Health
ගැටවර වියේදී වැඩිපුර ඛනිජ ලවණ ලබාගන්න
ගැටවර වියට පා තැබුණාට පසු වැඩිහිටියෙකුගේ උස ලබා ගෙන ඇත්නම් ඒ සඳහා අවශ්‍ය අස්ථි ඛනිජ ගැටවර වියේදීම ලබා ගැනීම සඳහා සුදුසු ආහාර ගැනීම හා කායික ක්‍රියාකාරකම්වල යෙදීම මඟින් මුළු ජීවිත කාලය පුරාම හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් යුක්තවීමට ඉවහල් වන බව ඇමරිකාවේ වෛද්‍ය විශේෂඥයින් පිරිසක් පැවැත්වූ විශේෂ අධ්‍යයනයකින් හෙලි වූ බව වාර්තා වේග
දරුවාගේ වැඩීම ඔහුගේ උස සමඟ සම්බන්ධ වන බව අප බොහෝවිට සිතනවාග එහෙත් මෙහිදී සමස්ථයක් වශයෙන් අස්ථි වර්ධනය වීම ද මෙහිදී වැදගත් ස්ථානයක් ගන්නවා යැයි ඉහත කී අධ්‍යයනට මූලික වූ වෛද්‍ය විශේෂඥ කණ්ඩායම් ප්‍රධානියා වූ ෆිලඩෙල්ෆියාවේ ළමා රෝහලේ විශේෂඥ ශානා ඊ මැකෝමැක් පවසන අතර ගැටවර වියට පත් වූවෙකු වැඩිහිටි තත්ත්වයට සම්බන්ධ උස ප්‍රමාණය ලබා ගැනීමේදී සමස්ථ අස්ථි ප්‍රමාණයෙන් සියයට 10 ක් පමණ අත්කර ගැනීම දිගටම සිදුවන බවද විශේෂඥවරිය පවසන්නීයග
වර්ෂ 2002 සිට 2010 දක්වා 2000ක් පමණ වූ සෞඛ්‍ය සම්පන්න දරුවන්ල යෞවන වයසේ පසුවන අය හා තරුණු වියේ පසුවන 2000ක් පමණ දෙනාගේ අස්ථි හා ශරීර වර්ධනය ගැන අධ්‍යයනයක් මෙම කටයුත්තට උපයෝගී කරගෙන තිබිණග
එසේම ගැටවර වියේදී උස යෑමේ වර්ධනය අස්ථි ඛනිජ ලබා ගැනීමේ වේගයට වඩා අධික වීම නිසා දරුවන් හා ගැටවරයින් අතර ඇට බිඳීයාම වැඩි බව මෙම අධ්‍යයනයෙන් දැකගත හැකියග වැඩිහිටි තත්ත්වයට පත්වීමට පෙර මනුෂ්‍යයන්ගෙන් සියයට 30 ත් 50 ත් අතර ප්‍රමාණයකට ජීවිතයේදී එක් ඇට බිඳුමකට මුහුණ දීමට සිදුවිය හැකි බවද පැවසේග
බොහෝ ගැටවරයන්ගේ වැරදි හැසිරීම් ක්‍රියාවලීන් එනම් දුම්බීමල මත්ද්‍රව්‍ය භාවිතයල පෝෂ්‍ය නොවන ආහාර ගැනීම මෙන්ම කායික ක්‍රීඩාවල නොයෙදීම වැනි කරුණු නිසා අස්ථි වර්ධනය සිදුවීමට බාධා සිදුවන බව පවසන මැකෝමැක් දෙමාපියන් හා සෞඛ්‍ය සේවකයින් මෙම ගැටවර වියේ පසුවන අයට සෞඛ්‍ය සම්පන්න හැසිරීම් රටා එනම් සෞඛ්‍ය සම්පන්න පෝෂ්‍යදායි ආහාර හා වැඩිපුර කායික ක්‍රීඩාවල යෙදීමට සැලැස්වීම වැදගත් බව පවසයිග
එසේම දිවීමේ සහ බර ඉසිලීමේ ව්‍යායාම මඟින් දරුවන්ගේ හා ගැටවර වියේ පසුවන අයගේ අස්ථි ශක්තිය වැඩි දියුණු වන බවද පැවසේග
දරුවන් හා ගැටවරයින්ගේ අස්ථි සෞඛ්‍ය වැඩි දියුණු කිරීමෙන් පසු කාලයකදී ඔස්ටියෝපොරොසිස් වැනි රෝගවලින් ආරක්ෂා විය හැකි බවද මෙම අධ්‍යයනයට මූලික වූ තවත් විශේෂඥයෙකු වූ ආචාර්ය බැබෙට් එස්ග සෙමෙල් පවසයිග
එසේම ගැටවර වියේදී සෞඛ්‍ය සම්පන්න භාවයට නව ශක්තියක් ලබා දීමට හැකියාව මෙතෙක් හඳුනාගෙන නොතිබූ බව මෙම අධ්‍යයනයෙන් අවධාරණය වන බවද ඇය වැඩිදුරටත් පවසන්නීය
curtesy :dinamina.lk