Beauty
කුරුලෑ ඇතිවීම ගැන තරුණ පරපුරට ඇති සුලබ ගැටළු 5ක්
විෂබීජ, හෝමෝන සහ තෙල් යන ප්‍රධාන සාධක තුනක් හේතුවෙන් හටගන්නා කුරුලෑ යෞවනයේ රෝගය ලෙස හැඳින්වෙනවා. විශේෂයෙන් රුව පිළිබඳ විමසිලිමත් වන තරුණ තරුණියන් අසහනයට පත්කරන කුරුලෑ වගේ ම ඉන්නන් ද චර්මගත රෝගයන්. ඒවා නිට්ටාවට සුව කරගත හැකි ද? වෛද්‍ය ප්‍රතිකාර අත්‍යවශ්‍ය ද? හිතුමතේ ප්‍රතිකාරවලට යොමු වීම අහිතකර ද? ආදී වශයෙන් බොහෝ ගැටළු තරුණ පරපුර අතර තිබෙනවා. පහත දැක්වෙන්නේ එවන් සුලබ ගැටළු කිහිපයක්.
මෙම මාතෘකාව යටතේ ලිපි කිහිපයක්ම ඔබ වෙත ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මේ එම ලිපි පෙලේ පළමු කොටසයි.
කුරුලෑවක් ලෙස හැඳින්වෙන්නේ කුමක් ද?
සමෙහි ඇති ස්වේද ග්‍රන්ථිවල වැඩිපුර ස්වේද නිපදවන විට එම ග්රන්ථියෙන් පැන නඟින කෙස් ගස මැරී යනවා. එවිට ග්‍රන්ථි තුළ සිරවන ස්වෙද හා සෛල අවට ඇති සම ආසාදිත තත්ත්වයකට පත් කරනවා. ටික දිනකින් එම ග්‍රන්ථිය සුදු රුධිරාණු හා බැක්ටීරියාවන් ගෙන් පිරුණු සැරව කුහරයක් බවට පත් වෙනවා. කුරුලෑවක් ලෙස හැඳින්වෙන්නේ එවැනි තත්ත්වයක්. මෙම සැරව පිරි කුරුලෑව කඩා මිරිකා නොදැම්මොත් බොහෝ විට ඉබේම පුපුරා ඉවත් වෙනවා. එහි සම ටික දිනකින් යළි ස්වභාවික තත්ත්වයට පත් වෙනවා.
සමහර කුරුලෑ ඉවත් කිරීමට කුඩා සැත්කම් පවා සිදු කරනවා නේද?
ඔව්. එහෙත් කලාතුරකින් සිදුවිය හැකි දෙයක්. සමහර කුරුලෑ සමේ ගැඹුරින් පිහිටනවා. එවිට එය තරමක් විශාල සැරව ගෙඩියක් බවට පත් වෙනවා. කුඩා සැත්කමක් මඟින් කපා ඉවත් කරන්නට සිදු වන්නේ එවැනි කුරුලෑවක් පමණයි. එය කලාතුරකින් ඇතිවිය හැකි තත්ත්වයක් පමණයි.
කුරුලෑ සැදෙන්නේ මුහුණේ පමණ ද?
නෑ කෙනෙකුගේ පිට සහ පපු ප්‍රදේශයේ පවා කුරුලෑ ඇතිවිය හැකියි. සමහර අයගේ පිටෙහි සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල සිදුරු සහිත ස්වේද ග්‍රන්ථි පිහිටා තිබෙනවා. ඒවා පහසුවෙන් ආසාදනයට ලක් විය හැකියි. පිට ප්‍රදේශය තමන්ට පහසුවෙන් සබන් යොදා පිරිසුදු කර ගැනීමට ඇති අපහසුතාව එවැනි කුරුලෑ ඇතිවීමට ප්‍රධාන හේතුවක්. අපිරිසිදු ප්‍රදේශවල විෂබීජ වර්ධනය වීම ඊට බලපානවා. මේ නිසා ස්නානය කරන අවස්ථාවන්හි තව කෙනකු ගේ උදවුවෙන් පිට ප්‍රදේශය හොඳින් පිරිසුදු කර ගැනීම වඩාත් යෝග්‍යයි.
කුරුලෑ මිරිකා හැරීමෙන් තව තවත් වර්ධනය වනවා කියන කතාව ඇත්ත ද?
සමහර කුරුලෑ වේදනාකාරීයි. ඒ වගේම අවලස්සනයි. එහෙත්, වේදනාකාරී හෝ අවලස්සන හෝ වූ පමණින් කුරුලෑවක් මිරිකීම නුවණට හුරු නෑ. ඇඟිලි සහ නිය මත ඇති විෂබීජ (බැක්ටීරියා) මඟින් ආසාදනය වැඩි විය හැකියි. එසේ වුවද කුරුලෑවක් සැරවවලින් පිරී, පිපිරීමට ආසන්නව තිබේනම්, හොඳින් සබන් දමා අත් පිරිසිදු කර එක්වරක් පමණක් සාමාන්‍ය ප්‍රමාණයට මිරිකා, එළියට එන සැරව පිරිසුදු පුළුන් හෝ කපු රෙදි කැබැල්ලක් මඟින් ඉවත් කිරීම වරදක් නොවේ.
කුරුලෑ බෝවනවා ද?
කුරුලෑවක තිබෙන්නේ
(under the courtesy of goodhousekeeping.lk web)