Beauty
දිදුලන සමක් සඳහා යෝගට් භාවිතා කල හැකි ආකාර 05ක්
යෝගට් කියන්නේ විටමින්, ප්‍රෝටීන් ආදීය බහුලව අඩංගුවන ආහාරයක්. නමුත් ආහාරයට ගැනීම පමණක් නෙවෙයි මෙයින් ගත හැකි රූපලාවණ්‍ය ප්‍රයෝජන ද ගණනාවක් තිබෙනවා. විශේෂයෙන්ම සමේ නිරෝගීකම රැක ගැනීම සඳහා යෝගට් විවිධ ආකාරය උපයෝගී කරගත හැකියි. පහත දැක්වෙන්නේ එවන් ආකාර කිහිපයක්.
සමේ තෙතමනය රැක ගැනීම සඳහා
යෝගට්වල ලැක්ටික් ඇසිඩ් සහ ස්වාභාවික ඇල්ෆා හයිඩ්රොක්සි ඇසිඩ් ( alpha hydroxy acid) අඩංගු වෙනවා. එය සමේ සිනිඳු බව සහ තෙතමනය රැක ගැනීමට උදව් වනවා.
ඔබ කළයුත්තේ සතියකට දෙවරක් පමණ මුහුණ හොඳින් සෝදා පිරිසිදු කර, ඝන යෝගට් ආලේපයක් ඔබේ මුහුණේ සහ බෙල්ලේ ආලේප කර විනාඩි 10ක් පමණ තබා හොදින් පිරිසිදු කිරීමයි.
තෙතමනය හා සිනිඳු බව රැකගැනීම පමණක් නෙවෙයි මුහුණේ ඇති ලප කැළැල් මකා දැමීමටද මෙය උපකාරී වනු ඇති.
හිරු එළිය නිසා සමේ ඇතිවූ පිළිස්සුම් ලකුණු මකා දැමීම සඳහා
යෝගට්වල අඩංගු සින්ක් නිසා හිරු එළිය නිසා ඇති වූ පිළිස්සුම් ලකුණු මකා දැමීමේ හැකියාව එයට තිබෙනවා.
මේ සඳහා යෝගට් කෝප්පයකට chamomile essence බිඳු කිහිපයක් දමා මිශ්‍ර කර පිළිස්සුම් ලකුණු ඇති තැන්වල ආලේප කර විනාඩි 10
(under the courtesy of goodhousekeeping.lk web)