Life
නිතර විලාසිතා කරන කාන්තාවන්ගේ රහස්
අලුතින් එන විලාසිතා අනුව හැඩවීමට ඔබත් කැමැති ඇති. ඒත් සමහර විට මේ විලාසිතා ඔබට නොගැළපෙන නිසා අපහසුතාවට පත් වෙන්නත් පුළුවන් වේ. මේ නිසා නිතර නවීන විලාසිතා කරන සුන්දර කාන්තාවන්ගේ විලාසිතා පුරුදු කිහිපයක් ගැනයි මේ කියන්නේ.
01. විලාසිතා සඟරා කියවීම
කාලයෙන් කාලයට අලුත් වන විලාසිතා ගැන නව සඟරා බැලීමක් හා අන්තර්ජාලය පරිහරණයෙන් ඔවුන් දැනුම ලබාගන්නවා.
02. බ්ලොග් පරීක්ෂාව
අන්තර්ජාලයේ බ්ලොග් නිර්මාණය කර තම නව විලාසිතා ගැන නිතර එහි අදහස් හුවමාරු කරන්නන් ගැන නිතර අවදියෙන් සිටිනවා. ඒවා පරිහරණයෙන් නව විලාසිතා සොයා යනවා.
03. හොඳ ඇඳුම් මසන්නෙක් තෝරා ගැනීම
ඔබ කෙතරම් කැමැති ඇඳුම් විලාසිතා තිබුණත් එය සිරුරේ ප්‍රමාණයට වඩා වැඩි හෝ අඩු විය හැකිය. මේ නිසා ඔවුන් සිරුරට ගැළපෙන මනා නිමාවෙන් යුත් ඇඳුම් විලාසිතාවක් මසා ගත හැකි පලපුරුදු ඇඳුම් මසන්නෙක් තෝරා ගන්නවා.
04. ච්පර ඛ්තඥචද කරන ඇඳුම් මඟ නොහරින්න
ඇඳුම් පිරිසුදු කරන ක්‍රමයක් වන ච්පර ඛ්තඥචද කිරීම තරමක් අපහසු වුණත් මේ හේතුව නිසා ඔවුන් කැමැති ඇඳුම් විලාසිතා මඟහරින්නේ නැහැ.
05. ඇඳුමේ ලේබලය සලකන්නේ නැහැ
විවිධ ඇඳුම් විලාසිතාවල ඇති ලේබල්වල සඳහන් වන ප්‍රමාණ විටින් විට වෙනස් විය හැකියි. මේ නිසා ඇඳුමේ ප්‍රමාණය ගැන සිතමින් විලාසිතාවලින් අෑත් වීම සුදුසු නැහැ. ඇතැම් විට සිරුරේ ප්‍රමාණයට වඩා විශාල වුවත් ඒ විලාසිතාවෙ ප්‍රමාණයට සිරුරට ගැළපෙන අවස්ථා තිබිය හැකියි.
06. කැමැති දේ මිලදී ගැනීම
සාප්පු සවාරි යන විට කැමැතිම ඇඳුමක් ඇත්නම් ඔවුන් කෙසේ හෝ එය මිලදී ගන්න උත්සාහ කනරවා.
07. නවීන පන්නයේ විලාසිතා තෝරා ගැනීම
විලාසිතා කිරීමට කැමැති කාන්තාවන් නිතරම අලුතින් එන විලාසිතා ගැන උනන්දු වන අතරම ඒවා භාවිත කිරීමට උත්සාහ ගන්නවා. සියලුම නව විලාසිතා අත්හදා බැලිය යුතු යැයි මින් අදහස් කරන්නේ නැහැ. පෙනුමට හා සිරුරට ගැළපෙන විලාසිතා පමණක් තෝරා ගැනීමට වග බලා ගත යුතුයි.
08. ඇඳුම් සාප්පුවල සේවකයන් සමඟ සුහද වන්න.
කැමැති ඇඳුම් විලාසිතා තෝරා ගැනීමට නිතරම යන සාප්පුවල සේවකයන් සමඟ සුහද වන්න. එවිට ඔබට අලුත් ඇඳුම් විලාසිතා තෝරා ගැනීම පහසුවක් වෙයි.
11. හැමවිටම යමක් මිලට ගන්නට සූදානම්ව සිටීම
සාප්පු සවාරි යන හැම අවස්ථාවකම ඇඳුම් මිලදී ගත යුතු නැත. නමුත් ඔබ කැමැති ඇඳුම් විලාසිතාවක් හදිසියේ දුටුව හොත් මිලදී ගැනීමට සූදානම්ව අතේ මුදල් තබාගැනීම ඔවුන් අමතක කරන්නේ නැහැ.
12. විලාසිතාවලට හා කැමැත්තට ඉඩදෙන්න
සිරුරට වඩා උචිත වන්නේ සරල විලාසිතා වන්නට පුළුවන්. මේ නිසා සිනමා තරු හෝ මෝස්තර නිරූපණ ශිල්පීන් කරන විලාසිතා නොගැළපෙන්නත් පුළුවන්. එය දේශගුණයට, සිරුරට හා පෙනුමට වඩා උචිත වන්නක් විය යුතු බව ඔවුන් නිතර සිතනවා.
13. පහසුව හා ආත්ම විශ්වාසය 90%ක් තිබීම වැදගත්
විලාසිතා කොපමණ කළත් එය ශරීරයට සුවපහසු වීම වඩා වැදගත්. කෙතරම් නවීන විලාසිතාවක් වුවත් එය ආත්ම විශ්වාසයෙන් යුතුව වඩා සුවපහසුව ඇඳ සිටීමට හැකි විය යුතුයි.
14. නිසි නිමාවෙන් යුතු ඇඳුම් තෝරා ගැනීම
නව විලාසිතා අනුගමනය කරන කාන්තාවන් හැමවිටම තෝරා ගන්නේ ගුණාත්මක නිමාවෙන් යුතු ඇඳුම් ආයිත්තම්ය.
15. අවස්ථාවට අනුව ඇඳුම් තෝරා ගන්න.
විලාසිතා කරන්නන්ගේ අනන්‍යතාව අතර විවිධ අවස්ථාවන්ට අනුව විලාසිතා ගළපා ගැනීම මූලික සාධකයක්.
16. ආභරණ තෝරා ගැනීමට දැනුවත් වන්න.
ඇඳුම් විලාසිතාවේ වර්ණයට හා ආරයට ගැළපෙන ආයිත්තම් තෝරා ගැනීමට දැනුවත් වන්න.
17. මිල අධික විලාසිතා තෝරාගන්න
මිල අධික සියලුම ඇඳුම් නවීන විලාසිතාවට අයත් නොවේ. මිල අධික ඇඳුම් ආයිත්තම් මනා නිමාවකින් ඇති නිසාත් වැඩි ආකර්ෂණිය බවක් පෙන්වන නිසාත් එවැනි විලාසිතා තෝරා ගැනීමට නිතර විලාසිතා කරන කාන්තාවන් උනන්දු වෙනවා.
Wmqgd .ekSu u