Life
දෙවැනි දරු උපතට සූදානම් වන මවට මඟහැරෙන කරුණු
ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය නීලන් කේ. රුද්‍රිගු
සෑම මවක්ම තම දෙවැනි දරු ප්‍රසූතියත් පළමු දරු ප්‍රසූතිය සේම වැදගත් යැයි සැලකිය යුතුයි. ඒ නිසාම පහත කරුණු සියල්ලම දෙවැනි දරු ප්‍රසූතියකට සූදානම් වන මවකට වැදගත් වෙනවා.
දෙවැනි දරු ප්‍රසූතියත් පළමු දරු ප්‍රසූතිය වගේමයි. නමුත් ඔබ දෙවැනි වතාවට දරු පිළිසිඳ ගැනීමකට සූදානම් වනවා නම් තමන්ගේ වයස, රැකියාව, තිබෙන ලෙඩ රෝග ගැන විමසිලිමත් වීම ඉතාම වැදගත්.
දියවැඩියාව, වකුගඩු ආසාදන වැනි තත්ත්වයන් සහ අධි රුධිර පීඩනය තිබෙනවා නම් දෙවැනි දරු ප්‍රසූතිය සුදුසු නැහැ. එයට හේතුව නිදන්ගත රෝග පැවැතියේ නම් ඒවා අඩු වීම නොව තවත් උත්සන්න වීම පමණක් සිදුවන බැවිනි. ඒ නිසා දෙවැනි වතාවට දරුවකු පිළිසිඳ ගැනීමට පෙර තම ප්‍රසව හා නාරි වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කරන්න.
රැකියාව කියන කරුණත් දෙවැනි දරු ප්‍රසූතියට ඉතාම වැදගත්. නිවාඩු ගත හැකිද, උසස්වීම් සම්බන්ධ ගැටලු ඇතිවේද යන්න විමසා බලන්න. වෙනත් සමාජ කටයුතු වැනි දෑ පිළිබඳත් විමසිලිමත් විය යුතුයි.
එසේම ඉහත කිසිදු ගැටලුවක් නොමැති නම් පළමු දරු ප්‍රසූතියෙන් අවම වසරක් හෝ වසර දෙකක්වත් පරතරය තබා දෙවැනි දරු ප්‍රසූතියට සූදානම් විය හැකියි.
පළමු දරු ප්‍රසූතියේදී සිදු වුණු දෑද දෙවැනි දරු ප්‍රසූතියට ඉතාම වැදගත්. පළමු දරු ප්‍රසූතියේදී සිසේරියන් සැත්කමක් කළේද, මළ දරු උපතක්ද, අධි බර හෝ අවම බර සහිත දරු උපතක් සිදු වූයේද යන්න පිළිබඳ සැලකිලිමත් වන්න.
පළමු සති දෙක තුළ සිදුවන ගබ්සා වීමක් දෙවැනි දරු ප්‍රසූතියට කිසිසේත්ම ගැටලුවක් වන්නේ නැහැ. නමුත් සති 15 - 20 අතර කාලයේදී ගබ්සාවක් සිදු වූයේ නම් දෙවැනි දරු පිළිසඳ ගැනීමට පෙර ඒ පිළිබඳ සොයා බලන්න. එලෙස ගබ්සා වීමට හේතු ලෙස විස බීජ ශරීරගත වීමක්ද, ගැබ්ගෙල දුර්වලතා වැනි හේතුද යන්න සොයා බලා දෙවැනි දරු පිළිසිඳ ගැනීමට පෙර එම හේතු වළක්වා ගත යුතුයි.
පළමු දරු ප්‍රසූතියේදී මෙන්ම දෙවැනි දරු ප්‍රසූතියටත් සියලුම වෛද්‍ය පරීක්ෂණ කළ යුතු වනවා. අවශ්‍ය නොවන්නේ ඕතධධඤ ට්පධභන (ලේ වර්ගය) අඩ ගණය යන දෙක පමණි. එසේම දෙවැනි දරු පිළිසිඳ ගැනීමකට යන්නේ නම් පළමු දරු පිළිසිඳ ගැනීමේ වෛද්‍ය පරීක්ෂණ ළඟ තබා ගන්න.
Wmqgd .ekSu u