Beauty
දෙපාවලට සත්කාරයක්
මුහුණ මෙන්ම කාන්තාවන් තම දෙපාවල පැහැපත් බව ගැනත් සැලකිලිමත් විය යුතුයි. මෙම සත්කාර ඔබට නිවෙසේදී වුවත් කළ හැකියි.
දෙපා පිරිසුදු කිරීම
සතියකට වරක්වත් දෙපා ලුණු මිශ්‍ර උණු වතුරේ බහා
තබන්න. හැකි නම් විසබීජ නාශක දියර බිඳු කීපයක් එක් කරන්න. විනාඩි 10ක් පමණ
දෙපා මෙහි බහා සිටින්න. දෙපා හෝ නිය පෙඟී ඇති නිසා දැන් ඔබට පහසුවෙන්
නියපොතු කෙටිව කපා ගන්න පුළුවන්.
මෘදුව නිය පිරිසුදු කරන්න
මඳ වේලාවක් පොඟවා ගත් දෙපාවල නිය අතර
tooth brush එකකින් අතුල්ලා සෝදා පිරිසුදු කරගන්න. පොල් කෙඳිවලින් නිය
පිරිසුදු කිරීම නිසා නියවලට හානි වීම මෙයට හේතුවයි. මෘදු කෙඳි සහිත
බුරුසුවක් මෙයට ප්රමාණවත්ය.
ස්ක්‍රබ් එකක්
මුං ඇට, කඩල පිටි, යෝගට් ස්වල්පයක් හෝ කිරි,
කස්තුරි කහ වැනි ද්‍රව්‍යයන් කිහිපයක් එක්කර මෙම මිශ්‍රණය ක්‍රීම් එකක් ලෙස
සකසා ගන්න. මෙය හොඳින් පාද විළුඹ හා ඇඟිලි අතර අලේප කර හොඳින් පිරිමදින්න.
යෝගට් ද මෙයට මිශ්‍ර වන නිසා සමට තෙතමනය දෙමින් පෝෂණයක්ද ලබාදෙයි. විනාඩි
10ක් පමණ දෙපා මෙම මිශ්‍රණය ගල්වා පිරිමැද සෝදා හරින්න.
සමට ගැළපෙන පැක් එකක්
ඉන් පසුව සම වියළියි නම් අලිගැටපේර හෝ පැපොල් පැක් එකක් සාදා දෙපාවල බුරුසුවකින් ආලේප කරන්න.
තෙල්
සහිත සමට - සුදු හඳුන්, කොකුම් පොතු, කස්තුරි හා මී පැණි එක්කර පැක් එකක්
සාදා ගන්න. මෙම පැක් එක පාදයේ ගල්වා විනාඩි 20කින් පමණ පසුව පිරිමැද තෙත්
කර හොඳින් සෝදා හරින්න. තෙත මාත්තු කරගත් දෙපාවල සුදුසු
Wmqgd .ekSu u