Beauty
කොණ්ඩය රැකගන්න නම් නිවැරැදි හෙයාර් ඩ්‍රයරයක් තෝරාගන්න
ස්වාභාවික කොණ්ඩය වෙනස් කරන්න වගේම තෙත් කොණ්ඩය වියළා ගැනීමටත් හෙයාර් ඩ්‍රයර් එකක් අවශ්‍ය වෙනවා. ඉස්සර ගෘහණියන් මේ සඳහා රූපලාවණ්‍යාගාරයක සහය පැතුවද දැන් ඒ කාලය හෙයාර් ඩ්රයරය නිසා ඉතිරියි. එය හොඳ ප්‍රවණතාවයක් ලෙසයි මා නම් දකින්නෙ.
සෑම කොණ්ඩයකටම ආවේණික වූ ස්වාභාවික හැඩයක් තියනවා. එය වෙනස්කර තමන්ට අවශ්‍ය හැඩය ලබා ගැනීමට තමයි හෙයාර් ඩ්‍රයර් එකක් භාවිත කරන්නෙ. හැබැයි මේ සඳහා හොඳ හෙයාර් ඩ්‍රයර් එකක් අවශ්‍ය වෙනවා.
එහිදී බ්‍රෑන්ඩ් එක නැතිනම් හෙයාර් ඩ්‍රයර් එකේ තත්ත්වය ඉතාමත්ම වැදගත්.
තාක්ෂණික අතින් හොඳ නමක් දිනා ඇති ආයතනයකින් ලබා ගන්නා හෙයාර් ඩ්‍රයර් එකක් දිගු කාලයක් භාවිත කරන්න පුළුවන්. නමුත් නිවෙසකට නම් වොට් ගණන අඩු හෙයාර් ඩ්‍රයරයක් සුදුසුයි.
හෙයාර් ඩ්රයරයක පීඩන කොටස් කීපයක් තිඛෙනවා. ඒවා නොසල් ලෙස හඳුන්වනවා. එම නොසල් හෙයාර් ඩ්‍රයරයෙන් පිටතට වඩාත් විවෘතව තිබේ නම් එමගින් රස්නය (උණුසුම) විහිදී යන ප්‍රමාණය වැඩියි. එවිට කොණ්ඩය වියළීම පමණක් සිදුවන අතර ස්ට්‍රේට් වීමක් සිදු වෙන්නේ නැහැ. හෙයාර් ඩ්‍රයරයේ ඇති නොසල් උල් හැඩයක් ගනී නම් එමඟින් ඉක්මනින්ම ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.
කෙසේ වෙතත් හෙයාර් ඩ්‍රයරයක් පාවිච්චි කිරීමේ දී එහි උණුසුම තබාගත යුතු ආකාරය පිළිබඳ වගේම එය නිසි ලෙස පවත්වා ගැනීමටත් ඔබ සැලකිලිමත් විය යුතුයි. නැත්නම් බොහෝ විට ඔබේ හිසකෙස්වලට හානි සිදුවන්නට ඉඩ තිඛෙනවා.
රාජකාරි බහුලකම නිසා මිනිස් ජීවිතවල හැමදේම ක්ෂණික වී ඇත. කෙස් රොද පිරිමදිමින් කේශ කල්‍යාණයට ආදරය දක්වන්නට අපේ කාලයේ කාන්තාවන්ට වේලාවක් කොහිද?
ස්නානයකර කොණ්ඩය වේළා ගන්නට කාලයක් දීමට තරම්වත් දවසේ වැඩ කටයුතුවලින් ඇයට විරාමයක් ලැඛෙන්නේ නැත.
(under the courtesy of goodhousekeeping.lk web)