Life
දරුවන්ගේ පෝෂණයේ ප්‍රධාන ගැටලු
මහාචාර්ය ජේ.ජී.එස්. රණසිංහ අංශාධිපති, ජෛව රසායන අංශය, වෛද්‍ය පීඨය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
පෝෂණය හා සම්බන්ධව
පවතින තත්ත්වය
කෙටියෙන් විග්රහ කරන්න
පුළුවන්ද?
ලෝක සෞඛ්‍ය සංවිධාන වර්ගීකරණයට අනුව මෙම කාලය තුළ අඩුබර අනුපාතිකය සියයට 25ක්. ඒ කියන්නෙ එම අනුපාතිකය, ඉතා ඉහළ මට්ටමේ ඉඳල, ඉහළ මට්ටම දක්වා අඩුවෙලා තියෙනව. ඒ වගේම දීර්ඝකාලීනව අඩු පෝෂණ තත්ත්වය මනින අඩු ශරීර වර්ධිත බව සියයට 75කින් පමණ තිබූ ප්‍රමාණයට වඩා අඩු අගයකට පැමිණ තියෙනව. මෙහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ අඩුම අඩුබර අනුපාතය පවතින රට බවට පත්වෙලා තියෙනව. කොහොම නමුත් සෞඛ්‍ය ක්ෂේත්රයේ සහස්ර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට යන ගමනේ ශ්‍රී ලංකාවේ පසුගිය සත් වසර තුළ මන්දපෝෂණ තත්ත්වය අඩුවීමේ ප්‍රමාණයෙහි අඩුවක් පෙනෙන්න තියෙනව. ඒ කියන්නෙ මෙම ඉලක්ක සපුරාගැනීමේ සැක සහිත බවක් පෙනෙන්න තියෙනව.
අපේ වර්ධනය වන ළමා
පරපුරේ පවතින පෝෂණ
තත්ත්වය ප්‍රධාන ගැටලුවක්
බව ඇයි ඔබ කියන්නෙ?
අඩු පෝෂණ තත්ත්වය ග්‍රාමීය ජනතාව අතර විශේෂයෙන් වතු ආශ්‍රිතව අධිකව පවතිනව. අඩු වර්ධනය සහ අඩුබර ප්‍රතිශතය පිළිවෙළින් සියයට 42 සහ 60 වෙනව.
කිරි ලෝකයේ සෑම
කොටසකටම ලබාගැනීමට
පහසු නිෂ්පාදනයක් බව
ඇයි ඔබ හිතන්නෙ.
මවුකිරි අලුත උපන් ළදරුවකුට දීමට ඇති නිසැක, පහසු පෝෂණීයම ආහාරය. නමුත් මවුකිරිවලින් පෝෂණය ලබාදීම නොහැකි අවස්ථාවක ඇති එකම විකල්පය වෙළෙඳපොළේ ඇති හොඳින් සැකසූ පිටිකිරි.
කිරිවලට ආදේශක ලෙස
භාවිත කළ හැකි වෙනත්
කිරි වර්ග මොනවාද?
එළකිරි, එළුකිරි, බැටළු හා මීකිරි. කිරි නිෂ්පාදන අතුරෙන් වැදගත් කාර්යයක් ඉටුකරනු ලබයි.
මෙම කිරි වර්ග පිළිබඳ
ඔබගේ අදහස
එළකිරිවල ප්‍රෝටීන වර්ග 25කට වඩා අන්තර්ගතයි. නමුත් එහි අඩංගු වන ප්‍රෝටීන වන ඇල්ෆා ලැක්ටැල්බියුමින්, බීටා ලැක්ටොග්ලොබියුන් සහ එහි අඩංගු සමහර ආදේශක නමින් හැඳින්වෙන ආසාත්මිකතාවක් ළමයින් අතුරින් සියයට 2 - 6 අතර ප්‍රමාණයකට ඇති කරවනු ලබනවා.
ඔබ මෙම තත්ත්වය
මඟහරවාලීමට කරන
යෝජනා මොනවාද?
ප්‍රතිකර්මයක් ලෙස අපට මුදවපු කිරිවලට හැරෙන්න පුළුවන්. නමුත් එය කුඩා දරුවන්ට දිය නොහැකියි. වර්තමානයේ මෙයට විකල්ප ලෙස සෝයා කිරි සහ සංකීර්ණ ප්‍රෝටීන් අනුජලවිච්ඡේදනය කර කෘත්‍රිමව නිපදවනු ලබන සරල ප්‍රෝටීන් අන්තර්ගත කිරි ආහාර යොදාගන්නව. නමුත් එළකිරිවලට ආසාත්මික තත්ත්වයක් දක්වන දරුවන්ගෙන් සියයට 10 - 20 අතර ප්‍රමාණයක් සෝයා ආහාරවලටද අසාත්මික බව සොයාගෙන ඇත. සංවර්ධනය වෙමින් පවතින රටවල එළුකිරිවලට නැඹුරුවීමේ ප්රවණතාවක්ද දක්නට ඇත. ළමයින් එළුකිරිවලට දක්වන අඩු ආසාත්මිකතාව හේතුකොටගෙන එය පෝෂණයේදී වැදගත් කාර්යභාරයක් ඉටුකරනු ලබයි.
එළුකිරි සියලුම අවශ්‍යතා
සපිරුවත් එය ජනප්‍රිය
නොවන්නේ මන්ද?
ජනතාව දැනුවත් කළ යුතුයි. වෘත්තිකයන් ලෙස අපි මෙයට සම්බන්ධ විය යුතුයි. අලුත උපන් දරුවන් එළුකිරිවලට දක්වන අඩු ආසාත්මිකතාව හේතුකොටගෙන බොහොමයක් සංවර්ධනය වන රටවල ළදරු ආහාරයක් ලෙස නිර්දේශ කරනු ලබනව. එළුකිරි මවුකිරිවලට බොහෝ සෙයින් ආසන්න පෝෂණ සංයුතියකින් යුක්තයි.
එය මෙතරම් පෝෂ්‍යදායි
වන්නේ කෙසේද?
එළුකිරිවල එළකිරිවලට වඩා සියයට 25ක් විටමින් ඒ, ඩී, බී1, බී2, බී12 සියයට 13ක් වැඩිපුර කැල්සියම්ද සියයට 134ක ගුණයක් වැඩිපුර පොටෑසියම්ද කොපර් 4 ගුණයක් වැඩිපුරද අන්තර්ගතයි. එසේම සියයට 27 ඇන්ටිඔක්සිඩන්ට් වන සෙලිනියම්ද එළකිරිවලට වඩා අන්තර්ගතව පවතිනවා.
එළුකිරි ළදරුවන්ට විකල්ප
ආහාරයක් ලෙස ඔබට
නිර්දේශ කරන්න පුළුවන්ද?
මෑත සොයාගැනීම් අනුව මෙහි පවතින මේද ගෝලිකාවල කුඩා බව හේතුකොටගෙන හා ඇමයිනෝ අම්ලවල සංයුතිය හේතුකොටගෙන එය ශරීරයේදී පහසුවෙන් ජීර්ණය කිරීමට පුළුවන්. එසේම මේදය ජීර්ණයේදී කෙටිදාම හා මධ්‍යදාම මේද අම්ල සමඟ සම්බන්ධ වී එය අවහිර කරන ඇග්ලුටින් නම් සංයෝගය එළුකිරිවල නොමැතිවීම නිසාද එය පහසුවෙන් ජීර්ණයට ලක්වෙනව.
එළකිරි හා මවුකිරිවලට වඩා ඇති මධ්යමදාම මේද අම්ල වන පාමිටික් ඇසිඩ්, ඔලෙයික් ඇසිඩ්, මිස්රිස්ටික් ඇසිඩ්, ලොරෙයික් ඇසිඩ් හා කැප්රික්, කැප්රොයික්, කැප්රිලික් යන ඇසිඩ් වර්ගයන්ගෙන් එළුකිරි පොහොසත්.
එළුකිරිවල පවතින
අනෙකුත් විශේෂ ප්‍රයෝජන
මොනවාද?
අක්මාවේ සහ අග්න්‍යාශයේ ගැටලු සහ ජීර්ණය හා සම්බන්ධ ගැටලු පවතින පුද්ගලයනට මෙය කිසිදු පැකිළීමකින් තොරව නිර්දේශ කළහැකිය.
එළුකිරි මුදවපු කිරි සහ
යෝගට් නිෂ්පාදනය කිරීම
සඳහා නිර්දේශ කළහැකිද?
එල කිරිවලින් නිෂ්පාදනය කරන මුදවූ කිරි මෘදු බැවින් ළදරු ආහාරයක් ලෙස ඉතා වැදගත් තැනැක් උසුලයි. එසේම මෙහි ඇති ප්‍රෝටීන් පහසුවෙන් ජීර්ණය කළ හැකිවීමත් ඇමයිනෝ අම්ල පහසුවෙන් ශරීරයට අවශෝෂණය කළ හැකිවීමත් වැදගත්.
ලැක්ටෝස් ජීර්ණ
අපහසුතාව සහිත වූවන්ට
මෙය බොහෝ පුද්ගලයන් පීඩා විඳින සායනික තත්ත්වයක්. මෙම තත්ත්වය සහිත පුද්ගලයන්ට කිරි පාලනය කළ විට පාචන තත්ත්වය හටගනී. එළුකිරිවල පවතින ලැක්ටෝස් ප්‍රමාණය අඩු බැවින් එය මේ තත්ත්වය සහිත පුද්ගලයනට ප්‍රතිඵලදායකයි.
එළුකිරිවල දේහයේ තැන්පත්ව ඇති කොලෙස්ටරෝල් දියකිරීමේ හා නිශේධනය කිරීමේ හැකියාව පවතිනව. එසේම මෙය දෛනිකව පානය කිරීමෙන් නාළවල රුධිර කැටි ඇතිවීමේ සම්භාවිතාව අඩුවෙනව. මෙය හදවත් රෝගවලින් වැළකීමට හේතුවනවා.
ඔස්ටියෝපොරෝසිස්
රෝගීන් සඳහා
එළුකිරිවල ඛනිජ ද්‍රව්‍ය පරිවෘත්තියේ සහ අස්ථිවල ඛනිජ තැන්පත් වීම කෙරෙහි හිතකර ලෙස බලපානවා. මෙම කිරිවල එළකිරි හා මවුකිරිවලට වඩා 7 - 10 ගුණයක් වැඩිපුර ඛනිජත් එමෙන්ම වැඩිපුර කැල්සියම් හා පොස්පරස් අඩංගුව පවතින බව සොයාගෙන තියෙනව. එසේම මෙහි අන්තර්ගත සෝඩියම් ප්‍රමාණයත් අනෙක් කිරිවලට වඩා අධිකයි.
රක්තහීනතාව සඳහා
මෙහි පවතින යකඩ ප්‍රමාණය මවුකිරිවලට සමාන වුවත් එළකිරිවලට වඩා අධිකයි. එච්.අයි.වී. / ඒඩ්ස් ආසාදිත ළදරුවන්ගේ පෝෂණ උෟනතා මඟහැරීමෙහිලා මෙය යොදාගන්නත් පුළුවන්.
Wmqgd .ekSu u