Life
ජයලත්ට තිබුණු ශික්ෂණය අපි කාටවත් නෑ
ප්‍රේමයේ සෞන්දර්යය මතින් අවංක දේශපාලනයේ මායිම් සලකුණු කළ මෙරට නවකතා ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් වූ කරුණාසේන ජයලත් නම් නොකියවූ පුස්තකය අපි මෙවර සත්මඬලෙන් කියවන්නෙමු.
ජයලතුන්ගේ සෞන්දර්යය ඔහුත් ඇතුළු ව ඊළඟ පරම්පරාව අතින් ගිලිහෙන්නේ මන්දැයි මෙවර මුවදොර වදන සංලාපයට එක්වෙමින් අවධාරණය කරන්නේ; විචාරකයකු, නවකතාකරුවකු හා ස්වාධීන ශාස්ත්‍ර ගවේෂකයකු වන උපුල් ශාන්ත සන්නස්ගල ය.
කරුණාසේන ජයලත් නම් නිර්මාණකරුවා ඔබ දකින්නේ කෙසේ ද?
ප්‍රේමය වගේ දේ ගැන යම් කිතිකැවිල්ලක් එන කාලෙ අපි කුමාර කරුණාරත්නත්, කරුණාසේන ජයලත්වත් කියවන්න පටන් ගත්තා.
කුමාර කරුණාරත්න සංස්පර්ශය කළ ප්‍රේම කතාවල ඒකාකාරී බවක් තිබුණා. මේ ඒකාකාරී බවෙන් මිදෙන්න කුමාර පොත් කිහිපයක් හරහා උත්සාහ කරනවා. නමුත් සමාජය පිළිගන්නේ නැහැ. ප්‍රේමයයි, දේශපාලනයයි, යෞවනයේ කිතිකැවෙන චමත්කාරයයි එක්ක අපිව හරියටම ස්පර්ශ කළේ ජයලත්. ඒ සඳහා වික්ටර් රත්නායකගේ 'ස' වගේ ප්‍රසංගයක් බලපෑම් කරනවා. ඉතා ම හොඳ ගීත විශාල ප්‍රමාණයක් මේ කාලේ ගුවන් විදුලියේ එනවා. මාලනී බුලත්සිංහල, වික්ටර්, අමරදේව, නන්දා මාලිනී වගේ අයගේ ගීතවලින් ඇතිකරන ප්‍රහර්ෂය අපි කන් දෙකට ගත්තට ඒක කියවලා බොහෝ කාලයක් තියාගන්න පුළුවන් විදියේ මතකයන් ගබඩාවක් අපිට නිර්මාණය කරන්නේ ජයලත්. ඒ නිසා ජයලත් හඹාගෙන යෑමේ තැනකට අපි තල්ලු වෙනවා. ඉස්සෙල්ලාම 'ගැහැනු ළමයි' නවකතාව. ඒකේ තිබුණු ප්‍රේම සම්බන්ධය ග්‍රාමීය සමාජයේ තිබුණු බොහෝ ප්‍රේම සබඳතාවල සුලබ අත්දැකීමක්. මම අදත් හිතන්නේ සාහිත්‍යයේදී දුර්ලභ අත්දැකීම් ලියන්න ලේසියි. මොකද ඒ අත්දැකීම් පාඨකයා දන්නේ නැහැ.
අතිශය සුලබ අත්දැකීමක් කොහොම ද පාඨකයා තිගස්සවන්න ලියන්නේ. ඒ කාලේ චිත්‍රපටවලත් ඕක තිබුණා. 'තුෂාරා' වගේ චිත්‍රපටයක් ගත්තත් 70 දශකයේ වාණිජ සිනමාව ගත්තත් ඉතාම සුලබ අත්දැකීම් වස්තු විෂය බවට පත් වෙනවා. ලෙස්ටර්, පතිරාජගෙ පරම්පරා කළ චිත්‍රපටවල දුලබ අත්දැකීම් තිබුණා තමයි. 'නිධානය', 'පාර දිගේ' ඊට උදාහරණ. නමුත් වාණිජ සිනමාවේ තිබුණේ සුලබ ප්‍රේම ජවනිකා.
ජයලත් මෙතරම් දක්ෂ ද කියලා තේරෙන්නේ අපි මේ විඳපු අත්දැකීම් අපූර්ව විදියට මේ තරම් ලස්සනට ලියන්න පුළුවන්කම ලැබීමෙන්. මේක තමයි කුමාර කරුණාරත්න ඇතුළු ජයලත්ගේ පරම්පරාවේ අනෙක් ලේඛකයන්ට නොතිබුණු ප්‍රතිභාව වශයෙන් මම දකින්නේ. ජයලත්ගේ ගොළු හදවත ගත්තත් එහෙමයි. අනෙක් සියලු නවකතා ගත්තත් එහෙමයි. ජයලත් සුවිශේෂී නවකතාකරුවෙක් වෙන්නේ ඒ ආකාරයටයි.
ජයලත්ගේ 'ස්ත්‍රිය' ගැන ඔබ මොකද හිතන්නේ...
කරුණාසේන ජයලත් තරම් ස්ත්‍රිය ගැන විනයකින් ලියපු ලේඛකයෙක් මම දැකලා නැහැ. මම දන්නේ නැහැ එය කොහෙන් ආව එකක් ද කියලා. එය ඔහුගේ විවාහක බිරියගෙන් ආව එකක් ද; ඒ බිරියට පිරිමි දරුවන් හිටියට ගැහැනු දරුවන් නොහිටිය නිසා ද කියලා, මට හිතාගන්න බැහැ. ස්ත්‍රිය ගැන මේතරම් භක්තියෙන් ලියූ ලේඛකයෙක් මට නවකතා ඉතිහාසයේ හමුවෙලා නැහැ. ඒ තරම් ම කාන්තාව ගැන ගෞරවයෙන් කවි ලියූ කවි
Wmqgd .ekSu is