයක් නොවෙයි.
කළ යුත්තේ ලේවල ග්ලූකෝස් මට්ටම පාලනය කිරීමට මුල්වන අග්න්‍යාශය දුර්වල වූ හේතු සොයා බලා එම දුර්වලතාව මඟහැරවීමට පිළියම් යෙදීමයි.
රෝග නිධානය සොයා ප්‍රතිකාර කරන නියම ආයුර්වේද වෛද්‍ය ක්‍රමය එයයි. මුලින්ම කළ යුත්තේ මධ්‍යසාර භාවිතය, අධික ආම්ලිකතාවයකින් යුත් ආහාර, කෘත්‍රිම රසකාරක සහිත ආහාර, අධික වූ මානසික පීඩනය වැනි වර්තමානයේදී අග්න්‍යාශය දුර්වල කිරීමට හේතුවන කාරණාවන් ගෙන් බැහැර වීමයි.
ඉන්පසු ඇඟට දැනෙන්නට ගුලි - කල්ක, කෂාය ඇතුළත් අංගසම්පූර්ණ ආයුර්වේද ඖෂධ ටිකක් බොන්න පුළුවන් නම් නිට්ටාවටම රෝග සුව කර ගන්න පුළුවන්.
කෂාය කිව්වහමත් කවුරුත් අකමැති ඖෂධ ද්‍රව්‍ය හොයලා කෂාය පත අට සිඳුවලා දිනපතා බොන එක මේ තියෙන කාර්ය බහුලත්වයත් එක්ක කොහොම කරන්නද කියලා හිතෙනවා.
ඒකට පිළියමක් විදියට තමයි කාර්යබහුල රැකියාවන්වල නිරත වෙන විට පවා පහසුවෙන් බොන්න පුළුවන් විදිහට කෂාය වර්ග තම්බලා බෝතල් කරලම දෙන්නේ. සමහර කෂාය වර්ග පෙති විදිහටත් තියෙනවා.
මේ නිසා කෙටි කලක් තුළ මේ පහසුවෙන් භාවිතා කළ හැකි ඖෂධ වැඩි දෙනෙක් අතරේ ජනප්‍රිය වුණා.
මේ ප්‍රතිකාර භාවිතයේදී මුලින්ම සිදු වන්නේ දියවැඩියා රෝගීන් පෙළෙන වේදනාකාරී සංකූලතා සියල්ලම මුලින්ම දුරුවීමයි.
මළබද්ධය ඇත්නම් ඉතාම හොඳින් මළ පිටවීම ආරම්භ වෙනවා. වරින් වර මළ පිටවීම පවතිනවා නම් එය දුරු වී මළ පිටවීම ක්‍රමවත් වෙනවා.
කුසගින්න මඳ බව දුරුවී ආහාර රුචිය වැඩෙනවා. අධික කුසගින්න දුරුවී නිතර නිතර ආහාර ගැනීමේ උවමනාව නැති වෙනවා.
අත්පා හිරිවැටීම, හන්දිපත් රුදාව, තුනටියේ කැක්කුම ඉක්මනින් නැති වෙනවා.
සමේ පවතින පැල්ලම් වගේම කැසීම්, පළු දැමීම් සුව වී හම පැහැපත් වෙනවා. කරකැවිල්ල, හිසේ කැක්කුම, නිතර නිදිබර ගතිය, නින්ද නොයැම වගේම අධික ලෙස කේන්ති යැම දුරු වෙනවා.
නිතර මුත්‍රා පිටවීම සහ මුත්‍රා පිට කිරීමේ අපහසුතා සම්පූර්ණයෙන්ම ඉතා කෙටි කාලයකින් සුව වෙනවා.
රෝගය නිට්ටාවටම සුවකළ නොහැකිය යන මිථ්‍යා මතයෙන් මිදී සුවපත් දිවියක් අරමුණු කරගෙන නිවැරැදි ආයුර්වේද වෛද්‍ය ක්‍රම තුළින් රෝග නිධානයන් ශරීරයෙන් බැහැර කර ගන්නට ඔබේ පූර්ණ අවධානය යොමු කරනවා නම් ග්‍රහනි අජීර්ණය, අරුචි, මළ බද්ධය, අර්ශස්, කොලෙස්ටරෝල්, පෙෂර්, තරබාරුව, හෘද රෝග, හිසේ කැක්කුම, පීනස සහ සියලු සෙම් රෝග, වාත රක්ත, පලු දැමීම, කැසීම් ආශ්රිත චර්ම රෝග, මුත්‍ර රෝග, පුරුෂයන්ගේ ලිංගික රෝග, කාන්තාවන්ගේ ශ්වේත ප්‍රදර (සුදයාම) ඔසප් දෝෂ, දරුඵල පමාවීම ආදී බොහොමයක් රෝග නිට්ටාවටම සුවකළ හැකි බව ඔබ දැනගත යුතුම කරුණක්.
Wmqgd .ekSu