Life
කේතු අවුලෙන් ඔබ මුදවන වෛරෝඩි
ජීවත් වීමට අපිට උදවු වන මූලිකම අවයවය මනසයි. ජීවිතය සමබර කරමින් නොයෙකුත් ජයග්‍රහණ සහ සතුටුදායක අවස්ථා දක්වා අපි ක්‍රියාදාමයන් මෙහෙයවන මනස සඳහා උදවු වන අවයවය මොළය කියලා අපිට සරලව හඳුන්වන්න පුළුවන්.
"සෑම මිනිසකුටම කිසියම් වූ උන්මන්තක බවක් පවතී"ය යන්න ව්‍යවහාරයේ පැවත එන කියමනයක්. අද වෛද්‍ය විද්‍යාවත් මෙයම පවසනවා.
මේ කෙසේ වෙතත් අපි ජීවිතයේ කිසියම් වැදගත් තීන්දුවක් හෝ තීරණයක් ගන්නා විටකදී එහෙමත් නැති නම් ව්‍යාපාරිකමය තීරණයක් ගන්නා විටකදී එවන් වූ උන්මන්තක භාවයකින් කටයුතු කළොත් අපිට සිදුවන්නේ මහත් වූ පාඩුවකට, ව්‍යසනයකට මුහුණ පාන්නටයි.
නොයෙකුත් ප්‍රශ්න නිසා මනස අවුල් වෙලා යන අවස්ථා ඔබටත් ඇති. එහෙමත් නැති නම් මුහුණපාලා ඇති. අපිට මේ වගේ අවස්ථාවල කුමන හෝ තීරණයක් ගන්න සිදු වුණොත් අපි කියනව ප්‍රශ්න නිසා මට ඔළුවක් නෑ වගේ කියලා.
කේතු කියලා කියන්නේ ඔන්න ඕකයි. ඔළුවක් නැතිව වැඩ කරන අවස්ථා කේතුගේ බලපෑම නිසා සහ සඳුගේ බලපෑම නිසා සිදුවන බව විද්‍යාත්මක පරීක්ෂණ මඟින් අද තහවුරු වෙමින් පවතින දෙයක්.
මොන දේ කරලත් අපි බලාපොරොත්තු වෙන්නේ මානසික සුවයක්.
ඔන්න අද මම ඔබට කියලා දෙන්න යන්නේ මානසික සුවය ළඟා කරගන්න ඒ තුළ අපේ ජීවිත ජයග්‍රහණය, සෞභාග්‍යය කරා මෙහෙයවන්න පුළුවන් වෛරෝඩි මැණික පිළිබඳවයි.
වෛරෝඩි කියලා කියන්නේ කනක කියන මැණික් කුලයට අයිති මැණික් වර්ගයක්. මෙය හරියට බළලෙකුගෙ ඇසක් වගෙයි. මේ නිසා මෙම මැණික් වර්ගය ඉංගී්රසියෙන් (ජචබ'ඵ ඥරඥ) ලෙස හඳුන්වනවා. මැණික් ගල තුළ රේඛාවක් වයිරමක් සේ එහා මෙහා යන ලක්ෂණය නිසා මෙය වෛරෝඩි ලෙස හඳුන්වනවා. දෘඪතාව 8.5ක් වන මෙම කනක වෛරෝඩි කේතුගේ බලපෑම ඇති අයට පැලඳීම ඉතා සුබයි.
වෛරෝඩියේ වර්ණ සලකා බැලුවොත් පැණි පාට සිට ළා කහපාට දක්වාත් ළා කහ පාට සිට ක්‍රම ක්‍රමයෙන් කොළ වර්ණය සහ තද කොළ වර්ණය දක්වාත් වර්ණයන් අපිට හමුවෙනවා. ඉතින් මෙලෙස වර්ණ සහිත වෛරෝඩි පැලඳීමේදී බුධ ග්‍රහයා සහ ගුරු ග්‍රහයා ගැනද සලකා බැලීමෙන් වර්ණය තෝරා ගන්නවා.
ඒ වගේම මෙහිදී සඳහන් කළ යුතු තවත් දෙයක් තමයි මේ කනක එනම් ක්‍රිසෝබෙරිල් කුලයේ මැණික්වල සමහර අවස්ථාවල කේරා්මියම් කියන සංඝටකය අන්තර්ගත වෙලා තිබෙනවා. මෙසේ කේරා්මියම් අන්තර්ගත කනක මැණික් "පසිංගල්" කියන විශේෂ මැණික් නාමයෙන් අපි හඳුන්වනවා.
මෙම පසිංගල් මැණික්වල වෛරෝඩි ගුණය තිබෙන විට අපි එය කපා ඔපදාන්නෙ වෛරෝඩියක් විදියටයි. එවිට එය පසිංගල් වෛරෝඩි කියලා හඳුන්වනවා.
මේ පසිංගල් වෛරෝඩි කොළ පැහැයට තිබුණත් ටංස්ටන් ආලෝකයේදී රතු පැහැයට හැරෙනවා. පසිංගල් වෛරෝඩි පැලඳීම ව්‍යාපාරිකයන්ට ඉතාමත් සුබයි. පසිංගල් වෛරෝඩි පැලඳීම තුළ තම ව්‍යාපාරික අරමුණු කරා ඉතා සාර්ථකව ළඟාවීමට හැකියාව තිබෙනවා විතරක් නෙවේ ව්‍යාපාරික තීන්දු තීරණ ගැනීමේදීත් ඉතාමත් නිවැරැදිව සහ දැඩි ආත්ම විශ්වාසයක් ඇතිව එම තීරණ ගැනීමේ හැකියාව ඔබට උදා වෙනවා.
වෛරෝඩි පැලඳීම තුළ ඒකාකාර සංවර මනසක් සඳහා අවශ්‍ය විශ්ව ශක්තිය ඔබට ළඟා කර දෙන අතර මානසික නිරවුල්භාවයත් ඔබට ලබාදෙනවා. නොයෙකුත් ප්‍රශ්න කම්කටොලු නිසා දුර්වල වන මනසට ශක්තියක් ලබාදෙන වෛරෝඩි මැණික් සෑම විටම ඔබගේ ජීවිතයට නිවැරැදි නිරවුල් තීරණ ගැනීමට අවශ්‍ය ශක්තියක් ඔබගේ මනසට ලබා දෙනවා.
වෛරෝඩි මැණික් පැලඳීමට පෙර කේන්දර සටහන පරීක්ෂා කර බලා එය ඔබට ගැළපෙනවාදැයි තෝරා බේරාගෙන ගැළපේ නම් එය පැලඳීම තුළ ඉතාමත් සාර්ථක, සෞභාග්‍යවත් ජීවන ගමනක් යෑමට අවශ්‍ය විශ්ව ශක්තිය ඔබට ලබා දෙන බව පැවසිය යුතුම කරුණක්.
පසිංගල් වෛරෝඩි පිළිබඳ සටහන් කළ යුතු තවත් විශේෂ කරුණක් තිබෙනවා.
ඒ තමයි ඔබ ව්‍යාපාරිකයකු නම් පසිංගල් වෛරෝඩි පැලඳීම තුළින් ඔබගේ ව්‍යාපාර ඉතාමත් දියුණු සහ ජයග්‍රාහී මට්ටමකට පවත්වා ගැනීම උදෙසා ඉතා ලෙහෙසි සහ නිරවුල් ගමනක යෙදීමට පසිංගල් වෛරෝඩි ඉතා ප්‍රබල ශක්තියක් සපයන මැණික් වර්ගයක් බවයි.
Wmqgd .ekSu u