Life
චොකලට් ඇතුලේ එන මත්පැන් Alco-choc
ලෝකයේ විවිධාකාරයේ නිෂ්පාදන බිහි වෙනවා. දවසින් දවස එක එක අලුත් දේවල්. ඔය අතරේ නිපදවෙන අලුත් චොකලට් වර්ගයක් ගැන කියන්නයි මේ සුදානම.
චොකලට් කියලා කිව්වට මේ චොකලට් ඇතුලේ තියෙන්නේ අපි කාලා පුරුදු කජු, ප්ලම්ප්ස්, ක්රිස්පී, එහෙමත් නැත්නම් ආමන්ඩ් ඇටයක් නොවෙයි.
මේවා ඇතුලේ තිබෙන්නේ මත්පැන් ! ඒ තරම් හොඳ දෙයක් නොවුනත් මේක අපුරු නිෂ්පාදනයක්. විවිධ වර්ගයේ මත්පැන් වර්ග ද්‍රව ස්වරුපයෙන්ම චොකලට් වලින් වට කරලා වෙළඳ පොලට නිකුත් කෙරෙනවා.
ලංකාවේ තවම නැති වුණත් බොහෝ බටහිර රටවල මෙය දැන් එන්න එන්නම වෙළඳ පොලේ ජනප්‍රිය දෙයක් බවට පත් වෙලා.
සමහර චොකලට් පුංචි බෝතල් වල හදයටත් නිර්මාණය කරලා තිබෙනවා. Alco-choc නමින් ප්‍රසිද්ධ මේ චොකලට් වර්ගය සමහර රටවල ළමයින්ට මිලදී ගැනීමේ හැකියාව නැහැ.
කෙසේ නමුත් මත් පැන් වලට ඇබ්බැහි වූ අයට ටිකෙන් ටික මත් පැනින් ඈත් වීමටත් මෙය හොඳ විකල්පයක් වනවා වගේම වැඩිපුර පුරුද්දට ගියොත් අලුතින් ඇබ්බැහි වෙන්නත් බැරි කමක් නැහැ.
Wmqgd .ekSu taIshka