Health
නාසයට වද දෙන ලෙඩේ
හැමදාම උදේ නැඟිටින කොටකිවිසුම් යනවා ඉවරයක් නැහැ
මගේ නහය බ්ලොක් වෙලා හුස්ම ගන්න බැහැ
මගේ නහයෙන් ලේ යනවා
හැමවෙලේම උගුරට සෙම එනවා
මෙවැනි මැසිවිලි නඟන ඇතැම් පිරිස් ඔබට එදිනෙදා ජීවිතයේ මුණ ගැසෙන්නට ඇතිග බොහෝවිට ඔබේ ආච්චිල සීයා හෝ මැදිවියේ පුද්ගලයෙක් ඔබට පවසන්නේල මේක ඉතිං පීනස අමාරුවනේ කියලයිග කවුරු කෙලෙස කීවත් මෙය පීනස් අමාරුව ද කියා අපි උගුර කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගෙන් ගෙන් අසා දැනගනිමුග
පීනස අප අතර බහුලව කථාබහට ලක්වන රෝගයක් අප සමාජයේ බොහෝදෙනෙකු යම් ප්‍රමාණයකට හෝ මෙම රෝග ලක්ෂණවලින් පෙළෙන බව නොරහසකිග ඇත්තටම මේ පීනස කියන්නේ කුමක්දරෑ වෛද්‍ය විද්‍යානුකූලව (Rhinitis) ලෙස හඳුන්වන මෙම රෝග තත්ත්වය අසාත්මිකතා නිසාත්ල වෙනත් හේතු ගණනාවක් නිසාත්ල නාසය තුළ ඇති ශ්ලේෂ්මල පටලයේ හා ආශි‍්‍රතව ඇතිවන වෙනස්කම් ලෙස පැවසිය හැකියිග මෙම වෙනස්කම් නිසා අධිකව කිවිසුම් යාමල නාසයෙන් ගලන දියර ප්‍රමාණය වැඩිවීමල නාසය තුළ ඉදිමීම් නිසා ඇතිවන අවහිරතාල හිසේ කැක්කුමල නාසයේ ලේ ගුලි වශයෙන් නාසයෙන් පිටුපස උගුරට ඒම සහ සෙම ගුලි උගුරට ඒම යනාදි තත්ත්වයන් ඇතිවිය හැකග
පොදුවේ අප සිතන්නේ යම්කිසි අසාත්මිකතාවයන් හේතු කොට නැතහොත් (Allergy) නිසා මේ තත්ත්වය ඇතිවනවා කියායග එහෙත් වෙනත් කරුණු කාරණා මෙයට හේතුවක් විය හැකග මේසා වූ විවිධ හේතූන් නිසා ඇතිවන පීනස් තත්ත්වයන් ඇතැම්විට ඖෂධ මඟින් සම්පූර්ණයෙන් සුව කළ හැකි අතර ඒ සඳහා අනිවාර්යෙන්ම ඔබේ ජීවන චර්යාවේ වෙනස්කම් ද සිදු කළ යුතු වේග උදාග සතුන්ගෙන් ඈත්වීමල නිවසේ දුවිලි අවම කිරීමල ඇඳ ඇතිරිලි කොට්ට දුවිලි මයිටාවන්ගෙන් තොරව තබා ගැනීමෙන් ඔබට නීරෝගී ජීවිතයක් ගත කළ හැකි අතර රෝගය පාලනය කරගත හැකග එසේ නොතිබුණොත් ඉහතින් ඔබට පීඩා කරන හේතූන් ඔබගේ අධ්‍යාපනයට එදිනෙදා ජිවිතේ කාර්යයන් සාර්ථකවය ඉටු කිරීමට බාධා පමුණුවනු නිසැකයග
එසේම මතක තබාගත යුත්තේ ඉහත රෝග ලක්ෂණ සැමවිටම පීනසට පමණක් සීමා නොවන බැවින්ල නිසි පරීක්ෂාවකින් තොරව ඔබ පීනස යැයි අනුමාන කොට ඖෂධ භාවිතය එතරම් යෝග්‍ය නොවන බවයිග මන්දල නාසයෙන් ලේ ගැලීමල අධික දියර ගැලීමල හිසේ කැක්කුම ඇතැම්විට නාසයේ මස් දළුල කෝඨර ප්‍රදාහය මෙන්ම පිළිකා තත්ත්වයකදී ද දක්නට ලැබෙන බැවිනිල එසේම මෙම රෝග ලක්ෂණ දීර්ඝකාලීන පීනස කෝඨර ප්‍රදාහය හා මස්දළු ඇතිවීමට මඟපාදයිග
ඉහත රෝග ලක්ෂණවලින් දිගුකාලීනව ඔබ පීඩා විදී නම්ල ප්රතිකර්මයන්ගෙන් නිසි ගුණයක් නොමැතිනම්ල වහාම වෛද්‍යවරයෙකු මුණගැසී Endoscopy පරීක්ෂණ මඟින් නාසය තුළ ඇති තත්ත්වය හා සංකූලතා හඳුනා ගැනීම වැදගත්යග
තවද මෙවැනි අසාත්මිකතාවයන්ගෙන් දිගටම පෙළෙන රෝගින් ඇතැම් විටල අසාත්මිකතා හඳුනා ගැනිමේ (Allergic Skin test) සඳහා යොමු කිරීමට වෛද්‍යවරයා තීරණය කරනු ඇතග එය රෝගියාගෙන් රෝගියාට වෙනස් වන බවද දැනගත යුතුයග මෙම පීනස වර්ග නැතහොත් ඍයසබසඑසි වඩාත් බහුලව දක්නට ලැබෙන්නේ අසාත්මිකතා නිසා ඇතිවන තත්ත්වය නැතහොත් Allergic
Rhinitis යන තත්ත්වයයිග
මල්වල පරාගල දුවිලිවල සිට මයිටාවන්ල සතුන්ගේ ලොම්ල දේශගුණ වෙනස්වීම හෝ ඇතැම් ආහාර නිසා මෙම තත්ත්වය වර්ධනය විය හැකග ජානමය බලපෑමක් නිසා පරම්පරාවෙන් ඇතිවන බලපෑමක් මේ සඳහා ඇති අතරල එය තීව්ර වන්නේ අනෙකුත් සාධක නිසායග
එසේම ගර්භනී සමයේදී සේම මාසික ශුද්ධ වීම ආශි‍්‍රතව ද සමහරුන් ඉහත සඳහන් කළ රෝග ලක්ෂණ ඇතිවිය හැකග එහිදී ද නාසයේ අවහිරතාල දියර ගැලීම්ල කිවිසුම් යාම ඇතිවන අතර ශරීරයේ හෝමෝනවල ඇති වෙනස්කම් මෙයට බලපායිග
තවත් කොටසකට මෙම පීනස තත්ත්වයන් ඇති වන්නේ නාසය තුළ ඇති ස්නායු අන්ත උත්තේජනය වීම නිසා (Vasomotor Rhinitis) මෙවැනි රෝග තත්ත්වයකදී රෝගියාගේ ඉතිහාසය ඉතා වැදගත් වන අතරල කිසිදු ආහාරයකින් හෝ පරිසරය පාදක කොට රෝගය උත්තේජනය නොවෙයිග ශරීරය තුළින්ම එය ඇති වන බව නිරීක්ෂණය කළ හැකග
Wmqgd .ekSu