Life
දරුවන්ගේ කට වටේ පලු දාන HFMD
පොඩි අයට හැදෙන අසනීප හරි වෙනස්. ප්‍රධානම දේ තමයි ඔවුන් වැඩිමනක් විෂබීජ වලට ගොදුරු වී නොතිබීම. ඒ වගේම ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය හොඳටම හැදිලා නැති නිසා ඔවුන් ඉතා පහසුවෙන්ම විවිධ ආසාදන වලට ගොදුරු වෙනවා.
දරුවන්ට තමන්ට අසනීපයක් අපහසුවක් හැදීගෙන එද්දී එක කියන්න තේරෙන්නේ නැහැනේ. ඔය කෝකටත් ඔවුන් කරන්නේ අඬන එක තමා. හොඳ පරෙස්සමට එයාලව නිරීක්ෂණය කරලා යම් වෙනසක් තිබෙනවා නම් හඳුනා ගැනීම අම්මගේ වගකීම.
කුඩා දරුවන්ට හැදෙන හරිම සුලභ සමේ රෝග තත්වයක් ගැනයි අද මේ විමසුම. මෙය වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන්නේ HFMD එහමත් නැත්නම් Hand, foot and mouth disease කියලයි.
වචනයේ විදියටම මෙහිදී අත්ල, යටි පතුල, සහ මුඛය අවට ප්‍රදේශයේ රතු පති බිබිලි ඇති වීමක් සිදු වනවා.
මෙය ඇති වීමට හේතු වන්නේ ආන්ත්රයික වෛරසයක්. ( Coxsackievirus ) මෙය බෝ වන්නේ අසනීපය හැදුණු දරුවෙකුගේ ශ්ලේෂ්මල (සෙම සොටු ආදිය) , මළපහ හෝ කෙළ වලට නිරාවරණය වීම මගින්. දරුවෝ නිතරම එකට සෙල්ලම් කරන නිසා මේක ඉතාම පහසුවෙන් බෝ වෙනවා.
මුලින්ම ඇති වන්නේ උණ තත්වයක්. ලා උණ ගතියක් ඇති වී ඉන් පසුව ඉහත කි ආකාරයේ බිබිලි මතු වීමක් සිදු වනවා. සමහර විට තට්ටම ප්‍රදේශය සහ ලින්ගේන්ද්රි අවට වුණත් පලු ඇති වෙන්නට බැරි කමක් නැහැ.
බොහෝ විට මේ අසනීප තත්වය ඇති වන්නේ අත දරුවන්ට සහ පෙර පාසල් යන වයසේ දරුවන්ටයි. වැඩිහිටියන්ටත් බොහොම කලාතුරකින් මෙය වැළඳෙන්නට පුළුවන්.
මේ මගින් දිගු කාලින සංකුලතාවයන් ඇති වන්නේ නැහැ. ඒ වගේම මේ සඳහා බිය විය යුතු නැහැ. බොහෝ විට රෝහල්ගත කිරීමක් සිදු වුනත් එයින් බලාපොරොත්තු වන්නේ රෝගය පැතිරීම වැලැක්වීම පමණයි. උනාට සහ වේදනාවටත් බිබිලි පුපුරා යෑමෙන් ඒවායේ ආසාදන ඇති වීම වැලක්වීමට අවශ්‍ය ඖෂධත් ලබා දෙනවා. දින කිහිපයකින් උණ සහ සමේ බිබිලි ලප කැළැල් නැතිවම සුව වනවා.
Wmqgd .ekSu taIshka