Beauty
කොහොඹ වලින් ලස්සන වෙන්න විශ්මිත දේශීය සත්කාරය
ලස්සන වෙන්න අපි කවුද අකමැති වෙන්නෙ. ඇත්තටම අපි දේශීය ශාකසාර වලින් අපේ සමට කිසිම ආකාරයක අසාත්මිකතාවයකින් තොරව සම පැහැපත් කරන මෙන්ම නිරෝගීමත් කරන දේ කොතරම් තිඛෙනවාද? නමුත් අපි හුගක් දෙනා ඉතා පහසු දේ වන ක්‍රීම් වර්ගවලට යොමු වෙලා තිඛෙනවා. හැබැයි සතියකට හෝ මසකට වරක්වත් ස්වාභාවික සත්කාරයක් කරනවා නම් කෙතරම් දුරට අප ලස්සන වෙනවාද? පිරිසිදු වෙනවාද? පැහැපත් වෙනවාද නිරෝගී වෙනවාද කියන එක ඔබ තවමත් දන්නේ නෑ .
රුව ලස්සන වීම මෑතක සිට වන දෙයක් නොවෙයි. ඈත අතීතයේ සිටම කාන්තාවන් දේශීය ශාක සාර උපයෝගී කරගෙන රුව රැක ගත්තා. ඒ වගේම මෙය පැවත එන්නෙ අපට ආසන්නතම රට වන ඉන්දියාවෙන්. ඉන්දියානු කාන්තාවන් බොහෝ විට කෘත්‍රිම ආලේපනවලට වඩා ස්වභාවික දේවලට මුල් තැනක් දී තිඛෙනවා. ඉන්දියාවේ උතුරේ හා දකුණේ වෙසෙන කාන්තාවන් අනුගමනය, කරන ඉතාම වැදගත් සත්කාරයක් තමා කිසිම වියදමක් නොමැතිව හිස හා ශරීරය පිරිසිදු කිරීම සඳහා කරනු ලබන සත්කාරය. මෙම සත්කාරය නිසා අප ලස්සන වෙනවා. ඒත් මෙම සත්කාරය කළ යුත්තේ අපේ සෞඛ්‍ය තත්ත්වය ගැන සිතීමෙන් පසුවයි. සෙම් රෝග පීනස් රෝග, නොමැති අයෙකු පමණයි මෙම සත්කාරය කළ යුත්තේ. අනෙක තමා මෙම සත්කාරය උදේ වරුවක කරනවා නම් වඩාත් හොඳයි.
විශ්මිත ස්වාභාවික සත්කාරය කරන හැටි
මුලින්ම කොහොඹ කොළ ස්වල්පයක් අරන් හොදින් අඹරා ගන්න.
මෙයට කස්තුරි කහ ස්වල්පයක් හා ගොඩපර නානු සමග එකතු කර හොදින් හිස් කබලෙහි හා ශරීරයේ ආලේප කරන්න.
විනාඩි 20 ක් පමණ වේලාවක් තබන්න.
මේ අතර ඇගිලි තුඩුවලින් හිස් කබල සම්බාහනය කරන්න.
ඉන් අනතුරුව හිස සෝදන්න.
කොහොඹ කොළ පමණක් නොව අතු, ඉති, මල්, ගෙඩි හා පොතු පවා සම පැහැපත් වීමට උපකාරී වෙනවා. කොහොඹ අප රටේ මෙන්ම ඉන්දියාවේද ඉතාම සුලභව හැදෙන ගසක් නිසා මෙම සත්කාරය සාදා ගැනීමට පහසුවෙනවා. කහ එකතු කරගනු ලබනුයේ විෂබීජ නසන දෙයක් හැටියටයි. කස්තුරි කහ නොමැති නම් අමු කහ අඹරා ගත හැකියි.
එහෙනම් ඔබත් දේශීය ස්වාභාවික දේ භාවිතා කර කල් පවතින ප්රතිලාභ හා නිරෝගී දිවියක් හිමි කර ගන්න
(under the courtesy of goodhousekeeping.lk web)