iranama
ග්‍රහ මඬුල්ලේ සෙන්පති ඔබේ දිවියට කරන බලපෑම්
ග්‍රහ මඬුල්ලේ තාරකා අතරින් පෘථිවියට සමාන ගති ලක්ෂණ පෙන්නුම් කරන එකම ග්‍රහ තාරකාව කුජ තාරකාවයි. පෘථිවියට ඉතාම ආසන්නව සිටින තරුවද එය වේ. එය ළංවූ විට සැ. 34000000 වන අතර දුරස් වූ විට සැ. 63000000 පමණ වෙයි. පෘථිවියට සමාන ගති ලක්ෂණ ඇති බැවින් එහි සත්ව වාසයක් ඇතැයි ද යන්න තාරකා විද්‍යාඥයන්ගේ විශ්වාසයයි. අපට මෙන්ම කුජ තාරකාවටද රෑ දවල්වීම පැය 24 කදී සිදුවේ. කුජ තරුවේ එක් එක් පැත්ත රතු, නිල්, කොළ, දුඹුරු ආදී වර්ණවලින් යුක්ත වේ. ජ්යෝාතිෂයේදී කුජ, ග්‍රහ මඬුල්ලේ සෙන්පති ලෙස හඳුන්වනු ලබයි. එමෙන්ම කුජ ග්‍රහයා පාපියෙකු ලෙස හැඳින්වූවත් මනුෂ්‍යයාගේ ධෛර්යය, ශක්තිය, නිර්භීත ක්‍රියාවන්ට ඉදිරිපත් වීම හා ඊට ඇති ආශාව, ආත්ම විශ්වාසය, තේජවන්ත එඩිතර ගතිය, ස්තිර ගතිය, සටන්කාමිත්වය, විවාද ශක්තිය ආදී උසස් ගතිගුණ වලට කුජ ග්‍රහයා ප්‍රධාන වේ.
කුජ ලග්නයෙහි හෙවත් පළමුවැන්නේ සිටියදී උපන් මනුෂ්‍ය තෙමේ ධෛර්යවන්ත කෙනෙක් වෙයි. සටන්කාමිත්වය, ඉක්මන් ක්‍රියාකාරී බව, නිදහසට ඇති තද ආශාව, ක්‍රමානුකූලව පාලන කටයුතු කිරීමේ දක්ෂතාව, පිරිස් නායකත්වය, ආරම්භ කළ කාර්යය අතනොහැර ඉදිරියට ගෙනයැමේ ශක්තිය, සතුරන් ඉදිරියේදී වඩා උද්යෝගවත් වීම හා ලෞකික බලය ලබාගැනීමේ ආශාව ආදී ගුණාංග කුජ ග්‍රහයා නිසාම ඇතිවන ගුණාංග වේ. කුජ එකේ හෙවත් ලග්නයෙහි ඇති අය බොහෝවිට දරුණු විපත්තිවලට මුහුණපාති. දරුණු මරණවලට මුහුණ පාන්නට සිදුවේ. හිසට තුවාලවීම බොහෝවිට සිදුවිය හැක. මරණය දක්වා පසු නොබසින ඔවුන් මැරී වැටෙන තුරු සටන් කිරීමටද පෙළඹෙති.
කුජ දෙවැන්නෙහි සිටියදී උපන් අය කෙසේ හෝ මුදල් ඉපයීමට උත්සාහ ගනී. වියදම් කිරීමේදීද සකසුරුවම් බවක් නොමැත. විශාල ධනයෝගයක් යෙදී නොතිබුනොත් ධනවතෙක් නොවේ. බොහෝ විට මොවුන්ගේ වචනයට අන්‍යයන් ගරු කරති. පවුලට හිතවත් වේ. යහපත් දරුවෝ ලබති. හොඳට හිටියොත් හොඳ ගති වැඩිකරන්නාක් මෙන්ම නරකට හිටියොත් නරක ගති වැඩිකරයි. මුහුණේ කැලැල් පවතින තුවාල සෑදිය හැක.
කුජ තුන් වැන්නට බලවත් වේ. එසේ උපන් අය හික්මීමෙන් යුතුවේ. යුධ කටයුතුවලින් ජයග්‍රහණ ලබයි. ප්‍රසිද්ධ කෙනෙක් වෙයි. ඉතා බලවත් සහෝදරයෝ ඇති කරයි. කුජ තුන්වැන්නේ සිටියදී එකොළහේ පාපයෙක් සිටීනම් භාර්යාවට සුබ නොවේ.
කුජ හතර වැන්නේ සිටියදී උපන් අය සමඟ නැදැයෝ විරුද්ධ වෙති. මවුපිය පාර්ශ්වයේ දේපළ නැති නාස්තිවෙයි. තමාට ලැබුණත් බොහෝවිට නැතිකර ගනී. නැතිනම් එම දේපළ අවුල් සහගතවේ. ඉතා තද මුරණ්ඩු ගතිගුණ ඇතිකරයි. ජීවිතයේ සැඛ්සමය අධික කරදර සහිත වෙයි. කුජ බලවත්ව හතරේ හිටියොත් බොහෝ සුබඵල හිමිවේ.
කුජ පස්වැන්නේ නම් ජන්මියාගේ පළමු පිරිමි දරුවා අනතුරුවලට ලක්වෙයි. අකීකරු දරුවෝ ලබති. පස්වැන්නේ කුජ මනුෂ්‍යයා අධිකාමුක බවට පත්කරයි. උත්පාදන ශක්තිය වැඩිකරති. රහස් අසනීපවලටද ගොදුරුවේ. ප්‍රීති උත්සව වැනිදේට වියදම්කර මුදල් නාස්ති කරයි. බුද්ධිය හීන කෙනෙක් වන අතර ඉගෙනීමද අතරමග කඩාකප්පල් කරගන්නටද බොහෝ විට ඉඩ ඇත.
කුජ හයවැන්නට බලවත්වේ. මෙම අයට සතුරන් නොමැත. ආමාශයේ රෝගවලට හේතුය. මනා ශරීරයකින් යුක්ත ඔවුනට අවංක හදවතක් හිමිය. ස්ත්‍රියකගේ කේන්ද්‍රයේ හත්වැන්නේ කුජ තිබීම ශුභ නැත. ගබ්සාවීම් අමාරු දරු ප්‍රසූත ආදියටද හේතු වේ.
කුජ හත්වැන්නේ සිටියදී උපන් අය බොහෝ විට නියම වයසේදීම හෝ ඊටත් පළමු විවාහ ජීවිතයට ඇතුළත් වේ. ප්‍රමාද වීමද සුදුසු නොවේ. ගුරු, සිකුරු ආදී ශුභ දෘෂ්ටියක් නොලැබ කුජ හතේ නීචව අසුබ අවස්ථාවක සිටියොත් දික්කසාද වීමට හෝ වෙන්වීමට හෝ කලත්‍රයාගේ මරණයට හේතුවේ. හතේ සිටින කුජ රවිට පෙනුනොත් විවාහයෙන් වෙන්වෙයි. ස්ත්‍රියකගේ හතේ කුජට වඩා පුරුෂයාගේ හතේ කුජ අශුභ අතට බලපවත්වයි. කෙසේ හෝ හතේ කුජ සිටින ස්ත්‍රියගේ ස්වාමි පුරුෂයා තේජවන්ත විර්යවන්ත අයෙක් වේ. කුජ මාරක ස්ථානය වූ අටේ සිටීම භයානක වේ. බාල කාලයේදී මිය යන යෝග කීපයක්ම කුජ අටේ සිටින විට යෙදේ. කවදා හෝ දරුණු මරණයකට මුහුණ පෑමට සිදුවේ. බොහෝ විට හදිසි අනතුරුවලින් ශල්‍යකර්මවලින් හෝ වැඩිකල් දුක් නොවිඳ ක්ෂණිකව මියයන අසනීපවලින් මරණය සිදුවේ. වස්තු සම්පත් හීන කරන අතර අන් අයගෙන් ලැබීම් අඩුවේ.
කුජ නමවැන්නේ සිටිනවිට ආගමික භක්තිය හීනකරයි. මව්පියන්ට, වැඩිහිටියන්ට අකීකරුවෙයි. දීර්ඝ ගමන්වලදී අනතුරුවලට ලක්වීමට ඉඩ ඇත. ජ්යෝාතිෂයට ඇලුම්කරයි.
දසවැන්න කුජ ග්‍රහයාට ඉතා බලවත් ස්ථානයයි. දසවැන්නේ සිටි කුජගේ මහදශාව ලැබුවොත් නොවරදවාම සියලු යස ඉසුරු ගෙන එයි. දසවැන්නේ කුජ සිටින අය උසස්වීමේ අධික ආසාව ඇත්තෝ වෙති. රජවරුන්ගේ කේන්ද්‍රවල කුජ දහයේ සිටියොත් එම දශා කාලයේදී අලුත් රාජ්‍ය අයිතිකර ගනී. කුජ දහයේ සිටින අය මහත් ආඩම්බරකාරයෝ වෙති. කුජ මහ දශාවේ සිටින අය බොහෝ ඉඩ කඩම් ලබයි. බලවත්ව සිටියොත් සාමාන්‍යයෙන් සිතිය නොහැකි තරමට උසස් වේ.
කුජ එකොළොස් රැසේ සිටිනවිට මිතුරන් අඩුකරයි. ඔවුන් අවිශ්වාස කරයි. පොළොවෙන් ලැඛෙන මිනිරන් මැණික් ආදි ඛනිජ වස්තූන් ලැබීමට වාසනාව ඇත. වැවිලි කර්මාන්තයටද යහපත්ය. එකොළහේ කුජ සිටියදී තුනේද පාපියෙකු සිටියොත් භාර්යාවට යහපත් නොවේ. එකොළහේ කුජ ව්‍යාපාර කටයුතුවලටද යහපත් නොවේ.
කුජ දොළොස් වැන්නේ නම් යහපත් දේට වඩා අයහපත් දේවලට සිත් යොමුවේ. හදිසි අනතුරු බන්ධනාගාරගත වීම්, සතුරන්ගෙන් හා සතුන්ගෙන් පීඩා පිය පාර්ශ්වයේ අය සමඟ ආරවුල් හා පාදවල දරුණු තුවාල ආදිය ඇතිකරයි. කුජ මහ දශාව ලැබුවොත් නඩු හබවලට පටලවයි. මේ නිසා බොහෝ වියදම් ඇතිකරවයි.