iranama
ග්‍රහ බලය සහ මැණික් බලය
මැණික් පැලඳීමට පෙර මැණික් ගලක තත්ත්වය පරීක්ෂා කිරීමට යම් හෝ හැකියාවක් ඔබ තුළ තිබිය යුතුය. ව්‍යාජ මැණික් සහ තත්ත්වයෙන් බාල මැණික්වලට අප සමාජය හසුවී තිබෙන බව දැනගත්තේ එම ගොදුරට අසුවී තිබෙන අහිංසක මිනිසුන් අප කරා පැමිණ ඔවුන් මුළා වූ අයුරු පවසද්දීය.
මැණික් ගලකට සහතිකයක් ගත් පමණින් එය පැලඳීමට සුදුසු වන්නේ නැත. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් හෝ මේවා වෙන යම් පෞද්ගලික මැණික් පරීක්ෂණාගාරයකින් හෝ වේවා මැණික් පිළිබඳ සහතිකයක් නිකුත් කරනුයේ එහි වර්ගය සඳහන් කරමින් මිස එය පැලඳීමට සුදුසුද නුසුදුසුද යන්න සඳහන් කරමින් නොවන වග හොඳින් සිතට ගන්න.
අප වටා සිටිනා ග්‍රහ තාරකාවන්ගේ බලපෑම කෙතරම්ද යන්න අද විද්‍යාත්මකව ඔප්පු වී ඇත. මා මීට නිදසුනක් ලෙස අපට ආසන්නම ග්‍රහ වස්තුව වන සඳුගේ බලපෑම ගෙනහැර දක්වන්නම්.
සඳු ග්‍රහයාගේ බලපෑම ඇතිවන්නේ මිනිසාගේ මනසට බව ඔබ දන්නා කාරණාවක්. ඔබ කුඩා කල පාසලේදී විද්‍යා විෂයය උගත්තේ නම් සඳු නිසා ඇතිවන වඩදිය සහ බාදිය බලපෑම ඔබට මතක ඇති. ඒ සඳු පෘථිවියේ ඇති භෞතික සාධකයක් වන මුහුද සහ ගොඩබිම අතර සම්බන්ධයට දායක වන ආකාරයයි.
මෙය අද වෛද්‍ය විද්‍යාවෙන්ද තහවුරු කර තිබෙනවා. සඳු මෝරන කාලයට එනම් පෝය දවස් කිට්ටු වන විට මිනිසාගේ මානසික වියවුල්තාවක් ඇතිවීමට හේතු වන බව අද සමීක්ෂණ මඟින් ඔප්පු වී තිබෙනවා.
ඒ වගේම ඇමෙරිකාවේ සහ මැලේසියාවේ වෛද්‍ය සිසුන් කණ්ඩායම් දෙකක් මානසික ආබාධ ඇති රෝගීන් රැගෙන සිදු කළ සමීක්ෂණයකට අනුව මෙම මානසික රෝගී තත්ත්වයේ උච්චතම අවස්ථාව ලෙස එම ප්‍රදේශවලට සඳු මෝරන කාලය බව හඳුනාගෙන තිබෙනවා.
මේ ග්‍රහ බලපෑම් නවීන විද්‍යාවට ඔප්පු වෙමින් තිබෙන්නේ අද ඊයේ වුණාට මේ බව අපේ පැරැණි මුතුන් මිත්තෝ නම් අවබෝධ කරගෙන තිබුණේ වසර දහස් ගණනකට පෙර සිටය.
කෙසේ වුවත් ග්‍රහ බලපෑම් සඳහා සිදුකරන සාර්ථකම ප්රතිකර්මය තමයි මැණික් පැලඳීම කියල කියන්නෙ. මේ මැණික් පැලඳීම අද ඊයේ සොයාගත්තක් නොවේ. අති සාර්ථක තාක්ෂණික යුගයක් විසින් ලොවට දායාද කරපු ක්‍රමවේදයක්.
එක් එක් ග්‍රහ බලපෑමට සුදුසු මැණික් මොනවාද කියන එක ගැන දැන් ඔබට යම් දැනුවත්කමක් ඇති. කුමන මැණික් ගලක් පැලැන්දත් එම මැණික් ගලේ තත්ත්වය හරිහැටි පරික්ෂා කර බැලීමේ හැකියාව නැතිනම් ඔබට කිසිසේත් මැණික් තෝරා ගැනීම සිදු කිරීමට නොහැකි විය යුතුයි. යම් යම් පුද්ගලයන් නොයෙකුත් යන්තේරා්පකරණ පෙන්වමින් මෙම මැණික් ගල්වල තත්ත්වය පෙන්වීමට ඔබට උත්සාහ කළත් මැණික්වේදියකු ඇසින් පරීක්ෂා කර බලා මිස මැණික් ගලක් නිවැරැදි බව කීමට තරම් සමත් කිසිදු යන්තේරා්පකරණයක් නැති බවද මෙහිදී මම මතක් කර දිය යුතුයි. මැණික් පැලඳීම කපටි වංචනිකයන්ගේ ගොදුරක් බවට පත් වෙමින් පවතින අවස්ථාවක ඔබ මිලදී ගැනීමට පෙලඹෙන මැණික්වල තත්ත්වය රත්නවේදියකු ලවා තහවුරු කරගෙන මිස එය පැලඳීම සිදු නොකරන ලෙස ඔබට අවධාරණය කළ යුතු වෙනවා.
Wmqgd .ekSu u