Beauty
තෙල් සහිත සමකින් මිදී පැහැබර පෙනුමකට
දන්නවද සුන්දර රූ සපුවක රහස පැහැපත් සමක් බව? කොපමණ හැඩ සිරුරක් හෝ කෙස්වරලක් තිබුනත් කාන්තාවකගේ සම පැහැපත් නැත්නම් ඇගේ ලස්සන ඉස්මතු වෙන්නේ නෑ. ඉතින් අපි දැන් බලමු දැඩි හිරු රශ්මියෙන් අධික තෙල් සහිත කෑම පාවිච්චියෙන් දුර්වර්ණ වූ හමක් පැහැපත් කර ගන්නේ කොහොමද කියල..
සමට අභ්‍යන්තර ප්‍රතිකාර
සමබල ආහාර වේලක් දිනපතා ගන්න.
නැවුම් එළවළු සහ පලතුරු ආහාරයට ගන්න.
දිනකට වතුර වීදුරු 7-8ක් පානය කරන්න.
තෙල් සහිත සම පාලනය කර ගැනීමට ක්‍රම කීපයක්.....
දිනපතා පිරිසිදු වතුර කෝප්පයකට දෙහි යුෂ 7-8ක් එකතු කර මුහුණ අත්පා සෝදා හරින්න. සති කීපයක් එසේ කිරීමෙන් ඔයාගේ skin එකේ තියෙන තෙල් සහිත බව නැති වී යයි.
සතියට දෙවරක් උඳුපිටි හෝ හාල්පිටිවලට කහ මිශ්‍ර කර මුහුණේ, බෙල්ලේ, අතපයවල ආලේප කර සෝදා හරින්න.
කෝමාරිකා සහ පිපිඤ්ඤා යුෂ එකට එකතු කර සාදා ගත් මිශ්‍රණය අලේප කර සියුම්ව massage කරන්න.
සුදු හඳුන් කුඩු රෝස වතුර සමග එකතු කර මුහුණේ අලේප කරන්න.
අව්වට පිලිස්සුණු සම නැවත යථා තත්ත්වයට ගැනීමට...
කෝමාරිකා කියන්නේ හොද "After Sun Treatment" එකක්..හිරුඑළියට නිරාවරණය වී සිට පැමිණීමෙන් පසු කෝමාරිකා වලින් හොද treatment එකක් ගන්න පුළුවන්.
කෝමාරිකා කොලයක් කපා එහි කොළ පැහැති කොටස ඉවත්කර මදය සුරා පොඩි කරන්න.
ඉන්පසු මුහුණේ හා අතපයවල අලේප කර විනාඩි 20න් පමණ සෝදා හරින්න (එහි පොත්තේ ඇති කසන කොටස ඉවත් වන ආකාරයට ජෙල් එක පමණක් සුරා ගන්නට මතක තබා ගන්න).
yeheliya.lk
(under the courtesy of goodhousekeeping.lk web)