Beauty
ගනිමුද
ආයුර්වේදයේ ක්ෂීර ලෙස හඳුන්වන්නේ කිරි වර්ගයි.
ඈත අතීතයේ සිට කිරි ඖෂධයක් ලෙස යොදාගත් අවස්ථා බහුලයි. එපමණක් නොව
රූපලාවණ්‍ය කටයුතුවල දී පෙරදිග රටවල මෙන්ම අපරදිග රටවලත් කිරි බහුලව භාවිත
වී ඇත. අදටත් ආහාරයක්, ඖෂධයක්, රූපලාවණ්‍ය ප්‍රතිකාරයක්, ලෙස කිරි උපයෝගීකර
ගන්නේ මෙහි ඇති සුවිශේෂී පෝෂක ගුණය නිසයි.
එළකිරි, ආයුර්වේදයේ දක්වන පරිදි සිසිල්, මෘදු, වඩා බර ප්‍රතිශක්තිය
වර්ධනය කළ හැකි, වයසට යාම හා ලෙඩරෝග පාලනය කළ හැකි මහගු ඖෂධයක් ලෙසයි.
ආයුර්වේදයේ කිරි උපයෝගී කරගෙන අභ්‍යන්තර ප්‍රතිකාර මෙන්ම බාහිර ප්‍රතිකාර ද
සිදු කරයි. බාහිර ප්‍රතිකාර අතර ක්ෂීර ධාරා නවර කිශි කිරි ස්නාන ප්‍රතිකාර
අද ලෝකයේ බහුලව සිදු කෙරෙයි.
* ක්ෂීර ධාරා -
එළකිරි පමණක් හෝ වෙනත් ඖෂධ අවශ්‍ය පරිදි මිශ්‍රකර සැකසූ කිරි (ක්ෂීර කසාය) ධාරාවක් ලෙස ශරීරයට වත් කරයි.
* නවර කිශි -
එළකිරි හා කෂාය එක්කොට සැකසූ කිරිබත් යොදාගෙන සාදාගත් පොට්ටනි භාවිතයෙන් ශරීරය තවනු ලැබේ.
* ක්ෂිර ස්නානය -
මෙහිදී ජල තටාකයකට එළකිරි පමණක් හෝ වෙනත් සුදුසු ඖෂධ වර්ග මිශ්‍රකර රෝගියාව එහි විනාඩි 30 ක් 40 ක් පමණ ගිල්වා තබයි.
අවශ්‍යතාවය අනුව මෙම ප්‍රතිකාරයට පෙර තෙල් සම්බාහනය, කුඩු වර්ග මඟින් ශරීර සම්බාහනය වැනි ප්‍රතිකාරවලට අනතුරුව මෙම ස්නානය සිදු කරයි.
* මෙවැනි කෂීර ප්රතිකාරවලින් ලබාගත හැකි ප්‍රයෝජන
කිරි යනු හොඳ පෝෂකයක්. එනිසා අංශභාග මෂ්තිෂ්ක, ආඝාත වැනි ස්නායු රෝගවලදී
ස්නායු පෝෂණයකර යළි පණ ගැන්වීමේ තර්ජන ප්‍රතිකාර ලෙස යොදා ගනියි.
එමෙන්ම කිරිවල ඇති විටමින්, ඛනිජ ලවණ වැනි පෝෂක නිසා සමට වඩා ගුණදායකයි.
මෙම ගුණ මඟින් සමේ සෛල පෝෂණයකර සමට තෙතමනය ලබා දෙයි.
වියළීම, දුරලා රැලි වැටීම වළක්වයි. දුර්වර්ණතා ඉවත්කර සමේ පැහැය වර්ධනය
කිරීම සඳහා ද මෙම ප්‍රතිකාර යොදා ගනියි. කිරි ශීත ගුණය සහිත නිසා ශරීරයට
ඉතා හොඳ සැහැල්ලු බවක් ලබාදෙයි.
මේ සමඟ ඇරෝමා ප්‍රතිකාර සංයෝග කිරීමෙන් කායිකව හා මානසිකවත් සැහැල්ලු බව ලබාදෙයි.
මෙය අතීතයේ ක්ලියෝපැට්රා වැනි රූප රාජිනියන් පවා තම රුව ලස්සන පවත්වා ගැනීමට භාවිත කළ ඉතා විද්‍යානුකූල සාර්ථක ප්‍රතිකාරයකි.
අද ලෝකයේ රෝහල්වල මෙන්ම සංචාරක ක්ෂේත්රයේත් රූපලාවණ්‍ය කටයුතුවලදී හා රෝගයට ප්‍රතිකාර සිදු කිරීමට භාවිත කරන ක්‍රමයක් වී තිබෙයි.
(under the courtesy of goodhousekeeping.lk web)