Life
ගැබ්ගෙල පිළිකාවෙන් ආරක්ෂා වන්න
ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට සෑදෙන පිළිකා අතරින් ගැබ්ගෙල පිළිකාවට
හිමිවන්නේ දෙවන ස්ථානයයි. එය දෙවැනි වන්නේ පියයුරු පිළිකාවලටය. ගැබ්ගෙල පිළිකාවට ගොදුරුවන කාන්තාවන් ප්‍රමාණයෙන් වැඩි වන්නේ ඒ පිළිබඳ පවතින නොදැනුවත්භාවය නිසාවෙනි. විශේෂයෙන් ගැබ්ගෙල පිළිකා පූර්ව අවධියේ හඳුනාගැනීම මගින් එම රෝගය සම්පූර්ණයෙන් සුව කළ හැකිය. ඒ සඳහා ඔබ සිදු කළ යුත්තේ පැප් පරික්ෂණයකට පෙනී සිටීමයි. සුවැති දිවියක් වෙනුවෙන් ගැබ්ගෙල පිළිකාවෙන් මිදෙන්නට රෝග ලක්ෂණ පහළ වනතුරු සිටීම නුවණට හුරු නොවන බැවින් මේ දැනුවත් කිරීම ඒ වෙනුවෙනි.
ගැබ්ගෙල පිළිකාවක මූලික රෝග ලක්ෂණ
යෝනි මාර්ගයෙන් අක්‍රමවත් රුධිර වහනය
ලිංගික සංසර්ගයට පසු රුධිර වහනය
යෝනි මාර්ගයෙන් අධික දුර්ගන්ධයකින් යුත් ශ්රාවයක් පිටවීම
මාස් ශුද්ධිය නැවතී ඇති කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් රුධිරය පිටවීම
ගැබ්ගෙල පිළිකාවක අවදානම වැඩි මේ අයටයි
HPV (හියුමන් පැපිලෝමා) නමැති වෛරසය ආසාදිත කාන්තාවන්ට (ගැබ්ගෙල පිළිකා 95%කට HPV ආසාදනය මගින් සිදුවේ) ලිංගික ජීවිතය ඇරඹීමට පෙර HPV එන්නත ලබාගැනීමෙන් මෙම ආසාදනයට ලක්වීම වළක්වාගෙන එමගින් ගැබ්ගෙල පිළිකාව වළක්වා ගත හැක. දැනට මෙම එන්නත ශ්‍රී ලංකාව්දී ලබාගත හැක්කේ පෞද්ගලික වෛද්‍ය සේවා මගින් පමණි.
අඩු වයසින් ලිංගික ජීවිතය ඇරඹූ කාන්තාවන්ට
බහු පුරුෂ සේවනයේ යෙදෙන කාන්තාවන්ට
බහු ස්ත්‍රී සේවනයේ යෙදෙන පුරුෂයන් සමග ලිංගිකව සම්බන්ධ වන කාන්තාවන්ට
අක්‍රීයව හෝ සක්‍රීයව දුම් පානයේ යෙදෙන කාන්තාවන්ට
විවිධ රෝග සඳහා ප්රතිශක්තීකරණය හීන කරවන බෙහෙත් ගන්නා කාන්තාවන්ට
ගැබ්ගෙල පිළිකාව පූර්ව පිළිකා අවධියේදී හඳුනාගත හැකියි
අනෙකුත් පිළිකා වර්ග මෙන් නොව ගැබ්ගෙල පිළිකාව වළක්වාගත හැක. ගැබ්ගෙලෙහි සිදුවන වෙනස්කම් මුල් අවස්ථාවේදී හඳුනාගැනීමෙන් හා ප්‍රතිකාර කිරීමෙන් එම මූලික අවස්ථාවන් පිළිකාවක් බවට කල් යාමේදී පත්වීමට ඇති හැකියාව වළකාලයි.
ඔබ ගැබ්ගෙල පිළිකාවක් සැදීමේ අවදානමක සිටින බව පැප් පරීක්ෂාවකින් කලින් දැනගත හැකියි.
පැප් පරීක්ෂාවක් යනු
ගැබ්ගෙල ආශ්‍ර