Health
ඩෙංගු වෛරසය හඳුනාගැනීමට සිදුකරන ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂණය
ඩෙංගු රෝගය අද වනවිට අප රටේ යම් ප්‍රදේශවල වසංගත තත්ත්වයක් ලෙස වර්ධනය වී ඇති බව මේ වනවිට දත්ත මඟින් අනාවරණය කරගෙන තිබේග තවද මේ රෝගයත් සමඟ කොපමණ දැනුම බෙදා දී තිබුණ ද බොහෝදෙනෙකු අතිශය කලබලකාරී තත්ත්වයකට පත්වන බවද රහසක් නොවේග
තම සමීපතමයකු ඩෙංගු රෝගයට ගොදුරු වී ඇතැයි හඳුනාගත් සැනින් බොහෝදෙනෙකු විවිධ ප්‍රතිකාර සෙවීමට උත්සාහ දරන බවද රහසක් නොවේග කෙසේ වෙතත් බොහෝදෙනෙකු තවමත් පටලවා ගෙන ඇති ගැටලුකාරී තත්ත්වයක් වන්නේ ඩෙංගු සඳහා සිදු කරන රුධිර පරීක්ෂණ පිළිබඳ ගැටලුවයිග
ඩෙංගු හැදුනාම ලේ එකක් බලනවාග ඒත් අපි දන්නෙ නැහැල ඇත්තටම මොකක්ද කරන්න ඕනෙ කියලාගගගගග ඉස්සර කිව්වෙ දවස් තුනකින් ලේ එකක් බලාගන්න කියලාග
දැන් ඒ කතාව වෙනස් වෙලාග ඇත්තටම මොකක්ද කරන්න ඕනෙරෑ
මේ බොහෝදෙනෙකු මේ පිළිබඳ කියන කතාවයිග ඒ අනුව ඩෙංගු හඳුනා ගැනීමට සිදු කළ යුතු රුධිර පරීක්ෂාවන් ගැන නැවත ඔබ දැනුවත් කිරීමක් කරන්නෙමුග
ඩෙංගු රෝගය සම්බන්ධයෙන් සිදු කරන රුධිර පරීක්ෂණ දෙකක් ඇතග ඒල ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂණය හා ඩෙංගු ඇන්ටිබොඩි යන රුධිර පරික්ෂණ දෙකයිග
ඇන්ටිජන් යනුවෙන් හඳුන්වනුයේ රෝගයක් සාදන විසබීජයයග ඇන්ටිබොඩි යනු ඒ සඳහා සිරුරෙන්ම සෑදෙන ප්රෝටීනයයිග මෙහිදි එම විසබීජය හඳුනා ගැනීම සඳහා සිදු කරන පරික්ෂණ නම්ල NS1 ඇන්ටිජන් පරීක්ෂණයයිග
සාමාන්‍යයෙන් යම්කිසි ආසාදන තත්ත්වයකදී අදාළ විසබීජය සිරුරේ ක්‍රියාකාරීව පවතිනුයේ රෝගී තත්ත්වයේ මුල්ම අවස්ථාවේදීයග ඩෙංගු රෝගය සම්බන්ධයෙන් ද එය අදාළ වන අතර ඩෙංගු වෛරසය හඳුනා ගැනීමට මූලික අවස්ථාවේදීග එනම් උණ ගැනී පළමු දිනයේම ඉහත දැක්වූ NS1 ඇන්ටිජන් පරීක්ෂණය සිදු කළ යුතු වේග
වෛරස හඳුනා ගැනීමට වැඩි ඉඩකඩක් ඇති අවස්ථාව එම අවස්ථාවයිග නමුත් බොහෝදෙනෙකු පටලවා ගන්නා නැතිනම් වරදවා වටහා ගන්නා අවස්ථාව ද මෙයයිග එනම් ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂණය හරහා ඩෙංගු වෛරසය ශරීරගත වී නැති බවට එම අවස්ථාවේ පෙන්නුම් කළ දල එම දත්ත රෝගය වැළඳී නැතැයි සෑහීමට පත් වීමට තරම් ප්‍රමාණවත් දත්තයක් නොවන බවට දැන් අප අවබෝධ කරගත යුතුමයග
එනම් ඔබට උණ රෝගය වැළඳුණේ නම් මෙම ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂණය කළදල නොකළද දින තුනකට පසුව සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් (FBC) අනිවාර්යෙන්ම කළ යුතු වේග අප ඉහත දැක්වූ අන්ටිජන් NS1 පරීක්ෂණය උණ වැළඳී මුල් දිනයේ සිට දින 2 නැතිනම් 3ක් දක්වාම කළ හැකියග නමුත් ගැටලුව වනුයේ කාලය ගෙවි යත්ම මේ පරීක්ෂණය තුළින් වෛරසය හඳුනා ගැනීමට ඇති ඉඩකඩ නැතිනම් රෝගය හඳුනා ගැනීමේ ප්‍රතිශතය ක්‍රම ක්‍රමයෙන් අඩු වීමේ හැකියාවයිග
නමුත් උණ වැළඳී දින තුනකට පසුව සිදු කරන ජ්ඕඛ් පරීක්ෂණය හරහා බොහෝ දත්තයන් අනාවරණය කර ගැනීමට හැකියාවක් ලැබේග තවද අප ඉහත සඳහන් කළ ඩෙංගු ඇන්ටිබොඩි පරීක්ෂණය එනම් වෛරසට විරුද්ධව ඇඟෙන් නිපදවන ප්‍රෝටීනය හඳුනා ගැනීමේ පරීක්ෂණය බොහෝදුරට උණ වැළඳී දින පහකින් පසුව සිදු කරන පරීක්ෂණයක් වේග
එය ඩෙංගු රෝගය වැළඳී තිබුණේ දැයි හඳුනා ගැනීමට සිදු කරන පරීක්ෂණයක් වුවද කලින් සිදු කිරීමෙන් ප්‍රතිඵලයක් අත් නොවේග
එබැවින් ඩෙංගු වසංගත තත්ත්වයක් සේ පැතිරී යන මේ සමයේ රුධිර පරීක්ෂණයන් සඳහා යොමු වීමේ වැදගත්කම අවබෝධ කර ගැනීම වැදගත් සේම කුමන පරීක්ෂණයන් කුමන අවස්ථාවේදී කළ යුතුද යන්නත් හොඳින් අවබෝධ කර ගැනීම වැදගත්යග
Wmqgd .ekSu