Life
දියවැඩියාවෙන් බේරෙන්න ප්ලාස්ටර් එකක් ගහන්න
දැනට දියවැඩියා රෝගය වෙනුවෙන් දෙන සුලබ එන්නත වනුයේ ඉන්සියුලීන් එන්නතයි. නමුත් මෙය එන්නත් කර ගැනීම රෝගියාට දැඩි වේදනාකාරි අත්දැකීමක් වනවා. දියවැඩියා රෝගීන් එම වේදනාවෙන් මෙන්ම දියවැඩියා රෝගයෙන්ද ගලවා ගැනීමේ අපූරු ක්‍රමයක් ඇමරිකානු පර්යේෂණ කණ්ඩායමක් සමත්ව තිබෙනවා. ඒ ඉන්සියුලීන් එන්නතටත් වඩා හොඳින් ක්‍රියාත්මක වන ස්වයංක්‍රීය අලවනයක් ප්ලාස්ටර් මේ වන විට ඔවුන් හදුන්වාදී තිබෙනවා.
එමගින් අවශ්‍ය අවස්ථාවේ දී පමණක් රුධිරයට ඉන්සියුලින් නිකුත් කරනවා.
ඉතා කුඩා සහ සියුම්ව නිපදවා ඇති මේ උපකරණයට පුද්ගලයකුගේ රුධිරයේ ඇති සීනි ප්‍රමාණය හඳුනාගත හැකිවීම ද ඒ අනුව ස්වයංක්‍රීයව අවශ්‍ය මාත්‍රාව නිකුත් කිරීමට හැකිවීම ද විශේෂත්වයකි.
හතරැස් හැඩයක් ගන්නා මේ අලවනය හෙවත් පැලැස්තරය ඉදිකටු සියයකට වැඩි ප්‍රමාණයකින් සමන්විතය.
ලෝකය පුරා දියවැඩියා රෝගීන් ලක්ෂ 3870ක් මේ වනවිට හඳුනාගෙන සිටියි. 2035 වනවිට එම ප්‍රමාණය ලක්ෂ 5920ක් දක්වා වැඩිවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. පර්යේෂකයන් පවසන්නේ රුධිරයේ සීනි මට්ටම පාලනය කැරගැනීමට දිනපතා ඉන්සියුලින් එන්නත් කැර ගැනීම වේදනාකාරී මෙන් ම නිරවද්‍ය නොවූ ක්‍රමයක් බවයි.
නව සොයාගැනීමේ ඇති ඉතාමත් කුඩා ප්‍රමාණයේ ඉදිකටුවල අන්වීක්ෂීය ගබඩා ඒකක ලෙස ග්ලූකෝස්
Wmqgd .ekSu taIshka