Beauty
දොඩම් ලෙල්ලෙන් මේ තරම් දේවල් ලබාගත හැකි බව ඔබ දන්නවාද
දොඩම් කියන්නේ ඉතාමත් රසවත් අපි කවුරුත් කැමැති පළතුරක්. ඒ වගේම දොඩම්වල අඩංගු විටමින් C අපගේ ශරීරයේ නීරෝගී බවට බෙහෙවින් උපකාරී වෙනවා. ඊට අමතරව දොඩම් තුල විටමින් A හා B, පොටෑසියම්, කැල්සියම් වැනි බොහෝවටිනා පෝෂ්‍ය පදාර්ථ සමන්විතයි.
නමුත් ඔබ කවදාවත් හිතලා නැතිව ඇති මෙතරම් ප්‍රයෝජන තිබෙන දොඩම් අපි ආහාරයට ගැනීමේදී විසිකරන ලෙල්ල ඉතාමත් වටිනා බව. දොඩම් ලෙලිවලින් අපගේ බාහිර සුන්දරත්වය වැඩි කරගත හැකි බව ඔබ දන්නවාද?
මෙම ලිපියෙන් කියවෙන්නේ ඒ ආකාරයට දොඩම් ලෙලි භාවිතයෙන් ඔබේ රූප ස්වභාවය වැඩිකර ගත හැකි ආකාර කිහිපයකි.
මේ සත්කාර කිරිමේදී දොඩම් ලෙලි හොඳින් කුඩු කරගන්න අවශ්‍යයයි. ඒ නිසා දොඩම් ලෙලි වේලා කුඩු කර තබාගන්න.
01. black heads සහ white heads ඉවත් කිරීමට
දොඩම් ලෙලි කුඩු වලට මී පැණි එකතු කර පිරිසිදු කර ගත මුහුණේ අලේප කර විනාඩි 15කට පසුව අත් හොඳින් තෙත් කරලා මුහුණ සම්බාහනය කරන්න. සිසිල් ජලයෙන් සෝදා හරින්න.
02. සමේ ඇති වන කුරුලෑ ලප කැළැල් හා අඳුරු ස්වභාවය නැති කරගැනීමට
දොඩම් ලෙලි කුඩු මේස හැඳි 2යි
යෝගට් මේස හැඳි 1යි
මී පැණි තේ හැඳි 1යි
මේ දේවල් හොඳින් මිශ්‍ර කරලා මුහුණේ සහ බෙල්ලේ අලේප කර විනාඩි 20කින් සෝදා ඉවත් කරන්න.
03. දත් වල අව පැහැය ඉවත් කිරීමට
දත් වල ඇති අව පැහැය ඉවත් කරන්න දොඩම් ලෙලි භාවිතා කරන්න පුළුවන්. දොඩම් ලෙල්ලේ ඇතුල් පැත්ත සෙමෙන් විනාඩි 2, 3ක් දත් වල අතුල්ලන්න. ඉන් පසු කට සෝදා හරින්න.
එහෙම නැත්තන් දොඩම් ලෙලි කුඩු වලට වතුර ස්වල්පයක් දමා paste එකක් විදිහට සකස් කර දත් මදින්න.
04. බර අඩු කර ගන්න
දොඩම් ලෙලි වල ඇති විටමින් c ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කරන්න ප්‍රයෝජනවත් වෙනවා.
වෙලා ගත් දොඩම් ලෙලි කිහිපයක් වීදුරුවකට දමා විනාඩි 15ක් පමණ තියෙන්නට හැර දොඩම් ලෙලි ඉවත් කරන්න. එයට මී පැණි මේස හැන්දක් එකතු කර දිනපතා පානය කරන්න.
(under the courtesy of hirutv.lk blog web)