Beauty
ගස්ලබු වලින් ලස්සන වෙන හැටි
ගස්ලබු නැත්නම් පැපොල් කියන්නේ ගොඩක් රසවත් පළතුරක් කියල අපි දන්නවනේ. රස විතරක් නෙමේ, ඔයාලා දන්නවද මේ ගස්ලබු අපිට නිරෝගීව ඉන්න වගේම ලස්සනට ඉන්න හොඳ පෝෂණයක් ලබා දෙනවා. ලංකාවේ අපිට මේ පළතුර හොයා ගන්නත් එච්චර අමාරු නෑනේ. ඉතින් එක එක කෘතිම ක්රීම් වර්ග ගානවට වඩා, හොඳ නැද්ද ස්වභාවික විදියට ලස්සන වෙන එක? ඉතින් ඒක නිසා, අපි හිතුවා "ගස්ලබු වලින් ලස්සන වෙන හැටි" ගැන කතා කරන්න.අපි දැන් බලමු කොහොමද මේ පලතුරෙන් ලස්සන වෙන්නේ කියලා.
01. ගස්ලබු වල විටමින් A සහ පැපේන් තිබෙන නිසා, සමේ ඇති මැරුණු සෛල ඉවත් කිරීමට එය උපකාරී වේ.
02. සමේ තෙතමනය පවත්වා ගැනීමට උපකාරී වේ.
03. ගස්ලබු මුහුණේ ආලේප කිරීමෙන් (විනාඩි 25ක් පමණ), මුහුණේ ඇති කුරුලෑ කැළැල් අවම කර ගත හැක.
04. සිනිදු සහ මෘදු සමක් ලබා ගැනීමට ගස්ලබු ඉවහල් වේ.
05. සමේ දීප්තිය ඇති කරයි.
06. යටි පතුල් පැලී ඇත්නම්, ගස්ලබු සූරා පැලුණු යටිපතුල් වල අලේප කිරීමෙන්, ඒ තත්ත්වයන් අවම කර ගත හැක.
07. සමේ අවපැහය ඉවත් කර ගැනීමට ගස්ලබු ආලේපනය ගොඩක් හොදයි.
08. ඔබේ මුහුණේ සම වයසට යෑම අඩු කරයි.
09. හිසකෙස් හොදින් ශක්තිමත්ව වැවීමට උපකාරී වේ.
10. හිස්හොරි මර්ධනයට උපකාරී වේ.
11. හිසකෙස් සිහින් වීම වලක්වයි.
12. ගස්ලබු වල ඛනිජ හා විටමින් තිබෙන නිසා, හිසකෙස් වල තියෙන කුණු, තෙල් සහ රසායනික දෑ ඉවත් කරයි.
බලන්න කොච්චර වාසි ඔයාලට ලැබෙනවද, ගස්ලබු ආහාරයට ගත්තොත්, අලේප කලොත්
yeheliya.lk
(under the courtesy of goodhousekeeping.lk web)