Life
ඩෙංගු මදුරුවන් මර්ධනයට පහසුවෙන් කළ හැකි දේවල් 9ක්
මෙම දිනවල ඩෙංගු මාරයා නැවත හිස ඔසවලා. මදුරුවන් බෝවෙන ස්ථාන විනාශ කිරීම අපි අනිවාර්යයෙන්ම කළ යුතුයි. එය අපේ පවුලේ වගේම අවට සිටින අනික් මිනිසුන්ගේ යහපතටත් හොඳයි. හැකි හැම විදිහටම මදුරුවාගෙන් ආරක්ෂා වීම තමයි අපට කළ හැකි හොඳම දේ. හැම ගෙදරකම නායිකාව වශයෙන් ඔබට පුළුවන් පවුලේ සාමාජිකයන් ආරක්ෂා කර ගැනීමට. මේ සරල දේවලුත් අනුගමනය කරලා බලන්න. මදුරුවන් ස්වභාවිකව විකර්ෂණය කරන ක්‍රම කීපයක් තිබෙනවා මෙතන.
1) මදුරුවන් බෝවෙන ස්ථාන විනාශ කිරීම
ඔබේ නිවසේ , වහලයේ, මිදුලේ හැම අස්සක් මුල්ලක් අරින්නේ නැතුව පරීක්ෂා කරන්න. කිසිම තැනක වතුර රඳන්න ඉඩ දෙන්න එපා. වහලයේ පීලි අතර කොළ රැඳිලා ඇත්නම් කෙනෙක් නග්ගවලා සුද්ධ කරන්න. උන පඳුරු වල , කෙසෙල් ගස් වල පිති අතරේ වතුර රැඳෙනවා. මේ තැන් ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න.
2) Abate රසායන ද්‍රව්‍යය ඉසීම
කානු වල , ගස් වල සහ වහලයේ වතුර රැඳෙන සැක කටයතු තැන් ඇතොත් Abate රසායන ද්‍රව්‍යය සති දෙකකට වතාවක් ඉසින්න. මේ රසායන ද්‍රව්‍ය නොමිලේම සෞක්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් ලබා ගන්න පුළුවන්. ඔබේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේ දේ කිරීම ගොඩක් වටිනවා.
3) දොර ජනෙල් වලට දැල් ගැසීම
මදුරුවන් ගෙට ඇතුල් වෙන්නේ දොර ජනෙල් හරහා. උන්ට ඇතුල් වෙන්න නොහැකි වෙන්න දැල් ගසන්න. නෙට් වලට පාවිච්චි කරන රෙද්ද වඩාත් උචිතයි. දොර වල වලට තිර රෙද්දක් වගේ දමන්න. ඔබ ගෙට ආ සැනින් දැල් රෙද්ද වැසී යන විදිහට.
4) ශාක දුම
අප බොහෝ විට මදුරුවන් පලවා හැරීමට කොහොඹ, මදුරු තලා, දෙහි සහ කුප්පමේනියා වගේ ශාක දාල දුම් ගහනවා. මෙය ඉතාම සාර්ථක ස්වභාවික ක්‍රමයක්. මේ මගින් ගෙදරට එන මදුරුවෝ වලක්වාන ඔබටත් පුළුවන්. ශරීරයටත් අහිතකර නැහැ.
5) දෙහි සහ කරාඹුනැටි සත්කාරය
දෙහි ගෙඩි දෙකක් කපන්න. කපා පීරිසියක තබන්න. පින්තූරයේ ආකාරයට කරාඹු නැටි ගසන්න. මේ ක්‍රමය එළිමහනේ ඉද්දි උනත් පාවිච්චි කරන්න කදිමයි. මදුරුවෝ එන්නේ නැහැ.
6) පැගිරි තෙල් පහන
පොල් තෙල් වලට පැඟිරි තෙල් ස්වල්පයක් එකතු කර පහනක් දල්වන්න.
පහනක් පත්තු කරන එක නම් අත්දුටුවයි . මදුරුවෝ විතරක් නෙවෙයි මැස්සෝ උනත් එන්නේ නැහැ.
7) පැගිරි තෙල් පොඟවන ලද හඳුන් කූරු
හඳුන් කූරු ගෙනත් පැඟිරි තෙල් වල ඔබා අවුවේ තබා වේලන්න. ඉන් පසු රාත්‍රියේ සහ දවාලේ මෙයින් එක කූරක් දල්වන්න. පැය කීපයක් පත්තු වෙනවා. ගෙදරත් සුවඳවත් වෙනවා. මදුරුවොත් යන්න යනවා.
8) දාස් පෙතියා මල් සිටුවීම
මිදුලේ දාස්පෙතියා පාත්ති කීපයක් හැදීමෙන් ගෙවත්තේ ඉන්න මදුරු ගහනය ඉවත් වෙනවා. දහස් පෙතියා මල් ඕනෙම වර්ගයක කෘමියන්ට අහිතකරයි. ඔබේ එළවලු වල වාහන මැස්සෝත් යන්න යාවි.
9) සේර ගස් සිටවීම
සේර කොළ වල ආග්‍රහණයට මදුරුවන් කැමතිම නැහැ. මිදුලේ සහ පෝච්චි වල සේර හිටවලා තැන තැන තිබ්බහම මදුරුවන් යම් දුරකට රැඳීම අඩු වෙනවා. මස්, විශේෂ බත් වර්ග පිසීමේදීත් මේ විස්මය ජනක කෝලන් ඔබට බොහෝ ප්‍රයෝජන ඇති වේවි.