ගෘහණියට නිවෙසේ හිමි වන වගකීම සුළුපටු නැහැ. උයන්න පිහන්න, රෙදි සෝදන්න,
අතුපතු ගාන්න, දරුවන්ගේ කටයුතු වගේම සැමියාගේ කටයුතුත් ඒ අතර වෙනවා.
රැකියාවකට යොමු නොවන ඔබට උදේ ඉඳන් අවදි වූ වේලාවේ සිට නින්දට යනතෙක්ම
නිදහසක් නැහැ. ඒ අතරතුරේ ඔබේ පිරිසුදුකම, පිළිවෙළ, ලස්සන මඟහැරෙන අවස්ථා
බොහොමයක් ඇති. ඒත් ඔබ කෙතරම් කාර්යබහුල ගෘහණියක් වුවත් ඔබේ රූපය ගැන
විමසිලිමත් වීම අතිශය වැදගත්.
හිසකෙස් ගැටලු
ඔබ ගෘහණියක් ලෙස මුහුණපාන රූපලාවණ්‍ය ගැටලු අතරින් ප්‍රධාන වන්නේ
හිසකෙස් සම්බන්ධ ප්‍රශ්න වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් කාන්තාවන්ගේ කෙස්
ගැලවී යෑමට ප්‍රධාන හේතුවක් වන්නේ මානසික පීඩනය. මෙය ගෘහණියටත් එලෙසම
බලපානවා. ඒ විතරක් නෙමෙයි කිරි දෙන මවුවරුන්ටත් මේ ගැටලුවට මුහුණ දෙන්න
වෙනවා. හිස්හොරි කියන්නේ හිසකෙස් සම්බන්ධ රෝග රැසකට මුල. ඒ නිසා ඔබේ
කාර්යබහුලත්වය මැද විනාඩි කිහිපයක් ඔබේ හිසකෙස් වෙනුවෙන් වෙන්කරන්න.
හිසකෙස් සඳහා සතියකට වරක් තෙල් සත්කාරයක් කරන්න.
මේ සඳහා පොල් තෙල් සත්කාරයක් කරන්න. පොල්තෙල් තෝරා ගැනීමේදී සුදු පැහැයට
හුරු පොල්තෙල් වඩාත් සුදුසුයි. එසේත් නැතිනම් මිදෙන පොල්තෙල් ද සුදුසුයි.
සතියකට වරක් හොඳින් තෙල් ගල්වා විනාඩි 15ක් පමණ මසාජ් කර ගන්න. පසුව ස්නානය
කරන්න.
එසේත් නැතිනම් රාත්‍රියේ හොඳින් පොල් තෙල් ගල්වා මසාජ් කර උදේ ස්නානය කරන්න.
මේ සඳහා ඔබට ඔලිව් තෙල් යොදාගත හැකි නම් වඩාත් සුදුසුයි.
නිතර කාර්යබහුලත්වය නිසා හිසකෙස්වල කුණු දූවිලි වැදීම, හිස්හොරි ඇතිවීම
සාමාන්‍ය දෙයකි. එම නිසා නිවෙසේදීම ඒ සඳහා කළ හැකි හොඳම ප්‍රතිකාරය වන්නේ
උළුහාල්, දෙහි තම්බා ගත් වතුරෙන් හිස සේදීමයි.
ස්නානය කිරීමේදී හැකිනම් හිසකෙස්වලට සුදුසු ෂැම්පු වර්ගයක් භාවිත කරන්න.
හිසට සබන් දැමීම නුසුදුසුයි. හැකිනම් සුදුසු කන්ඩිෂන් වර්ගයක් භාවිත
කරන්නේ නම් හිසකෙස්වල වියළි බව වළකා දීප්තිමත් වරලසක් ලබා දෙයි.
දිනපතා ස්නානය කිරීම හිසකෙස්වලට එතරම් සුදුසු නැත. එහෙත් දවසක් හැර
දවසක් ස්නානය කරන්නේ නම් සුදුසුය. දිනපතා ෂැම්පු භාවිත කිරීම සුදුසු නැත.
එහෙත් ගෘහණියක් ලෙස ඔබ උදේ සහ සවස ඇඟ සේදීම අනිවාර්ය වේ.
මුහුණට ප්‍රතිකාර
කුණු දූවිලි, දුම, දැලි ආදිය නිසා ඔබේ මුහුණ ඉක්මනින් දුර්වර්ණ විය හැකියි. ඒ නිසා මේ පිළිවෙත් ඊට පිළියම් සපයනවා ඇත.
නිතරම මුහුණ පිරිසුදුව තබා ගැනීමට නම් ෆේෂ්වොෂ් එකක් භාවිත කරන්න.
ක්ලෙන්සර් භාවිත කළ හැකි නම් වඩාත් සුදුසුයි.
ඔබේ මුහුණ වඩාත් පැහැපත් කර ගැනීමට ස්ක්‍රබ් එකක් නිවෙසේදී පහසුවෙන්ම සාදාගන්න පුළුවන්.
මුදවපු කිරි සහ මී පැණි කවලම් කර විනාඩි 15
Wmqgd .ekSu taIshka