Beauty
කුරුළෑ වලට ඔබට නිවසේදී කරගත හැකි ප්‍රතිකර්ම
කුරුළෑ ඇති වීම ඇත්තෙන්ම හිසරදයකි. මේ ලිපියෙන් ගෙන එන්නේ කුරුළෑ සුව කරගැනීමට ප්‍රතිකර්ම කීපයකි.
01. මධ්‍යසාර ස්වල්පයක් පුළුන් කැබැල්ලකින් ගෙන එයින් කුරුළෑව ඇති වී ඇති ස්ථානය පිරිසිදු කරන්න. මෙමගින් එම ප්‍රදේශයේ ඇති බැක්ටීරියා විනාශ වේ.
02. පිරිසිදු රෙදි කැබැල්ලක් ගෙන එය උණු වතුරින් පොඟවා ගන්න. පසුව කුරුළෑව මත රෙදි කැබැල්ලෙන් පිරිමදින්න. මෙමඟින් කුරුළෑවේ ඇති විශබීජ සේදී ගොස් සිදුරු හොඳින් විවෘත වේ. එම ස්ථානය වියළී යන බැවින් කුරුළෑව මැරී යයි.
03. බිත්තර සුදු මදය ගෙන කුරුළෑව ඇති ප්‍රදේශයේ තවරා මිනිත්තු 20කින් සෝදා හරින්න.
04. දෙහි යුෂ කුරුළෑව ඇති ප්‍රදේශයේ ආලේප කර මිනිත්තු 10කින් සීතල ජලයෙන් සෝදා හරින්න. එමඟින් ඒ ප්‍රදේශයේ ඇති තෙල් ඉවත් වී සම පිරිසිඳු වේ. එමෙන්ම මේ ප්‍රදේශයේ ඇති බැක්ටීරියා ඉවත් කරවයි.
05. අපිරිසිදු හිසකෙස් බැක්ටීරියාවන් හා පුස් ඇති කරයි. මේ මඟින් කුරුළෑ ඇති කරවයි. දිනපතා ස්නානය කිරීම මෙය වළක්වාලයි.
06. කුරුළෑ ඇල්ලීමෙන් හෝ කැඩීමෙන් වළකින්න. මේ මඟින් එය පැතිරෙනවාට අමතරව ඔබගේ නියපොතු තුළ ඇති බැක්ටීරියා කුරුළෑවට ඇතුල් වීමද සිදු වේ.
07. පිරිසිඳු කිරි වලින් මුහුණ සේදීම මඟින් මැරුණු සම ඉවත් වී සම පිරිසිඳු වේ. මෙමඟින් සිදුරු විවිර වන නිසා කුරුළෑ සුව වීම ඉක්මන් වේ.
(under the courtesy of goodhousekeeping.lk web)