Life
දෙවැනි දරුවකු ගැන සිතන්න හොඳම කාලය මොකක්ද?
මවකට ඇති වටිනාම සම්පත දූ දරුවන්ය. දරු පැටවුන් කිහිපදෙනකු සිටීමෙන් ඇය අවිහිංසක ආඩම්බරයක්, සතුටක් ලබනවා. සැබෑ මාතෘත්වයට සෑම දරුවකුම එක හා සමානයි. සියලුම දරුවන් ඇයට ශරීරයේ කොටස් වැනියි. මවකගේ ස්වභාවය එය වුවත් තම අලුත් සොයුරා, සොයුරිය දෙස වැඩිමල් දරුවා නම් ඒ අයුරින් බලන්නේ නැත. පුංචි අමුත්තාව වැඩිමල් දරුවා කෙසේ පිළිගනීවිද? මෙය බොහෝ දරුවන් මුහුණ පාන ගැටලුවකි. දරුවන්ගේ සිත් හරිම සංවේදියි. මේනිසා එක් දරුවකු සිටින මවක් දෙවන දරුවකු ගැන සිහින මවන්නේ වැඩිමල් දරුවා එය කෙසේ බාර ගනීවිද යන සැකය සිත තුළ මවාගෙනයි.
සැබැවින්ම මවකට දෙවන දරුවා ගැන සිතන්නට ඇති හොඳම කාලය කුමක්ද?වැඩිමල් දරුවාගේ වයස අවුරුද්ද නම්,පළමු දරුවාගේ වයස අවුරුද්දක්ව තිබියදී දෙවන දරුවා ලැබීම, පළමු දරුවාට සෙල්ලම් කිරීමට සහයකයකු මවා දීමක් වැනියයි කියා මනෝ වෛද්‍ය පැට් පවසනවා.වසරක් පිරුණු දරුවා වෙනුවෙන් ඔබට ගත කිරීමට ලැබෙන්නේ ඉතා කෙටි කාලයකි. වසරක් වූ දරුවා තමාට පවුලේ හිමිවී ඇත්තේ කුමන ස්ථානයක්ද යන්න ගැන අවබෝධයක් නැත. ඒනිසා අලුත් අමුත්තා කෙරෙහි ඊර්ෂ්‍යා උපදවා ගන්නේද නැත. දෙවන දරුවා නිසා මවට පළමු දරුවා සමඟ හොඳ සබදතාවක් ගොඩනගා ගන්නට ලැබෙන්නේ නැත. මෙසේ අඩු පරතරයක් තබා ගැනීමේ අනෙක් අවාසිය නම් මව දරුවන් දෙදෙනා සැසඳීමට පෙළඹීමයි.