කේන්දරයෙන් දැනගන්න
විවාහ ජීවිතයක් ගත කරන ඕනෑම අඹු සැමි යුවළකගේම බලාපොරොත්තුව සිඟිත්තකුගේ මුහුණ බැලීමය. එම දවස උදාවන තුරු දින ගනිමින්, පෙරුම්පුරාගෙන බලා සිටින්නේ නොඉවසිල්ලෙනි. නමුත් කෙනකුට එම අවස්ථාව හැකි ඉක්මනින් උදාවන අතර, තව කෙනකුට විවාහ දිවියට පත් වී කාලයක් ගත වන අවස්ථා ද දැකිය හැකිය. තවද මීට අමතරව දරුවකුගේ මුහුණ බැලීමේ ආශාව ජීවිත කාලය පුරාවටම නොලැබෙන අවස්ථා ද කොතෙකුත් දක්නට ලැබේ. දරු සම්පත නොමැතිකම නිසා දික්කසාදය දක්වා යන අවස්ථා ද දැකගත හැකිය. මෙහිදී දරුවකු නොමැතිකම කාන්තාවගේ පමණක් ඇති දුර්වලතාවක් බවට පත්කර ගැනීමට බොහෝ දෙනෙක් පෙළෙඹෙති.
දරුවන් නොමැතිකම නිසා, මානසිකව දුක්විඳීමට පෙර, ජ්‍යෙdතිෂවේදියකු වශයෙන් මා ඔබට ප්‍රථමයෙන් මතක් කළ යුත්තේ කෙනකුට දරුඵල ලැබීමේ හා නොලැබීමේ වාසනා ගුණය, කල්තියා දැනගත හැකි එකම ශාස්ත්‍රය ජ්‍යෙdතිෂය බවත්, ඔබ විවාහ වීමට පෙර කේන්ද්‍ර ගැළපීමේදී පොරොන්දම්වලට පමණක් සීමා නොවී දෙදෙනාගේ ග්‍රහ පිහිටීම් පරීක්ෂා කර දරුඵල තිබේද? නැද්ද? යන්න නිර්ණය කිරීම ඉතා වැදගත් බවයි.
කෙසේ නමුත් අඹු සැමි යුවළකගේ කේන්ද්‍ර සටහන් වල, දෙදෙනාගෙන් කෙනකුට පමණක් දරු සම්පත උරුම වී, දෙදෙනාගෙන් කෙනකුට දරු සම්පත අහිමිනම්, ඔවුන් දෙපළටම දරු සම්පත අහිමි වේ. දිනක් මා වෙත කේන්ද්‍රයක් පරීක්ෂා කර ගැනීමට පැමිණි කාන්තාවක් විවාහ වී, දරුවන් නොමැතිකම නිසා තම සැමියාගෙන් හා නැන්දනියගෙන් ඉතාම අපහාස හා නින්දා ලබා, දුක්කිත ජීවිතයක් ගතකර ඇත. තවද සමාජයේ ද නොයකුත් අපහසුතාවලට ලක්වී ඇති අතර, වසර 12 ට පසු ඇය පළමු විවාහයෙන් දික්කසාද වී දෙවැනි වරටත් විවාහ වී ඇති අතර ඇය දැන් දරුවන් දෙදෙනකුගේ මවක් බවට පත් වී ඇත. තවද ඇයගේ දෙවන විවාහ ජීවිතය ඇය සාර්ථකව ගත කරයි. ඇයගේ කේන්ද්‍රය සූක්ෂම ආකාරයට පරීක්ෂා කිරීමේදී එම කාරණා ඒ ආකාරයෙන්ම ඇයගේ කේන්ද්‍රයේ සටහන් වී තිබිණි. මෙහිදී බුද්ධිමත් ඔබට මා ප්‍රකාශ කරන්නේ දරුඵල නොමැතිකම නිසා කාන්තා පාර්ශ්වයට පමණක් ඇඟිල්ල දිගු නොකොට දරුඵල අහිමි කවුරුන් හටද යන්න පරීක්ෂා කරවා, එයට කළ යුතු වෛද්‍ය ප්‍රතිකාර හෝ වත් පිළිවෙත් කිරීම වැදගත් බවයි.
තවද මෙහිදී දේශීය හා බටහිර වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳ විශේෂයෙන් මතක් කළ යුතුය. දරුඵල ලබාගැනීම සඳහා විශාල ලෙස මුදල් වියදම් කරමින් සිදුකරන විවිධ නවීන වෛද්‍ය ප්‍රතිකාර බොහෝ තිබෙන අතර එම ප්‍රතිකාර සාර්ථක වී නිරෝගිමත් දරුවන් කොතෙකුත් මෙලොවට බිහිවන අතර විශාල මුදලක් වියදම් කරමින් මෙම ප්‍රතිකාර වරක් නොව කීප වතාවක් සිදු කළ ද, ඉන් කිසිදු ප්‍රතිඵලයක් නොලද අවස්ථා ද ඇත. තවද මෙම ප්‍රතිකාර මගින් කීපවතාවක්ම දරුවන් පිළිසිඳගෙන (ගැබ්ගෙන) එම සෑම අවස්ථාවකදීම කෙසේ හෝ තම දරුවා ගබ්සා වන අතර රෝගී දරුවන් එනම් (අංගවිකල, මන්දබුද්ධික) බිහිවන අවස්ථා ද ඇත. මා මෙහිදී මේ පිළිබඳව මතක් කළේ නවීන වෛද්‍ය විද්‍යාවට අපහාස කිරීමට නොව, වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම මගින් සිදු කරන්නේ දරු සම්පතක් සඳහා යෝග්‍ය ශරීර සෞඛ්‍ය තත්ත්වයක් ගොඩනඟාදීම පමණක් බව මතක් කිරීමටය. මෙයට දිය හැකි උදාහරණයක් ලෙස දරුවන් නොමැති යුවළක් විසින් දෙදෙනාගේම වෛද්‍ය පරීක්ෂණ පවත්වා වෛද්‍ය වාර්තාවලට අනුව දරුවකු බිහිකළ නොහැකි කිසිදු ගැටලුවක් නොමැති අවස්ථාවක වුවද දරුවන් නොමැතිව මානසිකව පීඩා විඳින අවස්ථාවන් කොතෙකුත් හමුවේ. මේ අනුව කර්මානුරූපීව ඔබට දරු සම්පතක් නොමැතිනම් එවැනි අය මතු භවයන්වල දරු සම්පත උරුම කර ගැනීමට දාන ධර්ම පිංකම් කර, දරු සම්පත ප්‍රාර්ථනා කළ යුතු වේ.
කේන්ද්‍රයක පුත්‍රකාරක ගුරුගේ පිහිටීම, 5 වැන්නේ ඇති ග්‍රහ පිහිටීම් හා ග්‍රහ දෘෂ්ටීන්, පස්වැන්නාධිපතියා හා පස්වැන්නාධිපතිව සිටින නවාංශකාධිපතියාගේ බල දුබලතාව හා ඉහත සඳහන් කළ ග්‍රහයන්ගේ අවස්ථාවන් (විශේෂයෙන් ගුරුගේ) සලකා බලා භාව කේන්ද්‍රය තුළින්, දරුඵල සම්බන්ධව නිවැරැදිව ප්‍රකාශ කළ හැක. ඉහත ග්‍රහයන් 6,8,12 දුර්වලව ඇත්නම්, පාප පීඩිත නම්, ගුරු දුර්වලව වඳ රාශියක නම්, 7 වැන්නාධිපතියා දුර්වල නම් (සරු බවට බලපායි) යනාදී කරුණු සැලකිල්ලට ගෙන දරුඵල සම්බන්ධව අහිතකර බලපෑම් පරීක්ෂා කරනු ලැබේ. ඊට අමතරව ඉහත ග්‍රහ පිහිටීම පරීක්ෂා කිරීම මගින්, ලැබෙන දරුවන්ගේ අනාගතය පිළිබඳව (ඉදිරි අධ්‍යාපනය, දෙමාපියන්ට යහපත් ද, විදේශ ගමන්, ලෙඩ රෝග, අනාගත දියුණුව) වැනි අනාවැකි පැවසිය හැක.
කෙසේ නමුත් ඔවුන්ගේ කේන්ද්‍ර වල ග්‍රහ පිහිටීමට අනුව දරුඵල අහිමි නම් කොපමණ ප්‍රතිකර්ම හෝ පිළිවෙත් සිදු කළ ද දරු සම්පතක් ලබාගත නොහැක. එවැනි අය ගර්භණි මවුවරුන් හා කුඩා දරුවන් සම්බන්ධ කරගෙන පිංකම්වල නිරත විය යුතු අතර පන්සිල්
රැකීම, සිල්වතුන්ට දන් දීම, මෛත්‍රි භාවනාව වැඩීම, අටසිල් සමාදන් වීම, ආදී කුසලයන් කිරීම මගින් මතු භවයන් වල දරු සම්පත උරුමකර ගත හැකිය. දැනටමත් ඔබට දරු සම්පතක් අහිමි නම්, නමුත් ඔබ දෙපළගේ ජන්ම පත්‍ර වල දරු සම්පත් උරුමව පවතීනම්, දෙදෙනාගේම කේන්ද්‍ර සටහන් සූක්ෂම ලෙස පරීක්ෂා කර ග්‍රහ පිහිටීම් හා දශාවලට අදාළව කළ යුතු වත් පිළිවෙත් නිසි ලෙස කිරීම මගින් හා ඔබට බලපාන අමනුෂ්‍ය දෝෂ හා වස්තු දෝෂ ද කේන්ද්‍රය මගින් පරීක්ෂා කර බලා ඒ සඳහා පිළිවෙත් ද සිදුකරමින්, පහත පිළිවෙත සිදු කරන්න. ඔබට මෙතෙක් අහිමි වී තිබූ දරු සම්පත ලබාගත හැකිය. එනම්,
රතන සූත්‍රයේ 5 වැනි ගාථාව වන,
යං බුද්ධසෙට්ඨෝ පරිවණ්ණයි සුචිං
සමාධිමානන්තරිකඤ්ඤමාහු
සමාධිනා තේන සමෝ න විඡ්ජතී
ඉදම්පි ධම්මේ රතනං පණීතං
ඒතේන සච්ෙච්න සුවස්ථි හෝතු..
යන මෙම ගාථාව නිර්මාංශව, සිල්වත් උතුමෙකු ලවා නොඉඳුල් පැන් වීදුරුවකට 108 වරක් පිරිත් කර ස්ත්‍රි ඔසප් වූ දවසේ බොන්න. දරුගැබ පිහිටයි. අත්දුටු ප්රත්යක්ෂ පිළිවෙතකි. (විවාහ සහකරුට කළ හැකි නම් ඉතාමත් යහපත්)
වැඩිදුර විස්තර සදහා 0718602525, 0115248187