SexEducation
දරු පිළිසිද ගැනීමකට අවශ්‍ය සාධක මොනවාද?
ගිය සතියේ අපි කතා කලා ශුක්‍ර පරීක්ෂණයක් කරන්නේ කොහොමද ස්වාභාවික පිළිසිද ගැනීමකට එහි තිබිය යුතු සාධක මොනවාද කියලා.
සාමාන්‍ය ශුක්‍ර තරල පරීක්ෂණ වාර්තාවකින් අපි බලන්නෙ මොනවාද එහි තිබිය යුතු අගයන් යන්නයි.
මෙහිදී දින තුනක් ශුක්‍ර තරලය පිටනොකර සිටින පුරුෂයකුට 4 වන දිනයේදී වෛද්‍ය රසායනාගාරයකට ගොස් වෛද්‍යවරයා ලබාදුන් රිසිට්පත රසායනාගාරය වෙත ලබාදී ශුක්‍ර පරීක්ෂාව සිදුකර ගැනීමෙන් ලැබෙන පරීක්ෂණ වාර්තාවෙන් පහත සදහන් දෑ බලාගත හැකියි.
01. ශුක්‍ර පරිමාව
02. එම පරිමාවේ ඇති ශුක්‍රාණු සෛල ගණන
03. ශුක්‍රාණු සාන්ද්‍රනය
04. ක්‍රියාකාරී ශුක්‍රාණු ප්‍රමාණය
05. ශුක්‍රාණුවල ස්වරූපය
මෙහි ශුක්‍ර පරිමාව (Sperm Volume), ක්‍රියාකාරී ශුක්‍රාණු ප්‍රමාණය (Mortility), ශුක්‍රාණුවල ස්වරූපය (Morphology), යන සාධක තුන ප්‍රධාන වැදගත් සාධක තුනයි. මෙහි සාමාන්‍ය අගයන් විය යුත්තේ
ශුක්‍ර පරිමාව (Sperm Volume) 1.5ml වඩා වැඩි
ක්‍රියාකාරී ශුක්‍රාණු ප්‍රමාණය (Mortility) 40%ර වඩා වැඩි
ශුක්‍රාණුවල ස්වරූපය (Morphology) 15%ර වඩා වැඩි
(ඉහත අගයන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සඳහන් නිර්ණායකයන්ට අනුවයි)
දැන් අපි බලමු මෙම සාධක අඩුවීමට බලපාන හේතු
මේවා කතා කිරීමේ පහසුව සදහා කොටස් තුනකට වෙන්කර ගනිමු.
* වෛද්‍යමය සාධක- මෙය අනිවාර්යයෙන්ම වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර කළ යුතුයි.
* තමන්ගේ ජීවන රටාවේ හා සෞඛ්‍ය තත්ත්වය අනුව වෙනස් වන සාධක. මේවා වෛද්‍යවරයකුගේ උපදෙස් මත තමාට වෙනස් කරගත හැකියි.
* පාරිසරික සාධක - තමා විසින් මගහරවා ගත හැකි සාධක.
මුලින්ම කතා කරමු වෛද්‍යමය සාධක
01. වෘෂණ කෝෂ ආශ්‍රීත රුධිර නාලිකා ගැට ගැසීම (Varicocele)
02. විවිධ හේතු නිසා ඇතිවන ආසාදන - ගොනෝරියා, ක්ලැමීඩියා, HIV, වැනි හේතු නිසා සමහර විට ස්ථිරවම ශුක්‍ර නිෂ්පාදනය නැති වී යා හැක.
03. ශුක්‍ර පිට කිරීමේ දෝෂ - අද වන විට බාල මහලු බොහෝ දෙනකුට තිබෙන විශාල ගැටලුවකි. මේ නිසා විවිධ කෘතිම හෝර්මෝන පෙති වර්ග ගැනීමට බොහෝ දෙනා පුරුදුවී ඇත. එය ඉතාම භයානක තත්ත්වයකි. නමුත් මේ සදහා ශරීරයට හානිකර නොවන බොහෝ ආයුර්වේද ඖෂධ තිබෙනවා.
04. ශුක්‍ර නාලයේ ඇතිවන රෝග - සමහර ආසාදන මෙන්ම විවිධ මාංශමය ඝන වීම් නිසාත් අපි වෘෂණයේ ඇතිවන අවහිර වීම් නිසාත් මෙවැනි තත්ත්ව ඇති විය හැක.
05. සමහර ඖෂධ නිසා - බොහෝ පිරිමි ළමුන් ඇග මහත්වීම සදහා ගන්නා විවිධ ඖෂධ, සමහර ප්‍රතිජීවක වර්ග වැනි ඖෂධ නිසාත් මෙවැනි හානිකර තත්ත්ව ඇතිවෙයි.
06. හෝර්මෝන වෙනස් වීම් - හයිපොතැලමස, පිටියුටරිය, වෘෂණ කෝෂවලින් සාදන හෝර්මෝන ප්‍රමාණවත් නොවීම, තයිරොයිඩ් ග්‍රන්ථියේ හා අධිවෘක්කවල ඇතිවන හෝර්මෝන අසමතුලිත තාවය
07. ජානමය හේතු
08. කලාතුරකින් ශරීරයේ ඇතිවන ප්‍රතිදේහ නිසා
09. පිළිකා
10. වෘෂණ එම කෝෂවලට නොපැමිනීම
11. සමහර ශල්‍යකර්ම
තමන්ගේ ජීවන රටාවේ හා සෞඛ්‍ය තත්ත්වය අනුව වෙනස් වන සාධක
01. ඇඟ මහත්වීම සදහා හෝ වෙනත් කාරණා සදහා දීර්ඝ කාලීනව සමහර බටහිර ඖෂධ හෝ අතිරේක පෝෂක ගැනීම (Anabolic Steroids)
02. නිතර ඇල්කොහොල් භාවිතය - මේ නිසා ටෙස්ටොස්ටෙරෝන් අඩුවෙයි
03. දුම්පානය - සිගරට් වල ඇති විෂ කොටස් නිසා විකෘති ශුක්‍රාණු ඇති වෙයි
04. රැකියාවේ ස්වභාවය - දීර්ඝ වේලාවක් ඝනකම් ඇදුම් ඇඳ සිටීම, අධික උණුසුමට දීර්ඝ වේලාවක් නිරාවරණය වී සිටීම
05. මානසික ආතතිය - බොහෝ කාලයක් මානසික ව්‍යාකූල බව තිබීමෙන් හෝර්මෝන අසමතුලිත වෙයි
06. අධික ස්ථූල බව - තරබාරු බව වැඩිවීමත් සමග හෝර්මෝන අසමතුලිත වෙයි. මෙය පිරිමි කාන්තා දෙපක්ෂයටම පොදුවේ බලපාන කරුණකි.
ලබන සතියට තව කොටසක් නොමිලේ විස්තර උපදෙස්
0114278589, 077 6224293
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks