ඇස් අදහස් ප්‍රකාශ කිරීමට හැකි ප්‍රබල මාධ්‍යක්. දීප්තිමත් නෙත් සගලකින් යුවතියන්ගේ මුහුණට ලැබෙන්නේ උතුරා යන සුන්දරත්වයක්.
නිරෝගීමත් නෙත් සඟලක් සඳහා ඇස් හොඳින් ආරක්ෂා කර ගත යුතුයි. ඇස් වලට
වැළඳෙන විවිධ රෝග වලින් ඇස් වල පෙනීමට වගේම ලස්සනටත් බාධා ඇති වෙන්නට
පුළුවන්.
මේ තියෙන්නේ අක්ෂි රෝග ඇති වෙන්නට මුලික වන හේතු කිහිපයක්. මේවා අපි අතින් නොදැනුවත්වම සිදු වන වැරදි.
* අව්වේ සිට ආ විගස දිය නෑම
* ඉතා දුර තිබෙන වස්තූන් දෙස දීර්ඝ වේලාවක් බලා සිටීම
* ඉතා සියුම් වස්තූන් දෙස අපහසුවෙන් බලා සිටීම
* නිදි විපර්යාසය හෙවත් දහවල නිදා ගැනීම හා රෑ නිදි වැරීම
* දුම්, දුහුවිලි ඇති ස්ථානවල නිතර සිටීම
* ද්‍රව අධික ආහාර නිතර නිතර රාත්‍රියට ගැනීම
* අධික ලෙස මත්පැන් පානය
* ඍතු විපර්යාසය
* ප්‍රමිතියෙන් තොර අව් කණ්ණාඩි පැළඳීම
* ප්‍රමිතියෙන් තොර සිවි කාච පැළඳීම
* ළඟ සිට රූපවාහිනිය නැරඹීම
* නිතර කම්පියුටර් තිරය මත හිදගෙන සිටීම
ඉහත සඳහන් හේතුවලින් වැළකී සිටීමෙන් ඔබටත් නිරෝගී දීප්තිමත් නෙත් සගලක් උරුම කරගත හැකි වේවි.
නිරෝගීමත් නෙත් සගලකට ගෙදරදීම ඔබට කර ගන්නට පුළුවන් සරල ප්‍රතිකාර විධි කිහිපයක් තමයි මේ.
* පිපිඤ්ඤා පෙති හෝ අල පෙති දෑසමත තබා සිටීම
* කෝමාරිකා මදය දෑසමත තබා සිටීම
* තේ කොළ මන්ඩිවලින් පොට්ටනි දෙකක් සාදා දෑසමත තබා සිටීම
නමුත් මෙහිදී භාවිතා කරන ද්‍රව්‍ය වල පිරිසිදු කම ගැන සැලකිලිමත් වෙන්නටත් ඕනෑ.
නිරෝගීමත් නෙත් සගලකට ඔබට කල හැකි ව්‍යායාම ආකාර කිහිපයක් ගැනත් ඔබව
දැනුවත් කරන්නම්. මේ මගින් ඇසේ මාංශ පේශි වලට හොඳ ව්‍යායාමයක් ලැබෙනවා. මෙය
ඔබේ ඇස වල යහ පැවැත්මට හොඳ දෙයක්. දවස පුරාම ඇස වෙහෙසවන ඔබට විනාඩි
කිහිපයකින් ඇස වලට විවේකයක් ලබා දෙන්නට මේ මගින් හැකි වනවා.
* ඉහළ සිට පහළටත්, පහළ සිට ඉහළටත් වාර 10 බැගින් බැලීම
* වම් පස සිට දකුණු පසටත්, දකුණු පස සිට වම් පසටත් වාර 10 බැගින් දෙපස බැලීම
* වම් පස සිට දකුණු පසටත්, දකුණු පස සිට වම් පසටත් වාර 10 බැගින් ඇස කරකවමින් බැලීම
Wmqgd .ekSu taIshka