iranama
දරුවන්ට අගුණ දෙන ලේ ඥාති දෝෂය
පොරොන්දම් බැලීමේදී සලකනු ලබන දෝෂ කිහිපයක් ගැන අදත් අපි ඔබට කියා දෙනවා.
නශාංශක දෝෂ
යම් කෙනෙකුගේ උපතේදී
* ගුරු(බ්‍රහස්පති) ග්‍රහයා තමාට හිමි පුනාවස,විසා,පුවපුටුප යන නැකැත්වල ප්‍රථම පාදයේ ගමන් කරන විටද
* ශනි(සෙනසුරු) තම නැකැත් වූ පුෂ,අනුර,උත්‍රපුටුප නැකැත් වල දෙවන පාදයේ ගමන් කරන විටද
* ශුක්‍ර(සිකුරු) තම බෙරණ,පුවපල්,පුවසල නැකැත් වල තුන්වන පාදයේ ගමන් කරන විට.
* රවි තමාගේ නැකැත් වන කැති,උත්‍රපල්,උත්‍රසල නැකැත්වල සිවුවන පාදයේ ගමන් කරන විටද
එම ග්‍රහයන් නශාංශක දෝෂයට පත්වේ.හත හා පහ අධිපති නශාංශක වී හෝ හතේ පහේ නශාංශක ග්‍රහයන් තැන්පත් වී ඇත්නම් දෝෂ සහිතයි.
කළුකුමාර දෝෂ
මෙම දෝෂය ශරීරයේ රස කොටස් පහ වීමෙන්, සිහින දෝෂ ,ලිංගාශ්‍රිත රෝග පීඩා අනුව ඇතිවන දෝෂ තත්වයකි. ජලාශ ආශිතව ක්‍රියාත්මක කළුකුමාර අමනුෂ්‍ය දෝෂය මගින් කාන්තාවන් තුළ ක්‍රියාත්මක වන බවට මතයක් ඇත.
ජන්ම කේන්ද්‍රයේ කුජ(අගහරු) දුබල විට අගහරු මහ දශාවේදී ඇතිවිය හැකි බවට ජ්‍යෙතිෂ මතයක් ඇත.
ප්‍රසූත්‍ර හා සෘතු දෝෂද කළුකුමාර දෝෂයේම කොටස් ලෙස දැක්වේ.
තුන් කුළුදුල් දෝෂය
පවුලේ වැඩිමල් ස්ත්‍රී පුරුෂ අය විවාහ වීම තුන් කුළුදුල් දෝෂයයි.
ලේ ඥාති දෝෂ
ලේ ඥාති සම්බන්ධකම් ඇති ස්ත්‍රී පුරුෂ අය විවාහ වීම දරුවන්ට අගුණයි.
චාරිත්‍ර දෝෂ
* විවාහයට දින නියමව සිටියදී දෙපාර්ශ්වයෙන් එක් පවුලක ලගම ඥාතියකු මිය ගියහොත් විවාහය මාස 6කට වැඩි කාලයක් කල් දැමිය යුතුය.
* එක්කුස උපන් අයගේ විවාහ එකම දිනයේ කිරීමද අසුභයි.මාසයක්වත් ඉක්මවිය යුතුය.
Wmqgd .ekSu taIshka