iranama
තවම දරුපල නැද්ද?
දරුපල රහිත ඇතැම් වත්මන් අඹුසැමියෝ විවිධ ඔෟෂධ වර්ග, යාග-හෝම, ශාන්තිකර්ම ආදියට අනුගත වී ඇතත් ඔවුන්ට දරු සම්පත නොසිටින තත්ත්වයක්ද උද්ගතවී තිබේ. පෙර කරන ලද අකුසල කර්මයක් යැයි සිතා ක්‍රියා කිරීමෙන්ද ඵලක් නොලැබේ.
දරුපල රහිත ඇතැම් වත්මන් අඹුසැමියෝ විවිධ ඔෟෂධ වර්ග, යාග-හෝම, ශාන්තිකර්ම ආදියට අනුගත වී ඇතත් ඔවුන්ට දරු සම්පත නොසිටින තත්ත්වයක්ද උද්ගතවී තිබේ. පෙර කරන ලද අකුසල කර්මයක් යැයි සිතා ක්‍රියා කිරීමෙන්ද ඵලක් නොලැබේ.
පැරැණි කාලයේ දරුඵල ලබා ගැනීම සඳහා විවිධ ශාන්තිකර්ම කළ බැව් ප්‍රකට කරුණකි. මේ වන විටත් ඔබට දරු සම්පත් අහිමිව සිටී නම් අපේ දේශීය පාරම්පරිකවත් පිළිවෙත් කිරීම ඉතාම සුවදායක වන අතර දරුසම්පත ලබා ගැනීමේ වාසනාව පෑදෙනු ඇත. උත්සාහ කරන්න.
අලුයම කාලයේ 7 වරක් පෙරාගන්නා ලද පැන් බඳුනකට සුදුහඳුන් ගලගා එම ආලේපනය ජලයට මිශ්‍ර කර "සබ්බ පාපස්ස අකරණං" යන ගාථාවෙන් 21ක් වරක් ජප සිද්ධිකර දරුවෙක් ලැබේවායි අධිෂ්ඨාන කර පැන් බඳුන පානය කරන්න.
අනුහස් ඇති බෝධීන් වහන්සේට බෝධි පූජාවක් තබා දරුවකු ලබාදෙන ලෙස බාරයක් වන්න.
සිකුරාදා දිනක රාත්‍රි 12.42 සිට 12.57 දක්වා අතර කාලය ඇතුළත විෂ්ණු දේව රූපයක් ඉදිරියේ නිල් මල් තබා පැන් බඳුනක්ද තබා පැරැණි තඹ කාසියක්, නිල් රෙදි කෑල්ලක කෙම් බාරයක් ගැට ගසන්න.
මෙම මන්ත්‍රය කියන්න
ඕං ශ්‍රී මහා විෂ්ණු නාරායන සත පත්‍ර නේත්‍ර ධාරි ශ්‍රී මත් ශ්‍රී කුමාරි අම්මා හාමිනා මාදෙස බලා වෛකුණ්ඨ නාරායනේ
ජය ජය සිද්ධි සිද්ධි එහි ඒස්වා හා
මෙම මන්ත්‍රය 21ක් වරක් කියා පඬුර ගැටගසන්න.
දරුවකු ලැබී දින 21ක් ගතවීමට පෙර විෂ්ණු දේවාලයකට කුඩා ප්‍රමාණයේ පිත්තල පහනක් බාරයට ඔප්පු කරන්න. මෙය (අත්දුටු බලසම්පන්න බාරයකි)
ඊශ්වර දේවාලයකදී කැති උත්‍රපල් උත්‍රසල නැකතකින් ඉරිදා දිනක පූජාවක් තබා අඹුසැමි දෙදෙනාම දරුඵල අපේක්ෂාසහගතව අධිෂ්ඨාන කරන්න.
පත්තිනි මෑණියන්ට විධිමත් පූජාවක් තබා දරු සම්පත් අපේක්ෂාවෙන් බාරයක් වන්න.
දුර්ගා දෙවඟනට පූජාවක් තබා දරුවකු ලබා දෙන ලෙස අයැද සිටින්න.
කතරගම දේවාලයටත් වල්ලි අම්මා දේවාලයටත් පූජාවක් තබා පඬුරු ගැටගසා දරුසම්පත් අයැද සිටින්න.
ගර්භණී මාතාවකට ඇය කැමැති ආහාරපාන දානයදී තමාටත් එවැනි දරුවකු පිළිසිඳ ගන්නා ලෙසට ඇයගේ ආශිර්වාදය ලබාගන්න.
පසළොස්වක පොහෝ දින චන්ද්‍රයාගේ කිරණාලෝක ආකර්ෂණය ලබා ගැනීම් වස් විනාඩි 3ක් අධිෂ්ඨාන කර තමාට දරුවකු ලැබෙන ලෙස සිතුවිලි තරංග අවකාශයට මුදාහරින්න. (චන්ද්‍ර නමස්කාරය)
ඉරිදා දිනක හිරු පායා එන මොහොතේ හිරු දෙස බලා මිනිත්තු 7ක් බලාගෙන සිට තමාට දරුඵල ලැබෙන සේ අධිෂ්ඨාන කරන්න. (සූර්ය නමස්කාරය)
දාරක සම්පත් හිමිවන සෙත්කවි
විෂ්ණු දෙවියන්ගේ සහ කතරගම දෙවියන්ගේ නම් යොදාගෙන තමාගේ නමද මුල්කොට සෙත්කවි දෙකක් සහ විෂ්ණු හා කතරගම දේවාලයන්හි පූජාව තබා මෙම සෙත්කවි දෙක සෙනසුරාදා හෝ බදාදා දිනක රාත්‍රි සුබ වේලාවක කියවන්න. දරුඵල හිමිවනු ඇත.
ශ්‍රී මහා බෝධීන් වහන්සේට අරක්ගත් කළු දේවතාවුන් වහන්සේට බාරයක් ගැටගසන්න දරු සම්පතක් ලැබෙන ලෙසට.
මේ සියලු කටයුතු කළ යුත්තේ ඉතාම පවිත්‍රව පිරිසුදු චේතනාවකින් යුතුවයි.
විශේෂයෙන්ම කිලි ඇති දිනවලදී පඬුරු හා දේව පූජා ආදිය කිරීමෙන් වැළකිය යුතුයි.
අඹුසැමි යුවළම මෙම උතුම් ශාන්ති කර්ම, වත්පිළිවෙත්වලට සහභාගි වීම වඩාත් ඵලදායී වේ.
ප්‍රවීණ ජේයාතිෂවේදී,
කලා කීර්ති
ටී. හෙන්රි බෙම්මුල්ල
077 1892842
Wmqgd .ekSu u