තමන් උපතින් ලත් සමේ පැහැයට වඩා වැඩි සුදක්
ලබාගැන්මේ උන්මාදයෙන් පෙළෙන අය මේ සඳහා කොපමණ මුදලක් වුවත් වැය කිරීමට
කැමැත්තෙන් මේ පසුපස යති. ඔවුන්ට අවශ්‍ය සුදුවීමය. ඉන් එහාට එතුළින් ඇතිවිය
හැකි අතුරු ප්‍රතිඵල ගැන මේ අයට වගක් නැත. මෙහි සැබෑ තත්ත්වය කුමක්ද යන්න
අප කතාබහ කිරීමට සිතුවේද එබැවිනි.
අද වෙළෙඳපොළේ බොහෝ ආලේපන වර්ග ඇත. බොහෝවිට මේ අතරින් වඩාත් ජනපි‍්‍රය වී ඇත්තේ වයිට්නිං ආලේපනයයි.
එනම් අද ආලේප කළ විට හෙට සුදුවන ඒවායි. නමුත් මෙවන් ආලේපවල කිසි විටෙකත් රසායනික ද්‍රව්‍ය අඩංගු බව සඳහන්කර නැත.
හර්බල්, ආයුර්වේද නැචුරල් හෝ ස්වාභාවික වශයෙන් සඳහන්කර ඇති මෙම ආලේපන දැන් බහුලව දක්නට ලැබෙයි. වයිට්නිං සහ ෆෙයානස් (Whitening - Fairness) යන්නෙන් අදහස් වන්නේ අර්ථ දෙකකි. වයිට්නිං යනු සුදුකරවීමයි. ෆෙයානස් යනු පැහැපත් කරවීමයි.
මෙහිදී එක් දෙයක් මතක තබා ගත යුතුයි. එනම් කිසිදු ස්වාභාවික දෙයකින් සම
සුදුකරවීම කොහෙත්ම කළ නොහැකි බවයි. එයින් කළ හැක්කේ පැහැපත්වීම පමණයි. එම
පැහැපත්වීම නිරෝගිමත් පැහැපත්වීමයි.
අපේ සමේ සෛල තට්ටු පහක් ඇත. වයිට්නිං ආලේපන වල ඇති රසදිය
හයිඩ්රොක්විනෝන් හෝ අධිමාත්‍රාවක් හෝ කෝජික් ඇසිඩ් ඉහත කී සෛල තට්ටුවලට
ගොස් ලේවලට මිශ්‍රවෙයි.
ඉන් සිදුවන්නේ සමේ ඇති සමට වර්ණය ලබාදෙන මෙලනින් නිපදවන මෙලනොසයිටිස් සෛල විනාශ කිරීමයි. මෙය සිදුවීමට ගතවන්නේ තප්පර කීපයකි.
අප භාවිතයට ගන්නා ඉහත කී ආලේපනවල රසදිය අඩංගු වී ඇති බව අප සඳහන් කළෙමු.
එම අලේපන හොඳින් සමේ අතුල්ලා පැය පහක් හෝ හයක් තිබෙන්නට හැරීමෙන්
සිදුවන්නේ කුමක්ද යන්න අමුතුවෙන් කිවයුතු නැත. මෙමඟින් සෑදෙන රෝගද
විවිධාකාර වෙයි.
ඇතැම් විට රෝගය කුමක්ද කියා හඳුනාගත නොහැකියි.
රෝග අවස්ථා ඇති වූ විට එම රෝගියා භාවිත කරන ලද ආලේපන ගැන කිසිවිටෙකත්
අවධානය යොමු නොවන්නේ රසායනික ද්‍රව්‍ය අඩංගු ආලේපන ගැන කිසිවිටෙකත් වැඩි
සැලකිල්ලක් නොදක්වන හෙයිනි.
යුරෝපා රටවල තහනම්කර ඇති ඇතැම් රසායනික ද්‍රව්‍ය අපවැනි ආසියාතික රටවල
අය දෝතින් වැළඳ ගෙන තිබෙන්නේද මෙම සුදුවීමේ උන්මාදයෙන් ඔවුන් පෙළෙන බැවිනි.
වැනි තාවකාලික ලස්සනකින් සිදුවන භයානක රෝග ගැන මුළුමහත් ලාංකික ජනතාවට පහදාදීම රූපලාවණ්‍ය ශිල්පීන්ගේ වගකීමකි.
ආලේපනය උසස් ප්‍රමිතියකින් යුතුද නැත්ද යන්න හඳුනා ගැනීම අපහසු වී ඇත්තේ මාධ්‍යවල නොයෙකුත් ආලේපන සඳහා කරනු ලබන වෙළඳ ප්‍රචාරන නිසයි.
ආලේපනයක් ජනප්‍රිය වූ පමණින් හෝ එය ඉතාමත් ඉහළ තත්ත්වයේ ළා දැක්වූ පමණින් එහි ප්‍රමිතිය කිසිසේත්ම උසස් යැයි කිව නොහැකිය.
මෙහිදී එම ආලේපනය වෙළඳපොළට ඉදිරිපත් කරන ආයතනය පිළිගත් ආයතනයක්ද යන්න
සොයා බැලීම සුවඳ විලවුන් හා ඖෂධ අධිකාරියේ ලියාපදිංචි වී ඇත්දැයි සොයා
බැලීම එම ආලේපනය හඳුන්වා දෙන රූපලාවණ්‍ය ශිල්පීන් හෝ ශිල්පිනියක් කාලයෙන්
කාලයට විවිධ නිෂ්පාදන ගැන කතා කරන කෙනෙක්ද නැත්නම් මුදල් පසුපස හඹා නොයන
බුද්ධිමත් එකම ආලේපනයක් ගැන පමණක් කලක සිට කතාකරන කෙනෙක්ද යන්න.
ප්‍රතිඵල ලබාගැනීමට මාසයකට වඩා කාලයක් ගත වන්නේදැයි සොයා බැලීම.
ක්‍රීම් එක ආලේප කළ සැනෙකින් සමට උරාගන්නේදැයි බැලීම.
මෙම කරුණුවලට අදාළ නොවුණහොත් මෙහි ඇති ඡායාරූපවල දිස්වන සේ ඔබටත් එවන් ආසාදිත තත්ත්වයන්ට මුහුණපෑමට සිදුවනු ඇත.
ඉහත සඳහන් කළ ආකාරයෙන් ආලේපන නිසා ඔබටත් මෙසේ ආසාදන තත්ත්වයක් හටගෙන
ඇත්නම් එයට නිසි ප්‍රතිකාර කිරීමට පමාවීම භයානක ප්‍රතිඵල ගෙන දීමට හේතුවිය
හැකියි.
මෙහිදී ඔබ පාවිච්චි කරන සියලුම ආලේපන නවත්වා කෝමාරිකා ෆේස් වොෂ් සහ කෝමාරිකා ජෙල් ගෑමට පටන් ගන්න.
ඒ සමඟ ප්‍රිම්රෝස් මලේ සාරය තිබෙන ආහාර අතිරේකයක් අභ්‍යන්තරව ගත යුතුයි.
මෙවන් සෛලවල බැක්ටීරියා ආසාදන ඉවත්වී අලුතින් නිපදවන සෛල හොඳින් පෝෂණය වී
නිරෝගිමත් වී පිටතට එයි.
මාස හතරක කාලයක්වත් මෙය භාවිත කර පසුව සමට ගැළපෙන ෆේස් වොෂ් සහ ඩේ ලෝෂන් එකක් හා නයිට් ක්‍රීම් එකක් භාවිත කරන්න.
curtesy :
http://tharunie.lk
(under the courtesy of goodhousekeeping.lk web)