Beauty
නිතර මඟහැරෙන රූපලාවණ්‍ය ක්‍රම
මේකප් බුරුසු නොසේදීම
මුහුණේ ෆවුන්ඩේෂන් ගල්වන හා ඇස් පිහාටු මත වර්ණක ගල්වන බුරුසු ආදිය
භාවිත කිරීමෙන් පසු පිරිසුදු කිරීමට සිහි තබා ගන්න. නැත්නම් විටින් විට
වර්ණක හා එම නිෂ්පාදන මෙම බුරුසුවල රැඳී තිබීමෙන් පසුව එයම නැවත භාවිත
කිරීමෙන් සමේ ආසාදන තත්ත්ව ඇතිවිය හැකියි.
දිනපතා ෂැම්පු යෙදීම අවශ්‍ය නැහැ
දිනපතා ඔබේ හිසකෙස් ෂැම්පු හා
කන්ඩිෂනර් යොදා සේදීමට අවශ්‍ය නැත. හිසකෙස්වල ඇති ස්වභාවික තෙල් සහිත බව මේ
හේතුවෙන් නැතිව ගොස් හිස සම හා හිස කෙස්ද වියළි වීමට එය බලපායි.
කන්ඩිෂනර් වැඩිපුර භාවිතය
ඇතැම් අය මුළු කොණ්ඩයටම හා හිසටත් ෂැම්පු හා කන්ඩිෂනර් භාවිත කරයි. නමුත් මෙය කෙස් ගසේ මුලටද හානිකර විය හැකියි.
මුහුණ මෙන්ම බෙල්ල
මුහුණේ සම පැහැපත් කිරීමට ක්ලෙන්සර් හා තෙතමනය
ආරක්ෂා කරන ආලේපන ගල්වනවා සේම බෙල්ලෙ සමටද මෙම සත්කාර කිරීම වැදගත්ය.
මුහුණ මෙන්ම බෙල්ලෙ පැහැපත් බව ගැනත් සිතන්න.
ඉවසිලිමත්ව මේකප් කරන්න
මේකප් ගැල්වීමට පෙර තෙතමනය ආරක්ෂා කරන
ක්‍රීම් වර්ගයක් මුහුණේ ගල්වන්න. එය වියළීමට හැර මිනිත්තු කීපයකට පසු
ෆවුන්ඩේෂන් ආලේප කරන්න. මෙහිදී ඔබට ඉවසිලිමත්ව කටයුතු කිරීමට සිදුවන්නේ එය
අතපසු වුවහොත් මේකප් එකේ නිමාවක් දැකිය නොහැකි නිසයි.
හිසකෙස් ආරක්ෂා කිරීමේ නිෂ්පාදන
හිසකෙස් වියළන යන්ත්‍ර භාවිතයට
හෝ ස්ට්‍රේට් කිරීමට පෙර හැමවිටම හිසකෙස් ආරක්ෂා කරන සුදුසු නිෂ්පාදනයක්
යොදා ගැනීමට සිහිතබා ගන්න. නැත්නම් හිසකෙස් අග හා මුල වියළි වී කෙස් ගස්
කැඩී යා හැකියි. නිරෝගී කෙස් කලඹකට එය බාධාවකි.
කණ්ණාඩිය අසලටම වී ඇස් බැමි සකසන්න
කණ්ණාඩිය දෑස් ළඟට කර තබා ගැනීම ඔබේ ඇහි බැමේ හැඩය මනා නිමාවකින් තබා ගැනීමට හා ඒවා නිසි ලෙස ගැලවීමටද පහසුවකි.
Wmqgd .ekSu u