Life
ජංගම දුරකතන නිසාත් කුරුලෑ එනවා
සෞඛ්‍ය සම්පන්නව ඉන්න අපි හැමෝම කැමැතියිග එහෙම සෞඛ්‍ය සම්පන්නව ඉන්න පුළුවන් ඉඟි කීපයක් තමයි මේග උත්සාහ කළොත් ඔබටත් මේ පුරුදුවලට හැඩගැහෙන්න පුළුවන් වෙයිග
අක්ෂි වෛද්‍යවරයා හමුවීමට වේලාවක් වෙන් කරගෙන නියමිත කාල වේලාවට අනුව ඔබගේ කණ්ණාඩි යුගලය අලුත් කරගැනීමට කටයුතු කරන්නග මෙමඟින් දෑස් වටා සම රැලි වැටීම ඇතිවීම වළක්වාලනවාග
සමේ සංවේදී ස්ථානයන්හි රෝම සති තුනෙන් තුනට පමණ ඉවත් කිරීමට පුරුදු වෙන්නග
නිකටේ පහළ පෙදෙස් මෙන්ම කම්මුල්වලද කුරුලෑ ඇති වීම නිසා ඔබ අමිහිරි අත්දැකීම්වලට මුහුණ පානවාග මෙම ස්ථානවල කුරුලෑ ඇතිවීමට හේතුවක් ලෙස දුරකතනය භාවිත කිරීමට යොමු වී ඇති වැරැදි ක්‍රම දක්වන්න පුළුවන්ග දුරකතනය භාවිත කළ පසු එම සෑම අවස්ථාවකදීම දුරකතනය මෙන්ම දුරකතනය මුහුණේ ස්පර්ශවන ප්‍රදේශ පිසදැමීමට කටයුතු කරන්නග
රාත්‍රි කාලයේදී සමට විවේකයක් අවශ්‍ය වෙනවාග සමේ තිබෙන මැරුණු සෛල රාත්‍රි කාලයේ හිස තබන කොට්ටයට එකතු වෙනවාග එම නිසා සති දෙකකට වරක් වත් ඔබ
කොට්ට උරය මාරු කිරීමට පුරුදු වන්න
ඔබ ලබා ගන්නා ආහාර වේල්වලින් ශරීරයට වැඩි වශයෙන් ලුණු එකතු වීම දක්වන්නට පුළුවනිග එම නිසා සම වියළීමට ලක්වෙනවාග මොයිෂ්චරයිසින් ආලේපනය මඟින් එහි ඇති ද්‍රව්‍යයන්ගේ ක්‍රියාත්මක වීම නිසා සම වියළීම වළකනවාග
ඔබ සීනි වැඩි වශයෙන් ආහාරයට ගන්නා කෙනෙක් වෙන්න පුළුවන්ග එම නිසා ඔබගේ සමට හානි වෙනවාග ස්වාභාවික පැණි රස වර්ග එනම් අන්නාසිල ඇපල් සහ අඹ ආහාරයට යොමු වෙන්නග
විනාඩි 15කට වඩා වැඩි වේලාවක් උණුසුම වැඩි ස්ථානයක සිටීමෙන් ශරීරයේ පටක සහ නම්යතාවන්ට හානි සිදුවෙනවාග
ඔබ දුම් පානය නොකළත් වෙනත්් අයකු දුම් පානය කරන තැනකදී එම දුම ඔබට ආශ්වාස වීමෙන් ඔබ රෝගාතුර වීමට පුළුවන්ග එම විස දුම නිසා සම එල්ලා වැටීමට ලක්වෙනවාග එය දුම්පානය කරන්නාටද ඇති වෙනවාග
දිනකට ප්‍රධාන ආහාර වේල් 03ක් ගන්න අප යොමුවෙලා තිබෙනවාග සමහර දිනවලදී එක් ආහාර වේලක් හෝ මඟ ඇරෙන්න පුළුවන්ග එම නිසා ඔබගේ ශරීර ස්කන්ධය අඩු වෙනවාග ඒ වගේම ඔබගේ සම ඉතාමත් ඉක්මනින් වියළීමට සේම ඉක්මණින් වයස් ගත වීමටද ඉඩ තිබෙනවාග ඔබගේ ආහාර වේලට විටමින් ඒලඕලඛ් එකතු කිරීම් තුළින් ශරීරය මෙන්ම සමද සෞඛ්‍ය සම්පන්න කරගන්න පුළුවන්ග
නිතරම ඔබගේ අව් කණ්ණාඩි පිස දමන්න අමතක කරන්න එපාග එයට හේතුව වනුයේ අව් කණ්ණාඩියේ බැක්ටීරියාවන් රැඳීමල වර්ධනය වීම වැළැක්වීමයිග
Wmqgd .ekSu u