Beauty
කුරුලෑ සුවකරන සුපිරි බෙහෙත්
ගැහැනු පිරිමි භේදයක් නැතිව වද දෙන ගැටලූවක් තමයි කුරුලෑ ඇතිවීම. මූණට විතරක් නෙමෙයි කුරුලෑ කියන්නෙ හිතටත් වදයක්. කුරුලෑ ප්රශ්නය තව දුරටත් වදයක් නොවෙන්න ලෝකයේ භාවිතා කරන සරල පිළියම් මොනවද කියල අපි හොයල බැලූවා. මේ උපදෙස් පිළිපැදීමෙන් ඔබට සහනයක් ලබාගන්න පුළුවන් වේවි.
ග්රීන් ටී
ක්ෂුද්රජීවීන් විනාශ කිරීම සහ ඔවුන්ගේ වර්ධනය සීමා කරවන ගුණයක් ඇති ප්රතිඔක්සිකාරක අඩංගු වන නිසා කුරුලෑ සුව කරවීමට ග්රීන් ටී වලටත් හැකියාව තිබෙනවා. ශීත කරන ලද ග්රීන් ටී වලින් මුහුණ සෝදන්න. එසේත් නැත්නම් කුරුලෑ බහුලව ඇති ප්රදේශයේ ග්රීන් ටී බෑගයක් මද වෙලාවක් තබාගෙන සිටින්න.
මී පැණි
මී පැණිවල බැක්ටීරියා නාශක ගුණයක් තිබෙනවා. මී පැණි ස්වල්පයක් කුරුලෑ ඇති ප්රදේශයේ ආලේප කර මඳ වේලාවකින් සෝදා හරින්න එසේත් නැතිනම් කඩල පිටි හැඳි 4ක් සමග මී පැණි හැඳි 2ක් මුසු කර ආලේපකර මිනිත්තු 30කට පසු මුහුණ පිරිසිදු කරන්න.
e
මිංචි කොළ
සමේ විවරව ඇති කූපයන් වසා දමන්නට මිංචි කොළවලට පුළුවන්. ඒ නිසා සිදුවන්නේ කුරුලෑ ඇතිවීම වැළකීමයි. ඉතාම සිහින්ව කපා ගත් මිංචි කොළ මේස හැඳි දෙකක ප්රමාණයකට යෝගට් සහ කඩල පිටි මේස හැඳි දෙකකට මිශ්ර කර මිනිත්තු 10ක් පමණ මුහුණ මත තබා සෝදා හරින්න.
ලෙමන්
සම පැහැපත් කරවීමේ ගුණය නිසා කුරුලෑ නිසා ඇතිවන කැළැල් මකා දැමීමට ලෙමන්වලට පුළුවන්. ඊට අමතරව කුරුලෑ ඇතිවීම පාලනය කරන්නටත් ලෙමන්වලට හැකියාව තිබෙන්නේ ඒවායේ ඇති විෂබීජ නාශක ගුණය නිසා. පුළුන් කැබැල්ලක් ලෙමන් යුෂ ස්වල්පයකින් පො`ගවා මුහුණේ ආලේප කර මද වෙලාවක් තබා ඇල් ජලයෙන් සෝදා හරින්න
කෝමාරිකා
කුරුලෑ නිසා ඇතිවන වේදනාවට සහ දැවිලි ස්වභාවයට සහනය කෝමාරිකා ම`ගින් ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි විෂබීජ නාශක ගුණයක්ද ඇති නිසා කුරුලෑ ඇතිවීම අඩු කිරීමටත් කොමාරිකාවලට පුළුවන්. කෝමාරිකා ජෙලි එක රැුගෙන මුහුණේ ආලේප කර ඇල් ජලයෙන් සෝදා හැරීමයි ඔබ කළ යුත්තේ.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks