Health
නිදා ගැනීමේ නිවැරදි ක්‍රමය
කාර්යබහුල ජීවිත ගත කරන සෑම කෙනෙකුම වෙහෙසකර දිනයක් නිමකර සුවබර නින්දක් පතා පිය
නගන්නේ නිදන ඇඳ වෙතය.
නිදා ගැනිම සඳහා බොහෝදෙනා අපේක්ෂා කරන්නේ ඉතා සුමට, මෘදු පුළුන් පිරවූ නැතහොත්
කුෂන් කරනු ලැබූ මෙට්ටයක් සහිත යහනක්ය. නොයෙකුත් වෙළඳ සමාගම් මඟින් ප්‍රචාරය කරනු
ලබන වෙළඳ දැන්වීම් මඟින් ද මෙම ආශාව වැඩි කරයි. එහෙත් එවැනි මෘදු මෙට්ටවල නිදාගන්නා
ඔබ පසුකලෙක නොයෙකුත් රෝගාබාධවලට ගොදුරු විය හැක. විශේෂයෙයන් කොන්දේ වේදනාව හා
බෙල්ලේ වේදනාව මේ නිසා ඇතිවිය හැක. එබැවින් සුවබර නිරෝගි නින්දකට සුදුසු වන්නේ
සමතලා තරමක් තද මෙට්ටයක් සහිත යහනක් බව මතක තබා ගන්න.
ඔබ නිදාගන්නා ඇඳ වඩා උස් නොවිය යුතුය. එය පහසුවෙන් බිමට බැසීමටත් නැගීමටත් හැකි
ඇඳක් විය යුතුයි. තනි පුද්ගලයෙක් නිදාගන්නා ඇඳක් සාමාන්‍යයෙන් අඩි 6ක් දිග අඩි 3
1/2ක් පළල ඇඳක් විය යුතුය. නිදාගන්නා ඇඳ ඔබේ උසට ප්‍රමාණවත් නොවූයේ න ඔබ
නොදැනුවත්වම වකුටු වී නැතහොත් වැරදි ඉරියව්වකට නිදා ගනී. මෙවැනි වැරදි ඉරියව්වලට
දිගුකලක් නිදා ගැනීමෙන් කොඳු ඇට පෙලේ විකෘතිතා ඇති වේ.
හිසට එක කොට්ටයක් පමණක් සුදුසුය. කොට්ටය වඩාත්ම සුදුසු වන්නේ දෙපස පුලුන් වැඩි මැද
පුලුන් අඩු සමනලාකාර කොට්ටයකි. ඉතා උසට කොට්ට තබා නිදාගැනීමෙන් කාලයකදී බෙල්ලේ
වේදනාව අත දිගේ දිවයන වේදනා ඇතිවිය හැක.
Wmqgd .ekSu