iranama
ජුනි මාසය ඔබේ ලග්නයට කොහොමද?
සාර්ථක මාසයක්
ගෘහ ජීවිතය
2015 ජූනි මාසය මේෂ ලග්නයෙන් උපන් ඔබට ගෙදරදොර වැඩ කටයුතු සාර්ථක ලෙස ඉටුවන මෙම මාසය තුළ පවුලේ සුහදතා වර්ධනය කරගනී. උනන්දුව හා උත්සාහය මත බලාපොරොත්තු සාර්ථක කර ගැනීමට අවස්ථාව ලබයි. ඉඩකඩම් සම්බන්ධයෙන් පැවති ආරවුලක් යම් ප්‍රමාණයකින් විසඳී යනු ඇත. ජීවිතයේ ඉදිරි ගමන සම්බන්ධයෙන් සාර්ථක වැඩ පිළිවෙළක් සැලසුම් කරන අතර ඒ සඳහා උසස් මෙන්ම ධනවත් මිතුරකු ද සම්බන්ධ කර ගනී. දරුවන්ගේ වැඩ කටයුතු වෙනුවෙන් කාලයත් ධනයත් ශ්‍රමයත් වැය කිරීමට සිදු වේ. විවාහ වන වයසේ සිටින මේෂ ලග්න හිමියන්ට සාර්ථක මංගල යෝජනා ඉදිරිපත් වනු ඇත.
රැකියාව
රැකියා කටයුතු සම්බන්ධයෙන් අධික ලෙස වෙහෙසීමට සිදු වන අතර යම් තරමක හෝ සහනයක් සලසා ගැනීමට හැකිවන පරිදි මිතුරු මිතුරියන්ගේ සහයෝගය ලැබෙනු ඇත. අලංකාර භාණ්ඩ නිෂ්පාදනය කරන අයට ද ස්වර්ණාභරණ නිෂ්පාදකයන්ට ද ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට අවස්ථාව සැලසෙයි. නව ආයෝජන ක්රමයන් වෙත යොමු වීමට ද අවස්ථාව සැලසෙයි. චාරිකා කටයුතු ක්‍රීඩා කටයුතු ආදියට සම්බන්ධ අයගේ බලාපොරොත්තු සාර්ථක කරමින් අධික ලාභ අත් කර ගැනීමට අවස්ථාව සැලසෙයි. නව රැුකියා අපේක්ෂා ඉටු වේ. විදේශ රැකියා සම්බන්ධ කටයුතු උසස් තත්ත්වයෙන් පවත්වා ගනී. මැණික් ව්‍යාපාරයෙහි යෙදෙන මේෂ ලග්න හිමියන්ට අධික මිලෙන් යුත් වටිනා මැණික් ලාභ අත් කර ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත. තැන්පත් ධනය ඉහළ යන භාග්‍යමත් මාසයකි.
අධ්‍යාපනය
තරග විභාග ආදියෙන් සාර්ථක ජයග්‍රහණ අත් කර ගැනීමට හැකි වේ. ක්‍රීඩා කටයුතුවල යෙදෙන මේෂ ලග්න හිමියන්ට කැපී පෙනෙන මෙන්ම වාර්තාගත ජයග්‍රහණ අත් කර ගත හැකි වේ. උසස් අධ්‍යාපනය වෘත්තීය අධ්‍යාපනය ආදියෙහි යෙදෙන අයට ද තම බලාපොරොත්තු සාර්ථක ලෙස ඉටු කර ගැනීමට අවස්ථාව මෙන්ම යහපත් පරිසරයක් ද සැලසෙනු ඇත.
සෞඛ්‍යය
ශාරීරික උෂ්ණ ගති බලපාන අතර වකුගඩු ආශ්රිත රෝග අසාත්මිකතා ලේ දුෂ්‍ය වීම් චර්ම රෝග අධික රුධිර පීඩනය ආදී රෝග මගින් පීඩා විඳින අය රෝග සමනය සඳහා ගත යුතු ක්‍රියා මාර්ග වෙත යොමු වීම වැදගත් වේ.
ජය අංකය