Health
ගංවතුර ඔබේ සෞඛ්‍යයට බැට දෙන හැටි
දින ගණනාවක් පුරා ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව අප රටට ගෙන දුන්නේ දැඩි විපතකිග සුන්දරව ගලා ගිය කැළණි ගං කොමලිය ප්රචණ්ඩ වියග සිරිලක අසිරිය කියා පාමින් කන්ද උඩරට විරාජමානව වැජඹුණු කඳු ගැට නිමේෂයකින් නාය ගියේ ජිවිත ගණනාවක් බිලි ගනිමිනිග දෙගොඩ තලා ගිය ජල රකුසා අපේ පුංචි රටේ මිනිස් ජීවිත 73 බිලිගෙන 127ක් අතුරුදහන් කර 427ල918ක් අවතැන් කර හමාරයග
කරක් උසට නැඟුණු ජල කඳේ සැඩ පහර කොතරම් ද කිවහොත් අඩි 10- 15 උසැති නිවාසවල වහලවල් පවා නොපෙනන තරමට වැසී ගියේයග ගැබිණි මව්වරුල දරුවන් ඇකයේ හොවා ගත් මව්වරුන්ල වයසක උදවියල රෝගීන් ඇතුළු සෑම සියලු දෙනාටම ඇදිවත පමණක් උරුම කරදී ඔවුන් අනාථයින් බවට පත් කිරිමට තරම් මේ දිය රකුසා සැහැසි වියග
ශ්‍රී ලංකීකයන් ලෙස මේ විපතේදී හැකි පමණින් අනාථ වූවන්ට පිහිට වන්නට දිගු කල සත්කාරයේ දෑත් සත්තකින්ම ප්රසංසනීයයග ත්‍රිවිධ හමුදාවල බෝට්ටු මඟින්ල හෙලිකොප්ටර් මඟින් අනාථ වූවන්ට ආහාර පාන මෙන්ම අවශ්‍ය සියලු දෑ ලබා දීමට ඉදිරිපත් වූ අතර පන්සල් ල පල්ලිල කෝවිල්ල රජයේ ආයතනල මාධ්‍ය ආයතනල ස්වේච්ඡා ආයතන සමස්ථ ජනතාව ස්වේච්ඡාවෙන් මේ සඳහා ඉදිරිපත් වියග
නමුත් අද මා පවසන්නට යන්නේ ගං වතුර නැමැති රකුසා අපේ සෞඛ්‍යයට තර්ජන එල්ල කිරීමට බලා සිටින ආකාරයයිග
ඩෙංගු
ගංවතුර බැස යාමත් සමඟම නොයෙකුත් රෝගී තත්තවයන් හිස එසවීමට පටන් ගැනීම අරුමයක් නොවේග ගංවතුරෙන් උන් හිටි තැන් අහිමි වී සිටිනන්ට ලෙඩක් දුකක් හැදුණහොත් ඔවුන් කබලෙන් ලිපට වැටෙනවා නොවේදරෑ
ජලය සිඳී ගියද තැනින් තැන ඉතිරි වී ඇති සුළු ජල ප්‍රමාණයක් වුවද ඩෙංගු මදුරුවාට බිත්තර දැමීමට සුදුසු ස්ථානයකිග වැස්ස සහ ගංවතුර අවසන් වනවාත් සමඟම අපට ඉඟි කරන්නේ ඩෙංගු පැතිර යාමේ පූර්ව ලක්ෂණයකි්ග ඇතැම්විට ගංවතුරෙන් බැට කෑ ඔබ ඩෙංගු මදුරුවාගේ ගොදුරක් විය හැකග එබැවින් ඉතා සුළු ජල ප්‍රමාණයක් රැඳෙන සියලු ස්ථානවල ජලය ඉවත් කර දැමිය යුතුයග යෝගට් කෝප්පල ටොනික් මූඩිල පොල්කටු ආදිය වළලා දමන්නග හේතුව මෙවැනි ස්ථාන ඩෙංගු මදුරුවාගේ නවාතැන් වන බැවිනිග
වෛරස් උණ
වැස්සට තෙමී ගංවතුරේ එහා මෙහා යෑම සමඟ කාලගුණය වෙනස්කම් මත වෛරස් උණ පැතිර යාමේ අවදානමක් ද ඇතග වෛරස් උණ සහ ඩෙංගු මුලදී හඳුනා ගැනීම තරමක් අපහසු බැවින් දින 03 නොකඩවා තද උණ පවතින්නේ නම් නොපමාව වෛද්‍යවරයෙකු වෙත ගොස් ප්‍රතිකාර ලබා ගෙන රුධිර පරීක්ෂාවක් :ජ්ඕඛ්- කර ගන්නග එවිට තමන්ට වැළඳී ඇත්තේ ඩෙංගු ද වෛරස් උණ ද යැයි සැකහැර දැන ගත හැකියග උණ ගණන් නොගෙන සිටීමෙන් ඩෙංගු රක්තපාත තත්ත්වයට පවා පත් විය හැකි බැවින් සැලකිලිමත් වන්නග
මී උණ
ගංවතුර නිසා මී උණ ඇතිවන භයානක රෝගී තත්ත්වයක් වනුයේ මී උණ තත්ත්වයයිග මීයන් පමණක් නොව වෙනත් සතුන්ගේ අසූචි ජලයත් සමඟ මිශ්‍ර වී ඇසට නොපෙනෙන තුවාලයකින් පවා විෂබීජ ශරීරගත වේග ඹ්ඥනබධඵනඪපධඵඪඵ හෙවත් මී උණට නිසි ප්‍රතිකාර නොකළහොත් ඇතැම්විට මාරාන්තික තත්ත්වයක් උදාවිය හැකග
මී උණ ඍජුලෙස අක්මාවටල වකුගඩුවලට බලපෑම් සිදු කරන බැවින් රුධිර පරීක්ෂණල මුත්‍රා පරීක්ෂණ මඟින් මී උණ වැලඳි ඇත්දැයි තහවුරු කරගත හැකග
රෝගය උග්‍ර වනවිට තද උණල හිසරදයල මාංශපේෂි වේදනාව තදින් දැනේග
ඩෙංගුල මී උණල වෛරස් උණ හි මූලික ලක්ෂණය එක හා සමානයග පසුව රෝග ලක්ෂණ එකිනෙකට වෙනස් වේග එබැවින් මේ දිනවල ගංවතුරින් පීඩා විදි ඔබට උණක් වැළඳුනහොත් ප්‍රතිකාර ගැනීම අත්‍යවශ්‍ය වන අතර ඔබ ගංවතුරින් බැට කෑ පුද්ගලයෙකු බව වෛද්‍යවරයාට පවසන්නග ඔබට වැළඳී ඇත්තේ ඩෙංගු හෝ මී උණ නම් මුල් අවදියේදීම ප්‍රතිකාර ගත් විට රෝගය සුව කර ගත හැකි නමුදු රෝගය උත්සන්න වන තෙක් සිටියහොත් මාරාන්තික තත්ත්වයට පවා පත්වීමට ඉඩ ඇතග
පාචනයල
ගංවතුරට පසු සුලභව දක්නට ලැබෙන තවත් රෝග නම් පාචනයල උණ සන්නිපතයල සෙංගමාලය :හෙපටයිටීස් ඒ- මේ රෝග තුනටම බලපාන ප්‍රධාන සාධකය වන්නේ අපිරිසිදු ජලය පානය හා අපිරිසිදු ආහාර අනුභව කිරීමයිග මෙම අවදානමෙන් බේරීමට නම් පිරිසිදු ජලය පානය කළ යුතු අතරම පිරිසිදුව පිළියෙල කළ ආහාර පමණක් ආහාරයට ගත යුතුයග ජලය හොඳින් නටවා පානය කළ යුතුයග නැවත නිවසට පදිංචියට යාමට ප්‍රථම විෂබීජ නාශක යොදා මුළු නිවසම පිරිසිදු කර ගන්නග
විශේෂයෙන් මුළුතැන්ගෙයි බඩු භාණ්ඩල වැසිකිලිය ආදියෙහි විෂබීජ තිබෙන බැවින් විෂබීජ නාශක ද්‍රව්‍ය යොදා පිරිසිදු කර ගැනීම අත්‍යවශ්‍යයග එසේ නොමැති නම් විෂබීජ සහිත භාජන භාවිතා කළහොත් පාචනය ඇතිවීමට ඉඩ ඇතග කෑම උණුසුමේම ආහාරයට ගන්නග
එවිට ආහාර පිළුණු විමට ඇති ඉඩකඩ අවම වේග පාචනය බෝවන රෝගයක් බැවින් මළපහ වැඩි වාර ගණනක් පිටවෙනවා නම් වහාම වෛද්‍ය උපදෙස් පැතිය යුතුයග
ඇදුම-හතිය
ඇදුම හතිය විශේෂයෙන් කුඩා දරුවන්ට වැළඳීමට බෙහෙවින් ඉඩකඩ ඇතග සෙම් රෝග වලින් පීඩා විඳින අයට වැස්සල ගංවතුර කොහෙත්ම අගුණයග හතියල ඇදුමල පීනස් ආදී රෝගයන්ගෙන් පෙළෙන උදවියට තෙතමනය නිසා රෝගී තත්ත්වය වැඩිවිය හැකග කුඩා දරුවන්ටල වැඩිහිටියන්ට ඇදුමල හතිය තිබේ නම් තත්ත්වය උත්සන්න වීමට ඉඩ ඇතග එබැවින් වෛද්‍යවරයෙකු වෙත ගොස් වහාම ප්‍රතිකාර ගත යුතුයග
සෙලියුලයිටීස් සමේ රෝග
ගංවතුර අපවිත්රයග මේ අපවිත්‍ර ජලය සමඟ නිතර ගැටීම නිසා සම මතුපිට කැසීමක් හටගත හැකියග මෙම තත්ත්වයේදී සමේ ඇතුළත පටකවල ආසාදනයක් හටගැනීමට ඉඩ ඇති අතර සෙලියුලයිටීස් තත්ත්වයක් ඇතිවිය හැකග සතුන්ගේ අසූචිල පණු බිත්තර මඟින් සමේ රෝග :හොරි- ඇතිවිමට පුළුවනග විශේෂයෙන් කුඩා දරුවන් අතර පැතිර යා හැකි මෙම තත්ත්වය දරුවන් ආරක්ෂා කර ගැනිමට නිතරම ඔවුන්ගේ දෙපා සබන් හා සනීපාරක්ෂ දියර යොදා නිතරම පිරිසිදුව තබා ගත යුතුයග එක් අයෙකුට මෙවැනි තත්ත්වයක් ඇති වුවහොත් ප්‍රතිකාර වෙත යොමු වීම වැදගත්යග හේතුව මෙය බෝ විය හැකි බැවිනිග මේ කරුණ පිළිබඳ දැඩි අවධානයෙන් සිටීමෙන් ගං වතුරෙන් ඔබේ සෞඛ්‍යයට වන හානිය වළක්වා ගත හැකග
Wmqgd .ekSu