iranama
දශාව රාහු නම් තීන්දු තීරණ ගන්නේ බලාගෙනයි
අපි යම් කාර්යයක් සිදු කරද්දි ඊට අනපේක්ෂිත බාධා එල්ලවෙනවා නම් අපිට මුලින්ම හිතෙන්නෙ වැඩේ පටන්ගත්තෙ රාහු කාලෙද දන්නෙ නැහැ කියලයි. ඕනෑම සුබ කටයුත්තක් ආරම්භ කරද්දි රාහු කාලය මඟහරවා ගන්න අපේ සමාජයේ හැමෝම උත්සාහ දරනවා. රාහු පිළිබඳ ජනතාව තුළ තියෙන්නෙ එතරම්ම භීතියක්.
මොකද රාහු ස්වභාවයෙන්ම රස්තියාදු කරවන ග්‍රහයෙක් නිසා. ග්‍රහයෙක් කිව්වට රාහු කියන්නෙ ඡායා මාත්‍ර ග්‍රහයෙක්. සත්‍ය වශයෙන් රාහු කියා ග්‍රහයෙක් නැහැ. එහෙත් බටහිර ජේයතිෂයේ පවා ව්ධපබඩ ව්ධඤඥ ලෙස හදුන්වන රාහු ජේයාතිෂ ශාස්ත්රයේදී දැනෙන්නම ප්‍රතිඵල දෙන ග්‍රහයෙක්.
රාහුගේ ඔළුව නයකුගේ මෙන්ද ශරීරය මනුෂ්‍යයකුගේ මෙන්ද හඳුන්වා තිබෙනවා. රාහුගේ ප්‍රධානතම ක්‍රියාව තමයි ඇවිද්දවීම. විසුරුවා හරින ස්වභාවයක් ඇති රාහු ප්‍රකට භාවයට පත්කරනවා. ඉගෙන ගන්නා වයසේ දරුවන්ට රාහු ලැබීම නම් කොහොමත් යහපත් නැහැ. මොකද රාහු සිත එකඟත්වයට ශුභ දායක නැති නිසා.
එහෙත් රාහු 3, 6, 11 වැනි උපචය ස්ථානවලදී බොහෝ සුබ පල දෙන ආකාරයක් අප අත් දැක තිබෙනවා. මිථුන, කන්‍යා, මේෂ, වෘෂභ, කටක කුම්භ රාශිවල තැන්පත් වූ රාහු පුද්ගලයන්ට සුබ පල උදා කරනවා. රාහුගේ මහ දශා, අතුරු දශා ස්වභාවික වශයෙන් රස්තියාදුකාර ප්‍රතිඵල ගෙන දුන්නත් ක්ෂණික වාසනා උදාකරදෙන අවස්ථා නැතිවම නොවේ.
නව ග්‍රහයන් අතරින් කුජ, රාහු වැනි ග්‍රහයන් ලබාදෙන ප්‍රතිඵල මිනිස් ජීවිතවලට දැනෙන සහ පෙනෙන ප්‍රතිඵල නිසාම එම දශා, අතුරු දශාවලදී බොහෝ සේ ප්‍රවේශම් විය යුතුමයි. විශේෂයෙන්ම රාහු මහ දශාව ආරම්භ වූ විට යහපත් ප්‍රතිඵල ලබා දෙනවග දැනෙන්න පටන් ගත්තොත් ඔබ කොහොමත් ප්‍රවේශම් විය යුතුමයි. රාහු මහ දශාවේ පළමු අතුරු දශා හය වන රාහු, ගුරු, ශනි, බුද, කේතු, සිකුරු යන අතුරු දශා එවිට බොහෝ විට පුද්ගලයන්ට සුබ පල උදාකරනවා.
මෙහිදී "බොහෝ විට" කියන වචනය මා පැවසුවේ රාහු ලබාදෙන රස්තියාදුකාර ස්වභාවය, ඇවිද්දවන ස්වභාවය, පැටලිලි සහිත ස්වභාවය මෙම සියලු අතුරු දශා කාලයන්හිද ජන්මියාට අත්විඳීමට සිදු වීම නිසයි. සුබ පල ලෙස රථ වාහන මිලදී ගැනීමට ලැබීම, ධන ලාභ, ව්‍යාපාර ලාභ, ස්ථාවර තැන්පතු පවත්වා ගැනීමට හැකිවීම වැනි චංචල වත්කම් ගොඩනංවා ගැනීම පෙන්වා දිය හැකියි. රාහුගේ කාල දශාවන්හිදී ස්ථාවර වත්කම් ගොඩනංවා ගැනීමට සිත නොදීමද දැකිය හැකි සුලබ කරුණක්. මෙසේ සුබ පල අත්විඳීම නිසාම තමා සිදු කරන සියලු කාර්යයන් සඵල වන බවට පුද්ගල මනසට ඒත්තු ගැන්වෙනවා. රාහුගේ බොහෝ අසුබ පල ආරම්භ වන්නේ ඉන් අනතුරුවයි. වසර 18ක රාහුගේ මහ දශාවේ වසර 14 මාස 06 දින 18ක් සුබ පල භුක්ති විඳීමෙන් පසු පුද්ගලයකුට එසේ සිතීම අතිශය සාමාන්‍ය බව අපිද පිළිගනිමු. කෙසේ වෙතත් ඉන් අනතුරුව ආරම්භ වන රාහුගේ රවි අතුරු දශාව මිශ්‍ර පල ලබා දීම සිදුකරන අයුරු දක්නට පුළුවන්.
එහිදී ජන්මියාට උසස් පුද්ගලයන්ගෙන්, ආයතන ප්‍රධානීන්ගෙන් යහපත් ආධාර උපකාර ලබා ගැනීමට පුළුවන්. එහෙත් ඔවුන්ගේ ගෘහ ජීවිතයේ අර්බුද ගැටලුකාරී ස්වභාව, පියාට අපල ඇති වීම, ජන්මියාටද අසනීප වැලඳීම දක්නට පුළුවන්. ඉන් අනතුරුව ලබන රාහුගේ චන්ද්‍ර හා කුජ අතුරු දශා බොහෝ විටම සුබ ප්‍රතිඵල උදාකරන්නත් පුළුවන්.
මෙම කාලවලදී ජන්මියා තීන්දු තීරණ ගැනීමේදී බොහෝ සෙයින්ම ප්‍රවේසම් විය යුතුයි. රැකියාව වෙනස්වීම, පදිංචිය වෙනස් වීම් සිදුවිය හැකිය. නැතහොත් මව, භාර්යාව හෝ වෙනත් කාන්තා පාර්ශ්වයේ ඥාතිවරියක රෝගාබාධවලට ලක්වීම හේතුවෙන් අධික ලෙස වියදම් දැරීමට සිදුවනු ඇත. බොහෝ විට සුබ ඵල නොලැබෙනම කාලයකි. සොර සතුරු කරදර, චිත්ත පීඩා, ශාරීරික පීඩා, චරිතය දූෂ්‍ය කරගැනීම්, රහස් සබඳතා හෙළිවීම් ආදියද සිදුවන අයුරු දැක තිබේ. විශේෂයෙන් රාහු හෝ කුජ ෙදාළොස්වැන්නේ නම් නීතිමය ගැටලුද පැනනැඟිය හැකි බැවින් බොහෝ සෙයින් ප්‍රවේසම් විය යුතුමයි. කෙසේ වෙතත් රාහු පිළිබඳව මහා දැවැන්ත බියක්ද ඇතිකරගත යුතු නොවේ. සිදුකළ යුත්තේ රාහු මහ දශාවේදී යහපත්, නිවැරැදි, බුද්ධිමත් තීන්දු ගන්නා හොඳ මිතුරකු ආශ්‍රය කිරීමයි. මක්නිසාද රාහුගේ දශාවේදී ජන්මියා ජීවිත කාලයටම බලපාන වැදගත් තීන්දුවක් වැරදි ලෙස ගැනීමට ඇති ඉඩකඩ වැඩි බැවිනි.
කෙසේ වුවත් ඔබට ගෙවෙන්නේ රාහුගේ මහ දශාවක් නම් නාගපෙණ මුදුවක ගෝමේද ගලක් ඔබ්බවා පැලඳීම යහපත්. වැටකේ මල් සහිතව බෝධි පූජා පැවැත්වීම, වැටකේ ගස්වලට දිනපතා පැන් වත්කිරීම, සාත්තු කිරීම ඉක්මන් ප්‍රතිඵල උදාකිරීමට හේතු වෙනවා.
ඊශ්වර දෙවියන්ට, පත්තිනි මෑණියන්ට පුද පූජා පැවැත්වීම, නාග රූප පූජා කිරීමද යහපත් බවයි සෘෂි භාෂිතයේ සඳහන් වන්නේ. කුමන පුද සත්කාර පැවැත්වුවද ජීවිත කාලයටම බලපැවැත්වෙන වැදගත් තීන්දු තීරණ ගැනීමේදී නම් තනි තීරණ ගැනීම යහපත් නොවන බව නම් කිව යුතුමයි.
ජේයාතිර්වේදී
කැලුම් ගුණතිලක
බත්තරමුල්ල - 071-6856197
Wmqgd .ekSu u