Kitchen
ගෙදරදීම PIZZA ඵකක් හදාගන්න හැටි
අවශ්‍ය ද්‍රව්‍ය (පීසා දෙකකට) :
මද රස්නය සහිත වතුර කෝප්ප 1/2 (120ml, සෙල්සියස් 32-34 අතර )
Active dry yeast තේ හැදි 2 (10 ml)
සීනි තේ හැදි 1 (5ml)
පාන් පිටි කෝප්ප 5 (680g)
ලුණු කුඩු තේ හැදි 2
ඔලිව් තෙල් මේස හැදි 1
වතුර කෝප්ප 1 1/4 (300ml)
පීසා සෝස්
මොසරැල්ලා චීස් 300g පමන
අවශ්‍ය නම් වෙනත් චීස් වර්ග අවශ්‍ය පමනට
සාදා ගන්නා ආකාරය :
1. මද රස්නය සහිත වතුර උඩට මුලින්ම yeast ටික දමන්න. ඉන් පසු ඒ ටික උඩට සීනි දමා හොදින් කලවම් කර, පිපෙන තෙක් (මිනිත්තු 15ක් පමන ) පසෙකින් තබන්න.
2. පාන් පිටි, ලුණු, ඔලිව් තෙල් වෙනම භාජනයකට දමා එයට yeast මිශ්‍රණය සහ ඉතිරි වතුර ටික දමා හොදින් කලවම් කරන්න.
3. ඉන් පසු මෙය මේසයක් මතට හෝ counter top එකක් උඩට දමා මිනිත්තු 10ක් පමණ අත් දෙකෙන් තදින් අනා ගන්න.
4.හොදින් අනාගත් පිටි මිශ්‍රණය නැවත කලින් භාජනයටම දමා එය ප්‍රමාණයෙන් දෙගුණ වන තෙක් හොදින් වසා තබන්න.
5.හොදින් පිපුනු පසු නැවත එලියට ගෙන අවශ්‍ය ප්‍රමාණයට කැලි වලට වෙන් කර බෝල සකසා නැවත පිපෙන්නට තබන්න (ප්‍රමාණයෙන් එක හමාරක් පමන වන තෙක්)
6. අවන් එක සෙල්සියස් 200ට රත් කර ගන්න.
7. මුලින් සාදා ගත් පිටි බෝල වලින් අවශ්‍ය හැඩයට රොටිය tray එක මත සකසා ගන්න. රොටිය මත පීසා සෝස් ගාන්න, ගා ගත් චීස් ඒ මත අතුරා ගන්න. සකස් කර ගත් පීසා ටොපින් එක එය මත අතුරා ගන්න.
8. සකස් කර ගත් පීසා එක මුලින් රත් කර ගත් අවන් එකේ දමා විනාඩි 15-20 පමන පුලුස්සා ගන්න. මිනිත්තු 10න් පමන අවන් එක ඇර බැලීමෙන් පීසා එක සෑදී අත්දැයි බලා ගත හැක.
9. පදමට පිලිස්සුනු පීසා එක අවන් එකෙන් බා තරමක් රස්නය සහිතමවම ආහාරයට ගන්න.
Wmqgd .ekSu ,la