Life
දියවැඩියාවට හා පිළිකාවට හොඳම බෙහෙතක් වෙරළු
වසර 300 කට වඩා ඩ පැරැණි නවගමුවේ පාරම්පරික සිංහල වෙද පරපුරේ වෙද මාතාවක් වූ තලංගම හෙලේනා පෙරේරා මහත්මියගේ මිනිබිරිය වන චාන්දනී වික්‍රමාරච්චි මහත්මිය සර්වාංග රෝග සඳහා මෙන්ම දියවැඩියාව, පිළිකාව, ඇදුම සහ හතිය, අංශභාගය, ආතරයිටිස් යන රෝග සඳහා 100% ක දේශීය වූ ප්‍රතිකාරයක් හඳුන්වා දී ඇති වෛද්‍යවරියකි. විවිධ රෝගවලට ගෙදරදී ප්‍රතිකාර කර ගැනීම සඳහා ඉතා අඩු මුදලක් වැය වන, ගෙදරදීම සාදා ගත හැකි ශාඛසාරමය ඖෂධ හඳුන්වාදීම මේ තීරය ඔස්සේ ඇය සිදු කරන්නීය.
වෛද්‍ය - චාන්දනී වික්‍රමාරච්චි
පසුගිය සති කිහිපය තුළ අප දියවැඩියාව සහ ඇදුම ගැන සාකච්ඡා කළා. මේ රෝග තත්ත්වයන් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ප්‍රතිකාර සහ මෙම රෝග තත්ත්වයන් වලදී පැවතිය යුතු හැටි සහ අනුභව කළ යුතු ආහාර ගැනත් විස්තර කළා. අද නැවත වතාවක් දියවැඩියාව ගැනම ඔබෙන් ප්‍රශ්න කරන්නට අප කල්පනා කළා. එයට හේතුව මේ රෝගයෙන් පීඩා විඳින ලක්ෂ සංඛ්‍යාත රෝගීන් අතුරින් පිරිසක් එසේ කරන ලෙස දුරකථන මාර්ගයෙන් අපගෙන් ඉල්ලා සිටීමයි.
වෛද්‍ය වික්‍රමාරච්චි මහත්මිය - දියවැඩියාව පාලනය කිරීමට ඖෂධවලට මෙන්ම ආහාරවලටත් පුළුවන් බව මෙහිදී සඳහන් කළ යුතුයි. දියවැඩියාව හැදෙන්නේ අග්න්‍යාශයේ තිබෙන සෛල මියගොස් එමගින් තවදුරටත් ඉන්සියුලින් නිපදවෙන්නේ නැති විටයි. දියවැඩියාව සුව වෙනවා කියන්නේ අග්න්‍යාශයේ සෛල සම්පූර්ණයෙන් ම සුවපත් වී ඒවා තුළින් නැවත වතාවක් ඉන්සියුලින් වහනය වීමට පටන් ගැනීමයි. ඒ තත්ත්වය ඇති වූ විට පිටතින් ශරීරය තුළට ඉන්සියුලින් විද ගැනීමේ වුවමනාවක් ඇති වන්නේ නැහැ. එහෙත් අප මතක තබා ගත යුතුයි සමහර පලතුරු වර්ග තිබෙනවා දිගු කාලයක් තිස්සේ ආහාරයට ගත් විට දියවැඩියාව සුවපත් වෙනවා. කාමරංගා කියන්නේ එවැනි සුවිශේෂ පලතුරක්. වැඩි දෙනෙක් නොදන්නවාට දියවැඩියාවට ප්රත්යක්ෂ ගුණ දෙන තවත් පලතුරක් තමයි වෙරළු. ඒ ගැන පසුව විස්තර කියන්නම්.
ප්රශ්නය - දියවැඩියාව සම්බන්ධයෙන් පලතුරු ක්‍රියාත්මක වන්නේ කොහොමද?
වෛද්‍ය වික්‍රමාරච්චි මහත්මිය - දියවැඩියා රෝගීන් නිතර නඟන ප්‍රශ්නයක් තමයි පලතුරු කෑවාට කමක් නැද්ද කියන එක. ඇමරිකාවේ තිබෙනවා දියවැඩියාව ඇතුළු බෝ නොවන රෝග ගැන පර්යේෂණ කරන සුප්‍රකට විද්‍යාගාරයක්. එහි නම Mayo. පසුගිය අවුරුදු 20 තුළ කළ පර්යේෂණවලදී ඔවුන් හඳුනාගෙන තිබෙනවා, දියවැඩියා රෝගීන් විසින් අනුභව කළ යුතු පලතුරු වර්ග සහ ඒවා කවර ප්‍රමාණවලින් අනුභව කළ යුතු ද කියන එක. ඔවුන්ගේ මතයට අනුව දියවැඩියා රෝගියා නිතරම කාබෝහයිඩේ්‍රට් හෙවත් පිෂ්ඨය අඩු
Wmqgd .ekSu