රුව ලස්සන කරගන්න උනන්දු වන වැඩි දෙනකුගේ
අවධානය යොමු වන්නේ තමන්ගේ මුහුණ ගැන විතරයි. මේ නිසාම සියලු සත්කාර සඳහා
කාලය වැය කරන්නේ මුහුණ ලස්සනකර ගැනීමට පමණයි.
එමනිසාම බොහෝ දෙනෙක් තමන්ගේ දෑත් පාද සහ නිය කෙරෙහි දක්වන්නේ අඩු
සැලකිල්ලක්. දෑත යනු අප සතුවන වැදගත්ම යන්ත්රයයි. අපේ අත් පා නිතරම පරිසරය
සමඟ ගැටීමට ලක්වනවා. එමනිසා දෑත් දෙපා අපවිත්‍ර වීමේ හැකියාව වැඩියි. යම්
දෙයක් අල්ලා ගැනීමට, ආහාර පීසිමට, ආහාර ගැනීමට යම් යම් දේ සේදීමට අත් භාවිත
කරන නිසා නිය අතර අපද්‍රව්‍ය රැඳීමෙන් පණු රෝග, ආසාදන, බෝවන රෝග පැතිරීමට
ඇති හැකියාව වැඩිවෙයි. පවිත්රතාවයේ මූලික පියවර වන්නේ දෑත් පිරිසුදුව තබා
ගැනීමයි. එලෙසම දෙපා පවිත්‍රව තබා ගැනීම ද වැදගත් කොට සැලකිය යුතුයි.
ඉවුම් පිහුම් කටයුතු හා ගේදොර කටයුතු නිසා නිතරම අත් පා අපවිත්‍ර වන
බැවින් දෑත් දෙපා ලස්සනට තබාගත නොහැකි බව පවසන අය බොහොමයි. නමුත් දෛනික වැඩ
කටයුතුවලින් පසු නිසි ලෙස අත් පා පවිත්‍ර කිරීම කරනවා නම් එවැනි ගැටලු මතු
නොවෙයි. ගෙදර දොරේ පවතින ද්රව්යවලින්ම වැඩි වේලාවක් මිඩංගු නොකොට දෑත්
දෙපා සඳහා නිසි සත්කාරයන් කළ හැකියි. අත් කකුල් කෙරෙහි දක්වන අඩු සැලකිල්ල
නිසාම බොහෝ විට අත් පා වියළීම, දුර්වර්ණතාවය, නියපොතුවල ශක්තිමත් ස්වභාවය
දුර්වල වීම, කොරළ ස්වභාවය, යටිපතුල් පැලීම, සම ගැලවී ඉවත් වී යාම, නිය
දුර්වර්ණවීම, නිය ආශි‍්‍රත ආසාදන තත්ත්ව, ඇඟිලි කරු අතර ඇතිවන කැසීම්, සැරව
ගැලීම්, දුඟද බව ආදිය ඇතිවිය හැකියි. මෙවැනි දෙයින් ප්‍රකට වන්නේ ඔවුන්ගේ
පවිත්‍රතාවය මඳ බව, අපිළිවෙළ සහ සෞඛ්‍ය ගැටලුයි.
දෑත් දෙපාවල සුන්දරත්වය පවත්වා ගන්නේ කෙසේද?
දෑත් දෙපාවල නිය කෙටිවන ලෙස කපා තැබීමෙන් ගේදොර වැඩවලදී නියතුළට කුණු, අපද්‍රව්‍ය ආදිය ඇතුළු වීම වළක්වාලයි.
ගේදොර වැඩ කටයුතු ඉවුම් පිහුම්වලින් පසු අත් හා පාද හොඳින් අතුල්ලා සේදීමෙන් නැවත නැවත අපද්‍රව්‍ය රැඳීමෙන් ආරක්ෂා වේ.
දිනපතාම අත් පා මෘදු බුරුසුවකින් මැද පිරිසුදු කරගත යුතුයි. සතියකට වරක්
හෝ දෙවරක් දෑත් හා දෙපාවලට සිදු කරන සත්කාරය නිවෙසේදීම කරගැන්ම වඩාත්
සුදුසු වේ.
මෙහිදී උණු වතුරට ෂැම්පු ටිකක්, ලුණු ස්වල්පයක් ජෙලටින් ස්වල්පයක් දමා
එම මඳ උණුසුම සහිත වතුර බඳුනේ විනාඩි විස්සක් පමණ කකුල් බහා තැබීම ඉතාමත්
සුදුසුයි.
ඉන්පසු සුදුසු ඖෂධීය කුඩු වර්ගයකින් හෝ ස්ක්‍රබ් එකකින් (කෝපි කූඩු,
ආප්ප සෝඩා, කඩල පිටි, ලුණු කුඩු) අත් පා මෘදු ලෙස පිරිමදිමින් ස්ක්‍රබ්
කිරීම කළ යුතුයි. අවශ්‍ය නම් යටි පතුල් සඳහා පැතලි ගලක් යොදා ගනිමින් මෘදුව
ඇතිල්ලීමෙන් මැරුණු සම ඉවත් වේ. අවසානයේ මඳ රස්නයෙන් යුත් පිරිසුදු ජලයෙන්
අත් පා සේදිය යුතුයි.
දිනපතා රාත්‍රියට සුදුසු ඖෂධීය තෙල් වර්ගයක් අත් පාවල ආලේපකර
සම්බාහනයෙන් සම වියළීම වළක්වා කොරළ ආදිය ඇතිවීම පාලනය කරයි. විඩාබර බවද
දුරු කරවාලයි. ආලේපන ගල්වා තබන්නේ නම් ඒවා නියමිත කාල වේලාවකදී ඉවත් කිරීම
කළ යුතුයි. එසේම අත් පාවල රෝගී තත්ත්වයක් හෝ ගැටලු වෙත්නම් අනිවාර්යයෙන්ම
ඔබ ඒ පිළිබඳ වෛද්‍ය උපදෙස් ලබා ගැන්ම වැදගත්ය.
ඉහත කී ආකාරයෙන් අත් පා ගැනත් වැඩි සැලකිල්ලක් අවධානයක් දක්වනවා නම් එහි නිරෝගීමත් ස්වභාවය හා සුන්දරත්වය පවත්වා ගන්නට ඔබට හැකිවේවි.
curtesy :
www.tharunie.lk
(under the courtesy of goodhousekeeping.lk web)