Health
ගං වතුරට මුහුණ දුන් ඔබගේ ආහාර වේල මේ ආකාරයට සකසා ගන්න
දැන් උදා වී ඇත්තේ පශ්චාත් ආපදා සමයයිග ගං වතුර හා නාය යාම් පැවතුනත් මිනිසා ඉන් ජීවිතය කෙසේ හෝ යළි නැගිටිය යුතුයිග ලස්සන වටපිටාව අඳුරු කර දැමුවත් ස්වභාවධර්මයාගේ අපූර්වතම නිර්මාණය වන මිනිසා විසින්ම එය යලි ගොඩනැඟිය යුතු බව නම් පැහැදිලියිග නැවත පිළිසකර කළ යුතු නිවසේ සමහර ස්ථාන කඩිමුඩියේ නිම කළත් ගං වතුර ක්‍රමයෙන් ඉවත් වී ගොස් අපට ඉතිරි කර යන දේ නම් අපේ ජීවිතවලට තර්ජනයක් වනු නොඅනුමානයිග ඒ බොහෝවිට මේ පශ්චාත් සමයේ පැතිරී යන ලෙඩ රෝග හේතුවෙනිග මේ නිසා මානසිකවත් විඳින පීඩාව අතිමහත්යග මෙවැනි හේතු නිසා ඇතිවන ලෙඩ රෝග අතරට සමේ රෝග ප්‍රධානවම ගැනිය හැකියිග තවත් විවිධ අවධානම් සහිත තත්ත්වයේ රෝග ඔබ හමුවට ඒමට පෙර ඔබගේ ප්‍රතිශක්ති කරන හැකියාව වැඩි කරගත යුතුයිග ඒ සඳහා අදාළ ආහාර වර්ග ඔබගේ ආහාර වේලේ තිබිය යුතු වුවත් මෙවැනි ආපදා තත්ත්ව හමුවේ කෙසේ නම් එය කළ හැකිදරෑ මේ සඳහා පිළිතුරක් ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන අපට ලබා දුන්නේ ඔබගේ පහසුව පිණිසමයිග
මෙවැනි ආපදා තත්ත්වයකදී ඇතිවිය හැකි අපහසුතා
විජලනය වීම - මෙය සාමාන්‍ය ලෙස සිදුවෙයිග නමුත් උග්‍ර නොවේග
ආහාර රුචිය ඇති නොවීම
මානසික ආතතිය ඇතිවීම
මල හොඳින් බැහැර නොවීම
සිත නොසන්සුන් වීම
ශාරීරිකව දුර්වල වීම
නින්ද අඩුකම
ගං වතුර බැසයාම පටන් ගත් විටදී ඔබ නිවස පිරිසුදු කිරීමට පටන් ගන්නේ මිදුලේ වතුර මට්ටම බැස යන්නටත් පෙරයිග ඒ නිසා ඔබ නොදැනුවත්වම මිදුලේ වතුරින් පාදවලට එකතු වන විෂ බීජ විවිධ ලෙඩ රෝග සෑදීමේ ප්රවණනතාව වැඩි කරයිග විශේෂයෙන් සමේ රෝග බොහෝවිට ඇති වේග පාචනයල දදල කැසීම්ල කුෂ්ටල වණවීම් වැනි ආබාධවලට මුල පිරෙනු ඇතග
මේවාට පිළියම් මොනවාදරෑ
විශේෂයෙන් පිළියම් සොයනවාට වඩා ඉන් මිදීමට අවශ්‍ය ශක්තිය ලබා ගැනීමට උනන්දු වීම වඩා වැදගත්යග රෝගයක් දරා ගැනීමේ ශක්තිය හා එය පලවා හැරීමේ ගුණාංගය වන ප්‍රතිශක්තිකරන හැකියාව අප තුළ තිබීම මෙවැනි අපහසුතා මඟහරවයිග මන්ද යත් මින් පාචනයල සමේ රෝගල කුෂ්ටල දද වැනි ඔබට ඇතිවිය හැකි රෝග ගණනාවකට පිළියම් වන නිසායග ඔබගේ ආහාරපාන විධි සකස් විය යුත්තේ යාවත්කාලීනව පවතින මේ ජීවන රටාවට අනුගතවයිග හොඳින් පිසූ ආහාර වර්ග ලබා ගැනීම වඩාත් සුදුසුයිග ගංවතුර හෝ නායයාම් ආපදා පරිසරයේ ජීවත්වන ඔබ පහසුවට කඩපිල්වලින් ලබා ගන්නා කෙටි ආහාර පාන වලට යොමුවීම කිසිසේත්ම සුදුසු නැතග නිවසේ පිළියෙල කරගත් ආහාර පාන පමණක් පරිභෝජනයට සුදුසුයිග
රෝගවලට ඔරොත්තුදීමේ හැකියාව
ඔබගේ ආහාරවේල සඳහා සත්ත්ව ප්‍රෝටීනයක් එක් කර ගැනීම තුළින් ඇතිවිය හැකි රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කර ගත හැකියිග නිවසේ බත් පිස ගැනීමේ දී ඉතාමත් පිරිසුදුව සාදාගැනීමට උනන්දුවීම ඔබගේ වගකීමයිග මස්ල මාලුල කරවලල හාල්මැස්සන්ල බිත්තර වැනි සත්ත්ව ප්‍රෝටීන් අඩංගු ආහාර වඩාත් සුදුසුයිග පලාවර්ග ගංවතුරින් විනාශ වී අපිරිසුදු වී ඇති නිසා ඉන් බැහැර පෙදෙස්වලින් ලබාගැනීම සුදුසුයිග සලාද වශයෙන් අමුවෙන් ගැනීම දැන් ටික කලකට නතර කර දැමීමට සිදුෙවිග ආහාරය පිණිස පලාවර්ග ගැනීමේ දී පිස ගැනීම වඩාත් සුදුසුයිග ජලය පානය ද ඉතා අත්‍යවශ්‍ය කරුණකිග මේ සඳහා හොඳින් නටවා උණුකර නිවාගත් ජලය පානය කිරීමට සුදුසුයිග
Tap to Mouth කරාමයේ සිට මුවඟට-
ඍජුවම කරාමයෙන් වතුර බීමට ගැනීම මේ කාලවකවානුව කිසිසේත් සුදුසු නැතග විශේෂයෙන් කුඩා දරුවන් හා ගර්භණී මව්වරුන් මහලු පිරිස් සඳහා මේ ඊචන බධ ර්ධභබඩ සුදුස නැතග පාචනය වැනි රෝග වගේම උදරාබාධ රෝග ද ඇතිවීම වලක්වා ගැනීම මෙහි අරමුණයිග
ආහාර පාන ලබාදීම සඳහා වඩා සැලකිලිමත් විය යුතු කාණ්ඩ
දිරවීමට පහසු ආහාර ලබාගැනීම වඩා සුදුසුවන්නේ කුඩා හා වැඩෙන වයසේ දරුවන්ටයිග මහලු අයට හා ගර්භනී කාන්තාවන්ට ද පහසුවෙන් දිරවිය හැකි ආහාර ලබාදීම සුදුසුයිග බත් බෙරිවන්නට දී පිස ගෙන කුඩා දරුවාගේ ආහාරය ලබාදීම සුදුසුයිග වයසක උදවියට ද එසේ පහසු ආහාර රටාවක් කරා යොමු කිරීම තුලින් ඔවුන්ගේ ජීර්ණ ක්‍රියාවලිය පහසු කර ගත හැකියිග අමතරව ඇතිවිය හැකි රෝගාබාධවලින් වැළකී සිටීමට ඒ අනුව හැකිවේග ශීත කළ ආහාර ලබාදීම සුදුසු නැතග උණු උණුවේ පිස ගත් සැනින් ආහාරයට ගැනීම දරුවාගේ හෝ මහලු අයගේ කෑම රුචිය වඩවන ක්රමයකිග එය විස බීජ නසන ක්‍රමයක් ද වේග
මානසිකව බිඳ වැටීම
පශ්චාත් ආපදා තත්ත්වයේදී බොහෝ දෙනා පත් වී සිටින්නේ සිදු වූ විපත තමාට දරා ගැනීමට ඇති නොහැකියාව මත මානසික සිත්තැවුල් වලට පත්වීමයිග එබැවින් ඔවුන් ඔවුන්ගේ ආහාරපාන හෝ සෞඛ්‍ය ගැන එතරම් සැලකිලිමත් නැහැග ආතතියට පත්වීම හේතුකොට ගෙන පෝෂණ අවශ්‍යතාවය මඟහැරෙයිග ඔබ ඔවුන් ගැන සොයන්නෙක් නම් විශේෂයෙන් මානසික කඩා වැටීම හා මේ විපත් හේතුවෙන් අඩපණ ජීවිතයකට යම් සෙවණක් වීමට අවශ්‍යයිග එසේ නම් පළාතේ සෞඛ්‍ය නිලධාරිවරයාටල පවුල් සෞඛ්‍ය නිලධාරිනියට ල ග්‍රාමසේවකට හෝ සමාජ සේවා නිලධාරිවරයාට එවැනි අයව යොමු කර සිටීම වඩා වැදගත් ක්රියාවකිග
පානයට වතුර
නිවසේ ජලය ලබාගන්නේ ළිංවලින් නම් එය භාවිතා නොකිරීමට වග බලා ගතයුතුයි ග අපද්‍රව්‍ය එහි තැන්පත්වීම හේතුකොටගෙන විෂ බීජ එක්රැස් වී ලෙඩ රෝගවලට මුල් පාදාදීමක් වේග එබැවින් බෝතල් වතුර භාවිතාව යහපත් වේග හැකි සෑම විටකම එසේ පිරිපහදු ජලය පානයට සුදුසුයිග පාචනය සෑදීමට ඉඩකඩ වැඩි බැවින් ඔබගේ ආහාරපාන පවිත්‍රව සකසා ගැනීම හා මානසිකව පීඩාවිඳින අය ගැන විශේෂ අවධානයක් යොමුකිරීම වැදගත්යග
මෙම ආපදා තත්ත්වයේදී පහසුවෙන් ආහාර සකසා ගැනීමට ඔබ සතු තිබිය යුතු දෑ පමණකින් සෑහීමකට පත්විය යුතුයග එසේ සකසා ගන්නට හැකි ආහාර වර්ග මෙසේ දැක්විය හැකියිග
- බත් සමඟ එක ව්‍යංජනයක් පෝෂණය සහිතව සකසා ගන්න පුලුවනග ව්‍යංජනයට ඇට වර්ගයක් වුවත් සුදුසුයිග ඔබට ඇත්තේ එක භාජනයක් නම් ඇට වර්ගය හා එළවලු වර්ග කිහිපයක් සමඟ එකට දමා පිළියෙළ කර ආහාරයට ගන්නග
- රොටී සෑදීමේදී පොල් සමඟ එළවලු වර්ග කිහිපයක් හීනියට කපා මුසු කර ඊට බිත්තර එක්කර ආහාරයට ගතහැකියිග
- මඤ්ඤොක්කා තැම්බීමේ දී එළවලු පෙර සේම හීනියට කපා ගම්මිරිස් දමා තෙම්පරාදු කර මඤ්ඤොක්කා මිශ්‍රකර ඊට ලුණු එකතු කරන්නග දැක් ආහාරයට ගත හැකියිග
- කොස් තම්බාගෙන කූණිස්සන්ල කොළ වර්ග ල එළවලු වර්ග හීනියට කපා ලුණු ගම්මිරිස් අවශ්‍යපරිදි දමා රසවත් ලෙස ආහාරයට ගත හැකියිග
- ඉඳි ආප්ප ඔබට ලැබුනේ නමි එළවලු වර්ග දමා බිත්තර එක්කර සාදා ගත් ම්ශ්රණයත් සමඟ කෑමට ගන්නග
- කවුපි තම්බා බ්ත්තර 2ක් ගසා ගම්මිරිස් ලුණු සමඟ තෙම්පරාදු කර ලුණු මිරිස් මිශ්‍රකර ගන්නග රුචියක් ද ඇති වේග
-බ්ත්තර සමඟ එළවලු කපා එකතු කර තෙල් දමා කුරක්කන් පාන් සමඟ ආහාරයට සුදුසුයිග
තාවකාලික ආහාර රුචිය වර්ධනයල මානසික සමබරතාවය යථා තත්ත්වයට පත්කර ගන්නා තුරු එවැකි ඉහත ආහාරවලට යොමුවීම සුදුසුයිග
පහසුවට කියා මාලු පාන් ල පේස්ට්රිල වැනි වමබජන දෙදා වලින් වැළකීම ඔබගේ සෞඛ්‍යට හිතකරයිග සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලද පානීය වතුර බෝතල් ලබාගැනීමට උනන්දුවීම වැදගත්ග
Wmqgd .ekSu