Kitchen
කූර තම්පලා සමග වට්ටක්කා සුප්
අවශ්‍ය ද්‍රව්‍ය
කූරතම්පලා - ග්‍රෑම් 300, වට්ටක්කා - ග්‍රෑම් 300
පොල්කිරි අඬු කෝප්ප 2ක් පමණ
කුකුල් මස් - ග්‍රෑම් 50ක් පමණ
තලාගත් ඉඟුරු සුදුලූනු - තේ හැඳි 1
ලොකු ලූනු ගෙඩියක්, එළඟිතෙල් මේස හැඳි 1
කරපිංචා කිනිත්තක්, තක්කාලි ගෙඩියක්
ලුණු රසට අනුව
සාදන ආකාරය
තම්පලා දළුත් සමග ළපටි කොටස් කඩා, සෝදා දිය බේරා ගන්න. වට්ටක්දා පොත්ත සහ ඇට ඉවත් කර සෝදා කුඩාවට කපා ගන්න. දැන් මේ දෙවර්ගයම හොඳින් තම්බා එයට මිටිකිරි එකතුකර බ්ලෙන්ඩර් කර හෝ හැන්දකින් පොඩිකර පසෙකින් තබන්න. කුකුල් මස් ටික ඉතා කුඩා කොටු ලෙස කපාගන්න. දැන් එළඟිතෙල් ළිප තබා රත්වන විට එයට තලාගත් ඉඟුරු, සුදුලූනු දමා රන්වන් පාටට බැදෙන්නට හරින්න. දැන් කුකුල් මස් කැබැලිද දමා තෙලෙන් හොඳින් තැම්බෙන්නට හරින්න. දැන් තක්කාලිද කුඩාවට කපා දමන්න. කරපිංචාද කුඩාවට කපා දමන්න. ලොකු ලූනු ගෙඩියක්ද කුඩාවට කපා දමා එය යන්තමට තෙලෙන් තෙම්පරාදු වනවිට බ්ලෙන්ඩර් කරගත් තම්පලා මිශ්‍රණය දමන්න. ලුණු එකතු කරන්න. උකු ගතිය වැඩිනම් අවශ්‍ය තරමට වතුර එකත කරගෙන මද ගින්දරේ පිස ගන්න.
Wmqgd .ekSu ,la�u mqj;a m; weiqfrks