iranama
ජීවිතය අඳුරට ද? ආලෝකයට ද?
විවාහ දිවියේ රසය කියන ඇඳුමේ වගතුග
අප ජීවත්වන්නේ අතිශයයින් වර්ණවත් ලෝකයකය.එහෙත් හැමෝටම හැම වර්ණයක්ම සුබ වන්නේ නැත.
උපන් ලග්නය,සතියේ එක් එක් දිනය,ආදී වශයෙන් ගත් කළ ඔබට සුබපල උදාකරන ජය වර්ණය සොයාගත යුතුය.
මුලින්ම සතියේ දින හතට බලවත් වන වර්ණ හඳුනා ගනිමු.
ඉරිදා
මේ දිනයට අධිපති වන්නේ හිරු හෙවත් රවි ග්‍රහයාය.තද රතු මෙන්ම රන්වන් පැහැය ඉරිදාට උචිතය.
සඳුදා
චන්ද්‍රයා හෙවත් සඳු දිනයට අධිපතිය.පිරිසිදු සුදු පැහැය දිනයේ වර්ණය වේ.ඇත්දළ පැහැයද උචිතය.
අඟහරුවාදා
අඟහරු හෙවත් කුජ දිනාධිපති වේ.රතුපැහැය මෙදිනට අයත් වර්ණයයි.
බදාදා
පළා පැහැය මෙදිනට අයත් වර්ණයයි.
බ්‍රහස්පතින්දා
ගුරු හෙවත් බ්‍රහස්පති දිනාධිපතිය.කහ පැහැය ,රන්වන් පැහැය දිනයේ වර්ණ වේ.
සිකුරාදා
සිකුරු හෙවත් ශුක්‍ර මෙදින දිනාධිපතිය.සුදට හුරු වර්ණ වෛවර්ණ රටා ආදිය දවසට අයත්ය.
සෙනසුරාදා
සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා දිනාධිපති වේ.තදනිල් පලු පැහැය මෙදිනට උචිතය.
සතියේ යම් දිනයෙක ආගමික වතාවත් සඳහා සිද්ධස්ථායකට යන ඔබ මල් පූජා කරන්නේ නම් අදාළ දිනයට අයත් වර්ණයෙන් යුත් මල් එක්කර ගැනීම වැදගත් වන්නේ ග්‍රහ ආකර්ෂණය වඩාත් හොඳින් ලබාගත හැකි හෙයිනි.
එහෙත් ආගමික ස්ථානයකට පිවිසෙන ඔබ දවස කුමක් වුවත් සැරසී සිටිය යුත්තේ පිරිසිදු තනි සුදු අඳුමකිනි.සුදු පවිත්‍රත්වයේ සංකේතය සහ මානසික ඒකාග්‍රතාවය නියෝජනය කරයි.
සුවඳ විලවුන් කණකර ආභරණ තොල් ආලේපන ආදී දෙයින් තොරව ඉතා චාම්ව පෙනී සිටීමෙන් විශ්වයේ ආශිර්වාදය මැනවින් ඔබවෙත ලඟා වේ.
ඔබ බෝධිපූජාවකට යන්නේ නම් බෝධීන් වහන්සේ වන්දනාමාන කොට බලාපොරොත්තු සපල කරදෙන ලෙසට ප්‍රාර්ථනා කරන්නේ නම් ශාරීරික පිරිසිදුබව සහ සංවර ඇඳුමින් පෙනී සිටීම අත්‍යවශ්‍ය වේ.බෝධීන් වහන්සේ අභියසදී ඔබේ ජෛව රසායනික ක්‍රියාවලිය වෙනසකට ලක්වන්නේය.
එය ඉතා සංකීර්ණය.ඔබේ සිරුරේ සහ මනසේ ඇති විෂ ඉවත්වී යහපත් කිරණ සිරුරට ඇතුළුවේ.කණකර අබරණ රූපලාවනය ද්‍රව්‍ය සුවඳ විලවුන් සහ තද අඳුරු පැහැති වර්ණ හේතු කොට ගෙන එම ජෛව රසායන ක්‍රියාවලියට බාධා ගෙන දේ.ඉතින් ඔබ කොතෙක් බෝධි පූජා කළත් පලක් වන්නේ නැත.අනෙක් අතට විසිතුරු විච්චූරණ ඇඳුමෙන් පැළඳුමෙන් යුතුව සිද්ධස්ථානයකට යන ඔබ දෙයාකාරයකින් නින්දාවට පත්වන්නේය.
අනෙක් බැතිමතුන්ගේ අවධානය,සහ මානසික ඒකාග්‍රතාවය බිඳ දැමීමට දායකවීමෙන් ඔවුන්ගේ නොරිස්සුම නම් අදෘශ්‍යමාන ශාපයට ගොදුරුවීම එක් කාරණයකි.දෙවැන්න වන්නේ එකී සිද්ධස්ථානය සහ විශ්වය අතර අඛණ්ඩව සිදුවන ආකර්ෂණය සහ ශක්ති හුවමාරුව අතරට නොගැලපෙන ලෙස (විෂ වර්ණ සහිතව)ඇතුළුවීමෙන් ඔබ වෙත කළු කිරණ එල්ලවීමයි.මෙකී BLack currentසිත,කය දෙකටම ඉතා හානිකරය.සෑම ජන්මියෙකුටම හිමි ජයවර්ණයක් තිබේ.එය සොයා ගැනීමට ක්‍රම කීපයක් ඇත.
ලග්නාධිපතිගේ වර්ණය ජන්මියාගේ ජය වර්ණයයි.
උච්ච,නීච,සතුරු,මූඨ ආදී කවර තත්ත්වයකින් සිටියද ජන්මියා ආරක්ෂා කරමින් සුබසෙත සැලසිම ලග්නාධිපතිගේ කාර්යභාරය වේ.
එහෙයින් ජය වර්ණය තෝරා ගැනීමට බලපාන මූලික නියමය වන්නේ ලග්නාධිපතිට හිමි වර්ණය හඳුනා ගැනීමය.මෙහිදීත් ඔබ වර්ණ සහ ජ්‍යෙතිෂ සිද්ධාන්ත අතර එන මූලික නීතිය මතකතබා ගතයුතුය.එනම් පිරිසිදු සුදු වර්ණය ඕනෑම ලග්න හිමියෙකුට ප්රශස්ත වන බවයි.ආලෝක පරාවර්තනයේදී ධවල(සුදු)පැහැය අති විශේෂ බලයකින් යුක්තවේ.
එහෙයින් ඕනෑම ලග්න හිමියකුට සුදු පැහැය පොදුවේ ජය වර්ණයක් ලෙස භාවිතා කළ හැකිය.වියපත් බව යටපත් වි තරුණ පෙනුමක් ආරූඩ වීම,ගෞරවනීය ප්‍රසන්න ආකර්ෂණයක් ගෙනදීම,ප්‍රතිවාදීන් යටපත් කිරීම යනාදිය සුදු පැහැය සතු අසහාය බලයෙන් අංශුමාත්‍රයකි.එසේම අඳුරු (දීප්තියෙන් තොර)කළු,රතු,අළු,දුඹුරු යන වර්ණයන් කුමන ලග්න හිමියෙකුට වුවද ගෙනදෙන්නේ සෘනාත්මක බලපෑමකි.
නිතරම අඳුරු වර්ණයන් ගෙන් යුතු ඇඳුමෙන් සැරසෙන පුද්ගලයන් වටා එවැනිම අඳුරු අදෘෂ්‍යමාන බලවේග සැරිසරන බව මතක තබාගැනීම මැනවි.විවාහක ස්ත්‍රියක් නිතරම දීප්තියෙන් තොර අඳුරු රතු,කළු,අළු,දුඹුරු ආදි වර්ණයෙන් සැරසෙන්නේ නම් ඇගේ විවාහ ජීවිතයද අඳුරු බව එයින් මොනවට විද්‍යාමාන වේ.
ලග්න අනුව ජය වර්ණය තෝරාගන්නේ මෙසේය.
මේෂ/වෘෂ්චික
ලග්න දෙකටම කුජ අධිපති වේ.නෙත් කළු රතු පැහැය ජය වර්ණය වන අතර සුදු,කහ,ලා රෝස යන වර්ණද ජය වර්ණ ලෙස ගත හැක.තද නිල්,තද කළු අයෝග්‍ය වර්ණ වේ.
මිථුන/කන්‍යා
බුධ ග්‍රහයා මේ ලග්න දෙකට අධිපති වේ.කොළ පැහැය(පච්ච වර්ණය),සුදු ,දම් ,ලා රෝස පැහැ ජය වර්ණ ලෙස ගත හැකිය.තද කහ පාට ,රන්වන් පැහැය,තද කළු,තද රතු අනුචිතය.
කටක
සඳු ලග්නාධිපති වන අතර දීප්තිමත් සුදු පැහැය ජය වර්ණය වේ.තද රතු ,තද කළු අනුචිතය.
සිංහ
රවි ලග්නාධිපතිය.තද රතු ජය වර්ණය වේ.තද නිල්,සුදු,ලා රෝස ,කහ පාට ජය වර්ණ ලෙස ගතහැක.තද කළු සහ කොළ පැහැය අනුචිතය.
ධනු/මීන
ගුරු ලග්නාධිපති වන අතර රන්වන් පැහැය,කහ සහ තද නිල් ,සුදු ජය වර්ණ වේ.තද රතු,තද කළු සහ විශේෂයෙන් ම කොළ පැහැය ඉතා අයෝග්‍ය වේ.
මකර/කුම්භ
සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා ලග්නාධිපති වේ.තද නිල් ජය වර්ණය වන අතර සුදු,කහ,පලු පැහැයද ජය ගෙන දේ.තද රතු,රෝස,කොළ ඉතා අයෝග්‍ය වේ.
Wmqgd .ekSu